ජාතියේ දරුවන් විනයගරුක යහපත් පුරවැසියන් බවට පත්කිරීමට ජාතික ශිෂ්‍යභට බලකාය මහත් දායකත්වයක් සපයන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී.කිත්රිසි මහතා පවසයි. මෙමගින් දරුවන්ගේ දැනුම, ආකල්ප, හැකියාවන් හා විනය වර්ධනය කරන බවත් අනාගත ලෝකයට වැඩදායක සිසු පරපුරක් බිහිකිරීමට විශාල දායකත්වයක් සැපයූ ශිෂ්‍යභට ව්‍යාපාරය පාසල් දරුවන් අතර වඩාත් ප්‍රචලිත කිරීමට ඉදිරියේ දී කටයුතු කරණ බවත් ජාතික ශිෂ්‍යභට මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් හෙතෙම කීය.
ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් එල්.ඩබ්.සී.බී.බී.රාජගුරු මහතා බලකායේ ක්‍රියාකාරිත්වය ගැන කරුණු පැහැදිලි කළේය. බලකායේ නිලධාරීන්, ශීෂ්‍යභට බාලක බාලිකාවන්, සිවිල් සේවකයින් සම්බන්ධයෙන් පවතින ගැටලු හා විසඳුම් ද සාකච්ඡා කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් වල වැඩි වශයෙන් දරුවන් යොමු කිරීමේ වැඩ පිළිවෙලක් උවමනයි. ඒ සදහා විදුහල්පති වරුන්ගේ , ගුරු මණ්ඩලයේ සහ විශේෂයෙන් දෙමුපියන්ගේ සහයෝගය උවමනාව කැමැත්ත තිබිය යුතු වෙනවා..මෙහි හරය වටහා ගත අය අනිවාර්යෙන් දන්නවා වටිනාකම.(හේ)
එතකොට මුලින් පත්කරපු බස්නායක මහතා නෙවෙයිද දැන් ලේකම්?(හේ)
නිමල්, බී.එම්.යූ.ඩී. බස්නායක මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. ඒ.පී.ජී. කිත්සිරි මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්.(කේ)