ඉංග්‍රීසීන් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබූ විරුවන් ජාතික වීරයින් ලෙස නම්කිරීම සඳහා රජයට අවශ්‍ය නිර්දේශ ලබාදීමට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පත් කර ඇති මෙම කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශ්‍රාමලත් මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය පත්කර සිටී.
1818 කන්ද උඩරට නිදහස් සටනට හා 1848 ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් මෙම විරුවන් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇත.
මහාචාර්ය කේ.එන්. ඕ.ධර්මදාස, කැළණිය විශ්ව විද්‍යාලයේ පූරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, රජයේ ලේඛණාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඞී.විමලරත්න හා ආචාර්ය ප්‍රදීප් වීරසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඕවට රැවටෙන්නේ නැත . රට විනාශ කරන අර්ජුන මහේන්ද්රන්ලට විගනේශ්වර්න්ලට විරුධව කටක් අරින්න බැරි ඔබතුමාලා ගෙන් අපිට වැඩක් නැත , අඩුම තරමේ අරන් රන්ජන් ජනතාවට කරන වැඩවලින් 10% වත් උගත් බුධිමත් ඔබට කිරීමට නොහැකි වී ඇත .(බ)
ඔය එක්කම රටේ ඉතිහාසය ගැනත් හොයලා බැලුවොත් නරකද? අද වෙනකොට අපි අධ්‍යයනය කරන්නේ සුද්දෝ සහ ඉන්දියානු බමුණෝ ලියපු ඉතිහාසය. ඒ ඉතිහාසය අපේ සැබෑ ඉතිහාසය යටකර ලියපු එකක්. මේ ගැන පුළුල් අධ්‍යයනයක් කර ගවේෂණාත්මක ඉතිහාසයක් නැවත ස්ථාපිත කෙරුවොත් ජනතාව තුළ මීටවඩා පිබිදීමක් ගොඩ නැඟෙනු ඇත.
මහින්ද සරත් ෆොන්සේකට කළදේත් මෙයට ඇතුළත්ද (නි)
අද රටේ තියෙන සැබෑ ගැටලුව මේකද? ඇයි මේ මිනිස්සු තවත් රවට්ටන්න හදනවද....? නැත්නම් මෙයාලගෙ අමාත්‍යාංශයේ කරන්න වෙනත් වැඩ නැතුවද..? (නි)
අනේ ලොකු දෙයක් ඔය කමිටුවට කිසිම දේශපාලකයෙක් නොසිටීම. එහෙම වුණා නම් අපේ රට, දැය, සමය වෙනුවෙන් ඉතා අවංකව ඉමහත් කැපවීමක් සිදු කළ ජාතික වීරයන්ට කරන ලොකු අවමානයක් වෙන්න තිබුණා. (නි)
අපේ විමල් වීරවංශ මහත්තයත් නම් කරන්න (නි)
මේ වැඩේ අතීතයේ හිටපු ජාතික වීරයින් ගැන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අද නම් විහින් පත්වුණු ජාතික වීරයෝ ටොන් ගණනින් ඉන්න නිසා කොමිසමට විසුමක් වෙන්නේ නැහැ. (නි)
යු.එන්.පී කාරයෝත් තෝරලා දායිද දන්නේ නැහැ (නි)
මෙම පත්කළ බුද්ධිමතුන් ඉතා විශිෂ්ට ගණයේ ලා සැළකෙන්නෝය. (නි)
මෙච්චරයි අඩුවකට තිබුනේ (නි)
පළවැනියා මහින්ද, දෙවැනියා ගෝඨාභය වෙයිද? (නි)
රටේ මිනිස්සුන්ට එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්නකොට මෙයාලා ජාතික වීරයෝ හොයනවා. හොයනවාම නම් මහා බැංකු හොරකම හොයන්න (නි)
මම මේ ප්‍රතිචාර දක්වන්න හදනකොටම මම දැක්කා මට ඕනෑ දේ රොහාන් කියලා තිබුනා. මේකනේ රොහාන්, එයා සාමාන්‍ය මිනිසුන්ගේ දුක දන්නා කෙනෙක් නෙමෙයිනේ. ඉන්නේ හරිම වෙනස් පන්තියකනේ. ඒ ගොල්ලෝ හිතන්නේ සාමාන්‍ය මිනිහා ඒ ගොල්ලෝ දෙන තණකොළත් කන ජාතියක් කියලා.ඒ සිතුවිල්ලේ වරදකුත් නැහැ. (නි)
ඔච්චරයි අඩුවෙලා තිබුනේ (නි)
මොනවද මේ විකාර ? මේවද දැන් රටේ තියන විසඳිය යුතු ප්‍රශ්න? බලාගන! වීරයෝ ලැයිස්තු හදපුවම හාල් ගණන් අඩුවෙයි. දූෂණ නැතිවෙයි. රැකීරක්ෂා ප්‍රශ්න විසඳෙයි. මේ ගොල්ලෝ හිතාගන ඇති ඡන්දෙ දුන්නේ පොල් බූරුවෝ කියලා! (නි)
මේ සිංහල රටේ සිංහලකම රැකගත් ජාතික වීරයන් කව්ද යන්න මේ රටේ නියම සිංහලයන් දනිති. කළයුත්තේ දහම් පාසල් මගින් දරුවනට සිංහලකම, බෞද්ධකම, සිංහල අයිතිය බොදු අයිතිය සහ වෙනත් කෙනෙකුට හිරිහැරයක් නොවී ජිවත්වීමට කියාදිම සහ රට ජාතිය රැකගැනීමට ඉගැන්වීම පමණි. (නි)
කරුණාතිලක මහතා කිවු කතාව ඇත්ත. නමුත් මේ කිසි කෙනෙක් එ්ක කරන්නේ නැත්තේ, අපි අදටත් සුද්දන්ගේ වහල්ලු. ඒවායින් තමයි නම්බු නාම පට්ටන්දර ලැබෙන්නේ. අපි අදටත් කරන්නේ අනුන්ගෙන් ඉල්ලන් කන එකනේ. ආධාර නුදුන්නොත් අපි කපෝතියි. අපේ හැම වැඩක්ම තව කවුරුහරි කියලා දෙනකම් අපිට බැහැ (නි)
මේ ඇමතිවරයාට නම් ඒ වගකීම දීල තියෙන්නේ, ඔය ලැයිස්තුවට තව කාව ඇතුළත් කරාවිද දන්නෙ නැහැ (නි)