ව්‍යාජ ගුවන් ගමන් බලපත් සහ වීසා භාවිතා කරමින් මෙරටට පැමිණි විදේශීය ජාතිකයෝ තිදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මව(50), දියණිය (24) පෙම්වතා (27) ලෙස තමන් හදුන්වා දී ඇති මෙම විදේශීය ජාතිකයෝ තිදෙනා තමන් කුමන රටක පුරවැසියන්ද යන්න සගවා ඇති බව පොලීසිය කියයි.
මොවුන් තිදෙනා පසුගිය 25 වෙනිදා මලයාසියාවේ සිට මෙරටට පැමිණ මීගමුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
පසුව ඔවුහු පෙරේදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 568 දරණ ගුවන් යානයෙන් ලංඩන් බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් විසින් මොවුන්ගේ ලිය කියවිලි පරීක්ෂා කිරීමේදී ඔවුන් අත වු ගුවන් ගමන් බලපත් හා වීසා ව්‍යාජ බව දැන ප්‍රශ්ණ කිරීමේන් අනතුරුව තිදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
මොවුන් කවර රටක පුරවැසියන් දැයි යන්න අනාවරණය කර ගැනීම සදහා ප්‍රශ්ණ කර ඇතත් ඔවුන් තම තොරතුරු වසන් කරමින් සිටින බව වාර්ථා වෙයි.
මේ පිළිබඳ කරන ලද මුලික පරීක්ෂණ වලින් අනතුරුව තිදෙනාව මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කතා කරවන්න පුළුවන් අය අපේ හමුදාවල පමණක් නොවෙයි පිටත් ඉන්නවා.කොහොම කොහොම හරි අන්තිමට මෙ අයත් සිංහල රටේම පදිංචි වේවිද?(හේ)
ඇයි, දැන් යහපාලනය ඇතිවෙලාද?, කොහෙද ඒක තියෙන්නේ?(බ)
රටට ඕනේ කෙනෙක්ට එන්න පුළුවන් ද එ් කියන්නේ? ඇවිල්ලා යද්දීද අල්ලන්නේ? අනේ හැබැටම මෙහෙමත් රටක නේ අපි රට වෙනුවෙන් යුද්ධ කරේ?(හේ)
කවුද දන්නේ තුන් දෙනාම ගොළුවෝ ද කියලා. (හේ)
ගොළු නිසයි කතා නොකරේ. දැන් යහපාලනයක් නිසා ,කාටවත් කරදර හිරිහැර නොකරන නිසයි අපි ලංකාවට අවේ.(හේ)
කොහොමද ලංකාවට එන්න වීසා ගත්තේ, (ම)
බණ්ඩාර මහත්තයෝ! යහපාලනය කියන්නේ හොරුන්ට සිතුසේ හොරකම් කරන්න හෝ තක්කඩි කම් කරන්න ඉඩ දෙනවා කියන එක නොවෙයි. එහෙමෙ හොරකම් කරපු පිරිසක් එළවපු ඓතිහාසික ක්‍රියා දාමයට තමයි යහපාලනය කියන්නේ. (බ)
පොලීසියට වෙලා ඇත්තේ විදේශිකයන් නිසා දෙකක් ඇනලා අහන ක්‍රමය පාවිච්චි කරන්න බැහැනේ. ලාංකිකයන්නම් මේ අය අහ ගනී.(ම)
මූණු පෙන්නන්න මම කියන්නම් මොන ජාතිකයෝද කියලා (ම)
අපේ ලංකාවේ පොලිසියට මෙයාලව කතාකරවන්න බැරිනම් ලෝකේ කාටවත් කතාකරවන්න බැරි වේවි.(හේ)