සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ටී.එච් සෝමරත්න මහතාගේ ස්ථාන මාරුව නිසා කොළඹ ජාතික රෝහලේ සුළු සේවක වර්ජනය අද (02) දෙවැනි දිනටත් පැවැත්විණි.
මේ හේතුවෙන් දෛනික රෝහල් සේවා අඩපණ වීම වැළැක්වීම පිණිස සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් කැදවනු ලැබුහ.
ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අසරණ රෝගීන්ට කිසිදු බාධාවක් නොවීම සදහා මෙම තීරණය ගත් බවයි. සාමාන්‍යෙයන් සෞඛ්‍ය සේවාවේ ඔනෑම වෘත්තිය සමිත ක්‍රියා මාර්ගයක් ගත්තද අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කළ යුතු බවත් මෙම සුළු සේවකයින් එලෙස ක්‍රියා නොකොට ශල්‍යාගාර වලින් පවා සේවයෙන් ඉවත් වීම අනුමත නොකරන බවත් ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ වෙන දේ . අද මගේ පියාටද මේ ප්‍රශ්නය නිසා කොළොඹ රෝ හලේ 81 වාට්ටුවේ මොලයේ ශල්‍ය කර්මයක් දින දෙකක් කල් ගතවීමට සිදුවී ඇත. මේ නිසා 83 වියේ සිටින මගේ පියාද, විදේශයක සිටින අපද අපේක්ෂා භංගත්වයටපත්ව ඇත මෙලෙස හිතුමතේ මිනිසුන්ගේ ජිවිත සමග සෙල්ලන් කරන්නේ කෙසේද? අපි හැමදාම මේ තත්වයට මුහුණ දිය යුතුද? මෙයට විසදුම කුමක්ද. රෝගීන්ගේ ජිවිත ඓතිවාසිකම් සදහා නීති ලංකාවේ එක්විය යුතුනේද? වසර ගණනාවක් රජයේ විදුහල්පති වරයෙකු ලෙස සේවය කල දහස් ගණනක් දරුවන්ට ශිල්ප දුන් මගේ පියා අද රෝහල් සේවකයන්ගේ වර්ජනයක් හේතුවෙන් තම ජීවිතය අවදානමක තබාගෙන රෝහලේ ඇදමත අපේක්ෂාභංගව බලාසිටි මෙය කිසිවෙකුටවත් විය යුතුද.? (ස) .
මගේ අම්මෝ ඔය කටිටිය ඔතනින් බිමට වැටුනොත් එහෙම කොන්ද තමයි කඩලා යන්නේ. ඔතනට වඩා වහලයට නැග්ගානමි හොද නැද්ද.?(නදී)
සෞක්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති අතුගා දැමිය යුතුයි. ඉහල නිලදාරීන්ගේ එන දේවල් ක්‍රියාත්මක නොකිරීම , පමා වී සේවයට පැමිණීම , වැරදි කල අයට විනය ක්‍රියා මාර්ග ගැනීමට නොහැකිවීම, වෘතීය ඊර්ෂියාව. මේ සියල්ලට වග කිව උත්තේ වෘතීය සමිතිය. (නදී)
මේ කව්රු ස්ට්‍රය්ක් කළත් තැලෙන්නේ අසරණ දුප්පත් පොඩි මිනිහා තමයි. මොකද ලොකු ලොක්කෝ බෙහෙත් ගන්නේ සිංගප්පුරුවෙන් අමෙරිකාවෙන් නිසා පාලකයන්ට මේ වගේ අමාරුවක් දැනෙන්නේ නැහැ. (නි)
මේ අයට පවි සිදුවෙනවා අහිංසක රෝගීන්ට කරන මේ වැඩවලට. මෙයාලටයි ගහන්න ඕනේ කුඩු වෙන්න .(නදී)
රෝගීන් අසරණ කරන්න එපා කිසි විටෙක (දී)
ඉල්ලීම් ලබා ගන්නවා වගේ සේවයට කැපවෙන්නේ නැහැනේ.(නදී)
මේ ප්‍රශ්න වලින් තැලෙන්නේ ආරන ජනතාවයි (දී)