ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් දිවයිනට පැමිණි ජෝන් කෙරී මහතාව පිළිගත්තේය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කැළණි පන්සලට ගොස් ආගමික වතාවත්වල නිරත වීමට ද සැලසුම් කර ඇති අතර ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ආයතනයේ දී කෙරී මහතා විසින් දේශනයක් ද පවත්වනු ඇත.
එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොළඹ නව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද මෙම සංචාරයේදී සිදු කිරීමට නියමිත අතර ඒ මහතා හෙට දහවල් දිවයිනෙන් පිටව යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදී මෙතුමා දෙමල සන්ධානය හමුවෙන්න බැහැ කිව්වා. දැන් කොහොමහරි කැමති කරගත්තා. රට ගැන නොහිතා අන්ධයෝ වගේ කතාකරන උදවිය හෙට මේ හමුවීමෙන් පසු ලැබෙන ඉල්ලීම් හා ප්‍රතිචාර දෙස බලන්න. බඩ ගැන නොව රට ගැන හිතන්න. අද ගැන නොව හෙට ගැනත් හිතන්න. (නි)
ඔබගේ පැමිණීම ශ්‍රී ලංකාවේ අපිට ලොකු ආඩම්බරයක්. ආයුබෝවන් ජෝන් කෙරී මහතාණෙනි. අපේ සුබ පැතුම් (නි)