දින සියයේ වැඩසටහනට අනුව යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේහපාලන පක්ෂ හා පුරවැසි සංවිධානවල නියෝජනයෙන් යුතු ජාතික විධායක සභාවේ ප්‍රථම රැස්වීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සහ සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිශාඩ් බද්යුදින් යන දේශපාලන නායකයන් මේ සඳහා සහභාගී වූහ.
රැස්වීම අවසානයේ මාධ්‍යයට අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක කියා සිටියේ ජාතික විධායක සභාවේ පළමු රැස්වීම සාර්ථක වූ බවයි. එහිදී දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කරණු ලබන දින වකවානු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ එකඟතා කිහිපයකට එළැඹීමට හැකි වූ බවත් ඒ මහතා කියා සිටියේය. තොරතුරු දැන ගැනීමේ පනත, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සම්මත කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ දැඩි අවධානයක් යොමුකර එ් සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ද තීරණය කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් කියන්න තියෙන්නේ නිදහස් පක්ෂයේ සභාපතිත්වය හිමි විය යුත්තේ එහි උප සභාපති කරුණා මැතිතුමාටයි. ඔහුට උතුරේද ජන්ද ලබාගෙන කරුණා යුගයක් ගෙන ආ හැකිය (නදී)
ජනාධිපති, නාමල් සහ මහින්ද සමග පුද්ගලික සාකච්ඡා මොකටද ? (නදී)
පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. පසුගිය අය කළදේවල් තාම හරියට එළියට ආවේ නැහැ.ඒවා දැනගන්නා විට කාටකාටත් හීන්දාඩිය දමාවි.අපේ රටේ වාසනාවට තමයි 8 වෙනිදා මේ බල පෙරළිය සිදුවුණේ (නි)
අතිගරු ජනාධිපතිතුමනි, පාඨලී චම්පික රණවක ඇමතිතුමනි,හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මයාණෙනි, සිංහලයන්ට මේ රට මිස වෙන රටක් නැත.එක කල්ලියක් අවුරුදු 30කට වැඩි කාලයක් තුවක්කුවෙන් ගැසුවා. සිංහල නම ඇති කෙනෙකුට පාර්ලිමේන්තු යන්නත් සිංහල යැයි කියන ජාතිය ඉතිරිවිය යුතුයි. එබැවින් අද ඇති සිංහල ජනගහණ ප්‍රතිශතය මේ අයුරින් හෝ රැකගන්නා ලෙස සිංහල ජාතිය නාමයෙන් ඉල්ලමි. (නි)
බණ්ඩාර, සතොස විතරද? ආසියාවේ හොඳම ආර්ථික වර්ධනය තිබුණේ ලංකාවේ. සමහරුන්ට තියෙන්නේ ඊර්ෂ්‍යාව විතරයි. මොළයක් නැහැ (නි)
බණ්ඩාර, ඔයා වගේ අය නිසා තමයි මේ රට හැදෙන්නේ නැත්තේ.ඔයාලා කැපුවත් නිල් කියන අය.හරිදේට හරි කියන්න පුරුදුවෙන්න. දැන් අතීතය වැඩක් නැහැ. වර්තමානය සහ අනාගතය ගැන බලන්න.වැරදි දේ වැරදියි කියලා හරි දේ හරි කියන්න පුරුදු වෙන්න. (නි)
ඉස්සර කරපුවා හොයන්නද බලය දුන්නේ? පලි ගන්නද බලය ලබා ගත්තේ? විකාර නවත්වලා රටට වැඩක් කරපල්ලා. (නදී)
ශිරාණි බණ්ඩාරනායක මැතිනියට සාධාරණයක් ඉෂ්ට කිරීමට කථා කෙරුවේ නැද්ද ? (නදී)
ඔබ තුමන්ලාට ජය වේවා. බංඩාරලට නෙත් ඇරේාවා (නදී)
සමහර පවුල් වල සොරකම් වංචා වලට ජානමය තත්වයක් තිබෙනවා. එක්තරා අස් උන ලොක්කෙකුගේ සහෝදරිය පුද්ගලික මුල්‍ය ආයතනයක සේවයෙන් ඉල්ලා අස් වෙන්න වුනේ මහා පරිමාණ මුල්‍ය වංචාවක් නිසා. ඒ පුද්ගලයා ඊට කලින් යම් කලක සහෝදරිය ලවා එම ආයතනයේ සේවකයන් උදේට වැඩට එනවිට ඡන්ද ප්‍රචාරක පත්‍රිකා මේස උඩ තබලා එතනත් මැතිවරණ ප්‍රචාරය කරලා. ඒවා බෙදන්න බැහැ කියපු පියන්ව රැකියාවෙන් අයින් කරනවා කියල බය කරලා. මේවා උඩ ඉන්න දෙයියන්ට තමයි දැන් කියන්න වෙන්නේ. (නදී)
තවමත් වැරදි කල උදවිය නීතිය ඉදිරියට පමුණුවන්න ලෑස්ති බවක් පේන්නේ නැහැ. මේක හොඳ ලකුණක් නෙවෙයි. සමහරුන්ගේ වැරදි පුද්ගලික න්‍යාය පත්‍ර අනුව යට ගහනවා නම් අපි ඊළඟ ඡන්දෙන් උත්තර දෙන්න ලෑස්තියි. (නදී)
මට හිතාගන්න බැරි සිංහල ජාතිය කියල හොරු ටිකක් බලයේ තියන්න කියන දේත්, යුද්දය දිනුව කියල හොරෙකුව සද කාලික බලයේ තියන්න කියන එකත් සාධාරණීකරණය කරන්න හදන කුලප්පුව. හමුදාවෙන් පැනල හොරකම් කරන හැමෝම නිදහස් කරන්න ඕනේ. මොකද යුද්ද කලා කියල, සිංහල කියල....(ස)
ශ්රී ලංකා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනාධිපතිතුමා පත්වීමෙන් පසු එතුමා සියලු පාක්ෂික රටවැසියන්ට ස්වාධීන විය යුතු නිසා එතුමා දේශපාලන පක්ෂයක නායකත්වය නොගත යුතුය සහ එක පක්ෂයකින් පත්වූ මන්ත්‍රීවරයෙකු වෙනත් පක්ෂයකට මාරුවීමේදී ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීකම අහෝසි විය යුතුය යන්න ඇතුලත් කරන්නේ නම් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදය වඩාත් සුරැකෙනු ඇත. (නදී)
සේන, ලංකාවේ හොඳම ආර්ථිකයක් තිබ්බා නම් කොහොමද මිනිස්සු මෙච්චර මහින්දට විරුද්ධ උනේ. එතකොට ඔය කියන විදිහට ලංකාවේ බහුතරයක්ම ඉන්නේ බුද්ධිය නැති ඉරිසියාව විතරක් තියෙන අයද? අහල බලන්න කවද්ද හරියට සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුළුවන් උනේ. කෑවේ ඇන්දේ කොහොමද කියලා. එතොකට තේරෙයි හොඳම ආර්ථිකේද කියලා. (නදී)
අද මුළු රටම සතුටින්! (නි)
දැන්නම් රටට වැඩක් වෙයි කියලා හිතෙනවා.(හේ)
සතොස තනිකර ජාතික දනය ගිලින බහිරවයෙක්. එ්ක පුද්ගලික අංශය සමග මිශ්‍ර කරලා ගොඩ දාන්න හදපු එකේ 100ට 100ක් හරි. එ්ත් බල ලෝභී දේශපාලුවන් එයාලගේ වෘත්තිය සමිති උසි ගන්නලා වැඩේ බකල් කරලා රටට වැරදි චිත්‍රයක් ගෙනිච්චා. එදා එ්ක කරා නම් අද රජයට 50 පුද්ගලික අංශයට 50 තියෙන සාර්ථක සුපිරි වෙළඳසැල් ජාලය සතොස කාර්ගිල්ස් කීල්ස් අහලකවත් නැහැ (නදී)
මෙම ආරම්භය ඉතාම හොඳ ප්‍රවණතාවක්. (නි)
මොනවා වුණත් මුදල් වංචා කළ අයට දඬුවම් දෙන්න ඕනෑ. නැත්තම් ඡන්දය දුන් අයට අසාධාරණයක් වෙනවා. (නි)
අනුර මහත්තයා, අපි ඔබ සමඟයි. නිවැරැදි දේ කරන්නේ ඔබ පමණි. (නි)
මේ පාරවත් පොරොන්දු ඉටුකළොත් දේශපාලකයන්ව අපිට එපාවෙන එකක් නැහැ (නි)
දැන් මාස 6 ට කලින් මම ලංකාවේ යාලුවෙකුට කතා කළා. පාර අතුගාලා කීයක්හරි සොයාගෙන ඉන්න රටේම ඉන්න කියලයි මට කිවුවේ. අනේ මන්දා සේනලට ලැබෙන සංඛ්‍යා දත්ත කොහෙන් ලැබෙන ඒවාද කියලා? (නි)
ලංකාවේ ආර්ථික තත්වය ඔයතරම් ඉස්තරම් නම් මිනිස්සු මෙතරම් අසතුටෙන් ඇයි? හැමෝම ආර්ථික විද්‍යාව හැදෑරුවේ නැතිවුණාට මිනිසුන්ට ඔය පසුගිය කාලයේ ඉදිරිපත් කළ ආර්ථික වර්ධනය ගැන දත්ත ටික පිටරකින් ආනයන කරලාදෝ කියලා තමයි හිතුනේ. (නි)
දිල්ශාන්, රට ඉදිරියට යන ගමන් පෙර වැරදි ඇති සියල්ලටම පාට පක්ෂ භේදයකින් තොරව දඬුවම් කළ යුතුමයි. එය වත්මන් හා අනාගත පාලකයන්ටත් බළධාරීන්ටත් පාඩමක් විය යුතුයි (නදී) වරද්ද ගන්න එපා මම කියන්නෙ මහින්ද ෆොන්සේකාට කලා වගේ දේශපාලනික පළිගැනීම් කරන්න කියලා නෙමෙයි!!
ඔබ අප සියලු දෙනා දිනක මැරෙන අපේ දරුවන්ට සහ උන්ගේ දරුවන්ට හිමි හෙටක් වෙනුවෙන් වැඩ කලොත් ලොකු පිනක් (නදී)
මේකේ ඉන්න ඕනෑම පුද්ගලයා තමයි මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. උන්වහන්සේ නිසයි අද මේ සේරම මෙහෙම එකමුතු වුනේ.වහාම උන්වහන්සේ මේ විධායක සභාවට පත් කරන්න.(හේ)
රටට හොදක් වෙන ඕන දේකට අපි එකඟයි. එ්ත් අදිකරණයට ගල් ගහපු අයගෙන් පාරිශුද්ධත්වයක් ලැබිය හැකිද ? (නදී)
ආශීර්වාද කරමි , හොඳ හෙටක් උදෙසා. (ස)
ගියපාර සොතොස වික්කා. මේ පාර මහා බැංකුවත් විකුනනවා. (නදී)
හොරු ටික අල්ලගෙන හිරේ යවන්න.(හේ)
සංවර්ධනයට නොයෙකුත් නිර්ණායක තිබෙනවා. ගොඩනැගිලි සහ යටිතල පහසුකම් විතරක් නෙවෙයි. මානව සම්පත් සංවර්ධනය සහ ආර්ථික සාමාජයීය ගුණාත්මක භාවය යන්නත් ඇතුලත්. තුන් වේලට පෝෂදායි ආහාර ලැබීමත් මන්දපෝෂණය තුරන් වීමත් සංවර්ධනයේ එක ලක්ෂණයක්. ඒ නිසා ජනතාවට කන බනේම කියල බනින උදවිය අඩු වශයෙන් සංවර්ධනය මනින නිර්ණායක මොනවද කියල හරියට දැනගෙන ඒ ගැන කතා කලොත් හොඳයි. (නදී)
මෙවැනි තැනක ජෙ වි පි එක ඉන්නවා කියන්නේ අපිට යම් සාධාරනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් (නදී)
බණ්ඩාර , අපේ රටේ වාසනාවට මේ බල පෙරළිය සිද්ධවුණේ . නැත්නම් විකුණාගෙන කන්නවත් අපිට මහා බැංකුවක් ඉතුරුවෙන එකක් නැහැ (නි)
නිශ්ශංක, මෙවැනි තැනක ජේ වි පි එක ඉන්නවා කියන්නේ අපිට යම් සාධාරනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඔබගේ අදහසට 100% මමත් ඒකගයි. (නදී)
බඩ ගින්නට පාන් ගෙඩියක් හොරකම් කරපු අසරණයෙක් නිවසටම ඇවිත් පස්සට පයින් ගහල කුදලාගෙන අරන් ගිහින් නඩු දාල බරපතල වැඩ ඇතිව අවුරුදු 5 ක් හිරේ යවන්න පුළුවන් රටේ ඩොලර් ට්‍රිලියන දහස් ගානක් හොරකම් කරපු"මෙගා හොරු" ගැන හොයන්න කරන කැපවිම නම් මදි. (නදී)
ශාන්, බන්දුල පෙරේරාගේ දත් ගෙවෙන කම් දත් මිටි කකා තවත් කල්ප කාලාන්තරයක් බලා ඉන්න වෙනවා. (නදී)