
(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යාමට පැමිණි තිදෙනකු ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම සෝලම, මීරගහවත්ත වැලිමඩ, උඩුව, මහනුවර යන ප්‍රදේශවල 29, 38 සහ 41 වියේ පසුවන තිදෙනෙකි.
ඓතිහාසික ජේතවනාරාම දාගැබ ආරක්ෂාවට පවතින සලපතල මළුවේ පිහිටුවා ඇති අකුණු සන්නායකය සොරා ගැනීමට පැමිණි තිදෙනා ඒ සොරකම් කිරීමට ප්‍රථමයෙන් ජංගම දුරකථන මගින් මෙම අකුණු සන්නායකයේ ඡායාරූප ලබා ගෙන ඇති බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් උඩමළුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (2) උදෑසන සිට සිදු කළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් එදින පස්වරු 3.15ට පමණ සලපතල මළුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම අකුණු සන්නායකය ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර රාත්‍රියේදී සොරා ගැනීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සදහන් කළේය.
අත්අඩංගුවට ගැනුණ සැකකරුවන්ගේ ජංගම දුරකථන පරික්ෂාවේදී මොවුන් විසින් මීට පෙර සිදු කරන ලද නිදන් වස්තු සොරා ගැනීම පිළිබඳව තොරතුරු රැසක් ද අනාවරණය වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකය උස්සන්න හදලා
Bamunuarachchi Monday, 03 June 2024 11:36 PM
අකුණු ගගහ වහින දවසක සන්නායකයට තියලා බඳිමු. රජයේ සේවකයො හොරු, ජනතාව කුඩු කාරයෝ, හොරු මංකොල්ල කාරයෝ, පාතාලයෝ, මාල කඩන එවුන්. මුන්ව තියාගෙන 225 වෙනස් කලාට රට හදන්න බැහැ.