(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ සේවකයෙක් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ඉවත්කරන ලෙස බල කරමින් බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහළයට නැග විරෝධතවක් ආරම්භ කර තිබේ.

ඔහු නිවාඩු ලබා නැවත සේවයට පැමිණෙන විට සේවා ස්ථානය මාරුකර තිබූ බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසක් ඔහුගෙන් පළිගන්නා බවත් ඔහු පවසයි. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)