‘අපි ජාත්‍යන්තරය තරහ කර ගත්තේ නෑ. ඉන්දියා අගමැති ලංකාවට ආවා. තවත් අය ආවා. ඇමෙරිකා ජනාධිපති බරක් ඕබාමාත් වසරේ අන්තිම ලංකාවට එන්න පොරොන්දු වෙලා තිබෙනවා. ‘ යැයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
‘අද තියෙන විපක්ෂය ප්‍රතික්ෂේප වූ විපක්ෂයක්. ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ විශ්වාස භංගයක් ගේන්න. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව පෙන්නුව විශ්වාසය තියෙන්නේ කාටද කියා. මහින්ද රාජපක්ෂ, ඔහුගේ ආණ්ඩුව සහ ඔහුගේ ප්‍රතිපත්ති ජනතාව පැහැදිලිව ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරණය අවසන් වූ ගමන් මහ මැතිවරණයක් තිබ්බා නම් විපක්ෂයට මන්ත්‍රීධුර 60කට වඩා එන්නේ නෑ. ‘
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ඉසංක සුනිමල්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල ඔබාමට විරුද්ධව මෙහෙත් ව්‍යාපාරයක් තිබුනා නේද? ඒ කාලේ ඔබාමාට විරුද්ධව බස් හෝල්ට් වල ලියපුවා තවම මකලා නැහැනේ. ඔබාමා එන්න කලින්වත් මකලා දැම්මොත් මොකද? නැත්නම් ඕවා ඇමරිකාවේ පත්තරේකවත් යන්න බැරි නැහැ. (නි)
ඇමෙරිකාව එන්නේ රටට උදව් කරන්න කියලා හිතන්න තරම් අපි මෝඩවෙන්න ඕනෑ නැහැ. අපිට යූ.එන්.ඒ. ආරක්ෂක මණ්ඩලයේදී උදව් කරන්නේ චිනයයි රුසියාවයි මිසක් ඇමෙරිකාව නොවේ. (නි)
ඔබාමා යනු අවස්ථාවාදියෙක් ලෙසයි මම දකින්නේ. ඔහු මියන්මාරයට ආවඩනවා. මොන හියුමන් රෙකෝඩ් එකක්ද ඒ රටේ තියෙන්නේ? නිකන් අපිට පහුගිය කාලේ පිම්බුවා. (නි)
සමහරු හිතාගෙන ඉන්නේ ලංකාව පිහිටා තිබෙන්නේ තනිවූ ග්‍රහ ලෝකයක කියලයි. (නි)
රටක ආර්ථිකය ගොඩනැගෙන්නේ එරට නිෂ්පාදනයන් වෙනත් රටවලට යවන්න ඉඩ ලැබෙනවානම් තමයි මෙයට හොඳම තෝතැන්න තමයි ඇමෙරිකාව ..කරුමයකට ඇමරිකානු වෙළෙදපොල ලංකාවට දොර වැහිලා ......උදාහරණයක් ලෙස මෙහි තිබෙනවා කොස්ට්කෝ කියා ව්‍යාප්ත වුනු අති දැවැන්ත වෙළද ව්‍යාපාරයක් එහි මුළු ලෝකයේම පවතින නිෂ්පාදනයන් අලෙවි වන්නේ පුදුමාකාර ලෙසටයි ...ඉතින් අපේ රටේ දේශීය එක නිෂ්පාදනයක් හෝ මෙම වෙළදපොල ආක්‍රමණය කළොත් අපේ රටේ ආර්ථිකයට වාසියක්ද ? අවාසියක්ද ?මම එහි පොල්තෙල් බෝතල් තිබෙනවා දැකලා ආසාවෙන් අතට ගත්තා ලංකාවෙන් වෙන්න අැති කියලා ...නමුත් එහි තිබුනේ මේඩ් ඉන් පිලිපීන් කියලා .... අංක එකේ පොල්තෙල් තිබෙන පොල් කර්මාන්තයේ ප්‍රධාන රටක් වන අපේ රටට මෙවන් වෙළදපොලක් දිනාගන්න බැරිවීම අපි ලද අභාග්‍යයක් බව මෙරටට බැන බැන කොමන්ට් දමන ඔබලා කල්පනා නොකරන්නේ මන්ද ? (බ)
දාල තිබෙන අදහස් වලට අනුව, ඔබාමා එනවට දැන්මම දෙකට නැවීගෙන ඉන්න කට්ටියක් ඉන්න බව පෙනෙනවා. (නදී)
ඇමරිකාව කොටින්ගේ යුධ නැවි විනාශ කරන්න ඔත්තු දුන්න තමයි. හැබැයි ඔවුන් අපව යුධ අපරාධ වලට වැරදි කරුවන් කරන්න දඟ කවනවා. හැබැයි ඇමරිකාව මේවගේම තත්වයක සිටින ඊශ්‍රායලය වෙත ඇති යුධ අපරාධ චෝදනා අහෝසි කරන්න මාන බලනවා.(නදී)
එදා නොහිටිය යහළුවෝ අද මොකටද? එයා ආවා / නාව කියලා අපිටනම් කිසිම සිතලක්වත් - රස්නයක්වත් නැහැ. (ම)
එකියන්නේ ඔබතුමාම පිලිගන්නවා ජනවාරි 8 සිට අද දක්වා බැලුවම පිරිහීමක් තියෙනවා කියල? ඒ කියන්නේ විශ්වාසභංග වීමක් නොවේද? (ම)
එහෙමද අප්පේ , මාර සතුටුයි , ඔබාමා අවම අපේ ඔකොම ප්‍රශ්න විසදෙනවද ? (ම)
සමහර අයගේ ඇස් වල කටු ඇනෙනවා වගේ ඇති ජනපති ඔබාමාගේ ශ්‍රී ලංකා සංචාරය. ඒ මොකෝ අපේ රටේ හැම "හොඳ, වටිනා, වැදගත්" දෙයක් තියෙනවා නම් ඒක කරේ "කුරහන් සාටක අඳින ඒගොල්ලෝ " නේ. (ම)
ජයවේවා... ශ්‍රී ලංකාව සිටිය යුත්තේ ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව වැනි දියුනු ප්‍රජාතන්ත්‍රවාදී බලවතුන් සමග මිස චීනය, රුසියාව වැනි ඒකාධිපති රාජ්‍යන් සමග නොවේ...(ම)
දැන් මෙතැන මෝඩ විදිහට ඇමරිකාවට බනින අය ඉදීවි.. හැබැයි ඕනෑම කෙනෙකුට වීසා දෙනවා කිව්වොත් ලංකාවේ ලොකුම පෝලිම හැදෙන්නේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය නානාපති කාර්යාල ළඟ..(ම)
අපේ සිංහලයෝ නොදන්නා එකම දෙය දේහපාලනය .පිස්සු හා විහිලු කතා කියනවා .ඇමරිකාවට අවශ්‍ය රනිල් ට හෝ රටට මුකුත් කරලා යන්න නොව දෙමල සන්ධානය උතුර අරන් දෙන්න .(ම)
නන්දලාල් කාගෙවත් කුණු කන්දල් වලට අත දාන්න එපා , (ම)
ඉතින් ඔබාමා ඉන්නේ කාලේ අවසාන වෙලා ගෙදර යන ගමන් නේ. ඇවිත් ඔහේ යාවි, ඒත් ඉතින් මෙහෙ වගේ තුන්සැරයක් ඉල්ලන්න පුළුවන් කියාවිද දන්නේ නැහැ එයත්.? (ර)
ඕනෑ කෙනෙකුට පුළුවන්නේ මාධ්‍ය සාකච්ඡා තියන්න. (නි)
කවුද මේ ගොල්ලන්ට කලින් එන්න එපා කියුවේ.? තරහ වෙන්න දෙයක් අපේ රටෙන් වුනේ නැහැනේ.? (ර)
ඇමරිකාව, යුරෝපය, ඉන්දියාවත් යැපෙන්නේ චිනේ ණය වලින් , එතකොට මොන රටද බලවත්.? (ර)
නුවන්, ඔයාට වැරදිලා. මිනිස්සු ඒ රටවල් වලට යන්නේ රැකියාවක් කරලා වැඩි මුදලක් හොයාගන්න මිසක් තමන් ඉපදුන රට පාවල දෙන්න වත් රටට ආදරේ නැති කමට නෙමේ. එහම කරන අයත් ඉන්නවා... (ර)
ඇමෙරිකාව, යුරෝපය කියන්නේ අපේ නිෂ්පාදන අලෙවි කරන සංචාරක ව්‍යාපාරය මගින් විශාල වශයෙන් විදේශ විනිමය අපේ රටට ඇදී එන රටවල් ඒවා තරහ කරගෙන අපේ රට දියුණු කිරීම අපහසුයි, චීනයේ , ඉන්දියාවේ , රුසියාවෙන් අපි භාණ්ඩ සහ සේවා ලබාගැනීමට පුරුදු වෙලා ඉන්න නිසා අපේ විදේශ විනිමය ඔවුන්ට ඇදී යනවා . ඔවුන් අපේ සංවර්ධන ව්‍යාපෘති වලට මුදල් දුන්න එක ඇත්ත නමුත් අපි ඒවාට පොලි ගෙවන්න ඕනේ , චීනය , රුසියාව , සහ ඉන්දියාව සමගත් අපේ සම්බන්ධ කම් තබාගත යුතුය නමුත් අපිට ඒවා මතම යැපෙන්න බැහැ. (ර)
සේන, කොටි ඉස්සෙල්ලාම තහනම් කරපු බටහිර රට ඇමරිකාව කියලා මතක නැත්ද? මේවා ඉල ඇදෙන විහිලු... රැස්වීම්වල අහගත්ත කථා මෙතැන ඇවිත් කියනවා. (ර)
ජාත්‍යන්තරය පමණක්ම මදි ජනතාවත් ඔබලා සමග සිටිය යුතුයි රට පාලනය කිරීමට නම්. (ර)
තිත්ත ඇත්ත නම්, අපේ අදායමෙන් වැඩි ප්‍රතිශතයක් ලැබෙන්නේ ඇමෙරිකාව සහ යුරෝපීය රට වලට කරන අපනයන වලින්. බොහෝ දෙනෙක් නොදන්නවා වියහැකි. අපිට අවශ්‍ය වන්නේ සාදාරන ලෙස කාටවත් බාල්දු නොවී අපේ හැකියාවෙන් හරි හම්බ කරගෙන අපේ දෙපින් නැගීසිටීමටයි. අපේ දෙශපාලකයෙන් කලයුතු වන්නේ එවැනි තත්වයක් ඇතිකිරීමට කටයුතු කිරීමයි. (ර)
අපිට මටකයි ඇමෙරිකාව අපිට කිසිම උදවූවක් කරේ නැනේ යුධ්ධේදී. (ර)
යුද්ද කාලේ ඔය යාලුඉවෝ නේද කිව්වේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියල (ම)
හැමදාම යුද්ධය ගැනම කතා කරමින් යුධ මානසිකත්වයකම සිටින්නේ නැතුව ජාතින් අතර සහ ජීවනයක් ඇති කර රටේ සියලු දෙනාටම එක එක දේශපාලකයන් පසු පස නොයා තමන්ගේ ශක්තියෙන් රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන් ජිවත් විය හැකි පරිසරයක් රටේ ස්ථාපිත කරගත යුතුය, දැනට මට පෙනෙන විදිහට රටට තිබෙන ලොකුම ප්‍රශ්නය අල්ලස , වංචාව සහ දුසහනය වේ , මෙය කෙසේ හෝ සියලු දෙනාම එකතුවී මෙය ජයගත් යුතුය. (ර)
තිලක්, කොටි යුදමය වසයෙන් පරාජය කිරීම නිසා . ලංකාවට යුද අපරාද චෝදනා ගෙනෙන්නේ ඇමරිකාව. (ර)
කොටි ඉස්සෙල්ලාම තහනම් කරපු බටහිර රට ඇමරිකාව කියලා මතක නැත්ද? (ර)
රුසියාව , චීනය ඒකාධිපති රටවල් කියල කියන්නේ කොහොමද ? 8 පාස් නැති අයත් දැන් අන්තර්ජාලය පාවිච්චි කරනවනේ . කිසිම දෙයක් දන්නේ නැතුව ඔහේ කියවනවා. අපිට ඇමෙරිකාව සමග ගැටුමක් නෑ . එත් අපිට බටහිර හැම දෙයක් සමගම එකඟ වීමට බෑ . අපි තවදුරටත් කොලනි නෙමෙයි . චීනය, රුසියාව ආසියාවේ රටවල්. ඒවා ඉදිරියට එන ලෝක බලවතුන් . තවදුරටත් ඇමෙරිකාව තනි ලෝක බලවතා නොවේ . අප සෑම රටක් සමගම හොඳ සම්බන්ධතා පවත්වා ගත යුතුයි. (ර)
නඩේටම තියෙනේ අැමරිකන් උණක්. (නදී)
නාමල්, මහා කොටිය මැරෙන්න යනකොට බේරගන්න හැදුව රට ඇමරිකාව කියල මතක නැද්ද (නදී)
ශමන්ත මම හිතන්නේ දැන් එ්ක වෙනස් වෙලා (නදී)
සංචාරක ව්‍යාපාරේ අවුරුදු කීපයේ වැඩිම වර්ධනය කොහෙන්ද තියෙන්නේ කියල පොඩ්ඩක් බලන්න සිල්වා මහත්තයෝ. අතීතේ දිහා නෙමේ අනාගතේ දිහා බලලා තීරණ ගන්න ඕනේ වෙලාවක් . අපි මොනාද ඇමරිකාවට අපනයන කරන්නේ. ලාබ කම්කරු ශ්‍රමය වැය වන භාණ්ඩ. එකද අපි ඉස්සහර අවුරුදු 10 - 15 කරන්නත් හිතා ගෙන ඉන්නේ.? අපිට වටිනාකම එකතු කල භාණ්ඩ අපනයන කරන්න ඔය කියන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දීලා තියන උදව්ව මොකක්ද.? (ර)
ඒ අය ඇවිත් මොනවද කලේ? අඩුම තරමේ බෝක්කුවක් හදන්නවත් මුල්ගලක් තිබ්බද? පඹයෝ ලංකාවට ඕනේ නැහැ. අපිට ඕනේ අපේ රට සංවර්ධනයට සහය දෙන, ආයෝජනය කරන රටවල්. (ර)
ධර්ම මහත්තයා ලංකාවේද ඉන්නේ? රනිල් අගමැති වෙලා ඉන්න කාලේ ඇමරිකන් යුධ නැව් 2ක් ලංකාවට ගෙනාවා. තාමත් ලංකාවට තියෙන යොඳම යුධ නැව් 2 ඒවා. ඕනේ නම් හොයල බලන්න. ඒ වගේම යුද්ධයේ අවසන් සමයේ ඔවුන්ගේ චන්ද්‍රිකා දුරකතන(satellite phone data) අපිට දුන්නා. ප්‍රභාකරන් ලංකාවේ හිර වෙලා ඉන්න බවත්, සංඥා එන ප්‍රදේශයත් ආසන්න නිවරද්‍යතාවයකින් තොරතුරු ලැබුනා. අවසන් යුධ සමයේ කේ. පී ගේ ගෝලයෙක් ඇමරිකන් මිසයිල මිලදී ගන්න යනකොට F. B. I. එකෙන් ඔවුන්ව අල්ලාගත් බව ඔබ දන්නේ නෑ කියන්න.(නදී)
මන් අහනවා ඔබාමා ලංකාවට එනකොට රජය කියක් විතර වියදම් කරයිද.? (ර)
අනේ මෙහෙම මෝඩ රැලක්. හිතන් ඉන්නේ ඇමෙරිකාව උදව් කරාවි කියලා. කට අැර ගෙන බලාගෙන ඉන්න රට බෙදල දෙන්න තමයි ඔය ලං වෙන්නේ. රට නිදහස් කල නායකයින්ව විනාශ කරන එකත් ඒ අය කරනවා මොකද එයාලගේ ඒජන්තයෝ කොන්ත්‍රාත් එක බාර ගෙන ඉන්නේ.ලැජ්ජයි. (නදී)
නාමල් ඔබ හරියටම හරි, එරික් සෝල්හයිම්, බරක් ඔබාමා වගේ අය අපිට ගොඩාක් ආදරෙයි. එයාලට කිරිත් එරෙනවාලු අපේ රට ගැන හිතනකොට. ආදරේ එතරම්ම උතුරා යනවලු. අනේ මේ දෙයියලා අපේ රටට ඉක්මනට එන්නේ කවදාද නේද නාමල් මල්ලියේ. (නදී)
මේ, ඔබාමා එන්නේ ඇයි දන්නේ නැහැ (නදී)
ඔබාමා ලිබියාවටත් ගියා, සිරියාවටත් ගියා, යුක්රේනයටත් ගියා. ඔබාමාගේ සීයල වියට්නාමයටත් හිරෝශිමවටත් ගියානේ. අගෙයි ! ජයවේවා! (නදී)
ඇමෙරිකාවේ ජනාධිපති මැතිවරණය එන දෙසැම්බර් මාසයේ පැවැත්වෙනවා..නව ජනාධිපතිවරයා වැඩ බර ගන්නේ ජනවාරි 1 දා.තනතුරෙන් ඉවත්ව යන ජනාධිපති වරයෙක් ගේ පැමිණීම අපරටට ප්‍රයෝජනයක් නැහැ කියලයි මට සිතෙන්නේ. (ර)
මට නම් සන්තෝසේ වැඩි කමට බෙල්ලත් රිදෙනවා. අපිට කිරි ඉතිරෙයි නේද ඔබාමා ආවම. (බ)
ෂා නියමයිනේ! (නි)
ජාත්‍යන්තරය අප සමඟ සිටිනවා නම් අපිට මීටවැඩිය ගොඩක් දියණූවෙන්න පුලුවන් (නි)
ජාත්‍යන්තරය කියන්නේ බටහිර රටවල් විතරයි කියලා කියන්න නම් ඕනෑ කෙනෙකුට පුළුවන්. බටහිර රටවල් තරහකර නොගෙනම හිටියා නම් ඔවුන්ගේම උපදෙස් පරිදි අදත් උතුරේ හොඳ හොඳ ෂෝ බලන්න පුලුවන් වෙයි (නි)
විජයබාහුගේ බෙල්ල රිදෙන්නේ මෙතන එක එක නමින් අදහස් දාලම වෙන්න ඇති. ඇයි දන්නෙම නැද්ද, කලින් හිටිය අය ඇමරිකන් පුරවැසියෝ කියලා.පාලකයෝ දන්නවා රට කරන්න ඕනෑ විදිය. ඔහේ කලබල වෙන්න එපා (නි)
වසර අගනේ එන්නේ.... අපි බලමුකෝ... (නි)
ඔහොම යමු ඔහොම යමු....අනේ ඉතින් ලංකාවට....යහපාලනයේ සරණයි! (නි)
බරක් ඔබාමා එනවා කියලා හොඳටම විශ්වාසද? (නි)
වෙන රටවලට ඇඟිලි ගහලා, ආණ්ඩු හොඳින් හෝ නරකින් වෙනස් කරලා ජයපැන් බොන්න එන අය අපි කරේ තබාගෙන පිළිගන්නවා. සිරියාව, ලිබියාව, ඉරාකය දිහා බල්නන මිනිසුනේ! (නි)
හොඳට ජාත්‍යන්තරය අල්ලලා තියාගන්නකෝ එහෙනම් (නි)
ඔව් මෙතන පුවත් තීරයේ කවුද අලුත් සෙල්ලමක් පටන් අරගෙන. අපි කිහිප දෙනෙකුගේ නමින් ප්‍රතිචාර ලියලා. තව තුන් දෙනෙක් ලියලා තිබුනා අද දවසේ ඔය ගැන කියලා. මම ඔය උදේ ඉඳලා මෙතන එල්ලිලා ලියන කෙනෙක් නෙමෙයි. මෙහෙම වුණාම අපිවත් මෙතන කුලියට ලියන කට්ටියගේ ගොඩට වැටෙනවා. ඒ නිසා කවුරු වුණත් ඔය කැත වැඩේ නවත්වන්න. (නි)