ශ්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ ජාතික පිහිනුම් ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. කාන්තා ශූරතාව ආසියානු ජාත්‍යන්තර පාසල් පිල විසින් දිනා ගන්නා ලදී. තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පසුගියදා නිමාවිය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා වාර්තා සමගින් නව තරග වාර්තා 23 ක් පිහිටුවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. දක්‍ෂතම පිහිනුම් ක‍්‍රීඩිකාව වු ආසියානු ජාත්‍යන්තර පාසලේ කිමිකෝ රහීම් මීටර 200 සහ මීටර 100 පසුපස ආර කාන්තා ඉසව් දෙකම මෙන්ම මීටර 50 නිදහස් ආර ඉසව්ව දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තරග වාර්තාව ඉක්මවමින් ජය ගත්තාය.
13 හැවිරිදි කිමිකෝ, මීටර 50 පසුපස ආර කාන්තා ඉසව්ව තත්පර 31.55 කින් නිම කර ජයගත් අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක් ද විය. කිමිකෝගේ සොහොයුරිය මචිකෝ රහීම් ද මීටර 200 නිදහස් ආර ඉසව්ව දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තරග වාර්තාව අභිබවා ගොස් ජයගත්තාය.
කිමිකෝ සහ මචිකෝ සොහොයුරියෝ ප‍්‍රමුඛ ආසියානු ජාත්‍යන්ත පාසල් කාන්තා සහය පිහිනුම් පිල මීටර 200 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය.
ආසියානු ජාත්‍යන්තර පාසලේ මැතිව් අබේසිංහ මීටර 200 නිදහස් ආර ඉසව්වෙන් (පිරිමි) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ශ්‍රී ලංකා නාවික හමුදා ‘ඒ’ පිල මීටර 200 මිශ‍්‍ර කේවළ සහය පිහිනුම් ඉසව්ව (පිරිමි) ජය ගනිමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්විය. නාවික හමුදා පිල විනාඩි 1. තත්පර. 54. 33 කින් තරගය නිම කළ අතර පැවැති ශ්‍රී ලංකා වාර්තාව විනාඩි 1. තත්පර 57.15 ක් විය.
කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ පිල, ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල සහ නාවික හමුදා ‘බී’ පිල එම ඉසව්ව පිළිවෙලින් දෙවැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය ලබමින් ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යෑමට එහිදී සමත්විය.
කොළඹ රාජකීය විදුහලේ කනිත මුණසිංහ දක්‍ෂතම පිහිනුම් ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.
තරගාවලියේ පිරිමි අනුශූරතාව නාවික හමුදාව දිනාගත් අතර ආසියානු ජාත්‍යන්තර පාසල තෙවැනි ස්ථානය ලැබීය. කොළඹ විශාඛා විද්‍යාලය සහ මහනුවර මහාමායා විද්‍යාලය පිළිවෙලින් කාන්තා අනුශූරතාවි හා තෙවැනි ස්ථාන ලබා ගත්තේය.
ත්‍යාග ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ සහ සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති බි‍්‍රගේඩියර් ජී. ඩබ්. පී. සමරතුංග මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
නව තරග වාර්තා:
● මීටර 400 නිදහස් ආර (කාන්තා)
මචිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.4. තත්. 43.89)
(පෙර වාර්තාව: වි.4. තත්. 53.25)
● මීටර 200 පසුපස ආර ඉසව්ව (කාන්තා)
කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.2. තත්. 30.92)
(පෙර වාර්තාව: වි.2. තත්. 31.02)
● මීටර 400 මිශ‍්‍ර කේවළ ඉසව්ව (පිරිමි)
මැතිව් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.4. තත්.47.06)
(පෙර වාර්තාව: වි.4.තත්.48.32)
● මීටර 200 ළය ආර ඉසව්ව (පිරිමි)
ආක්‍ෂ්‍ය කුමාරජීව (ශා.ජෝශප් විදුහල - වි. 2. තත්.31.58)
(පෙර වාර්තාව: වි.2.තත්.34.84)
● මීටර 100 නිදහස් ආර ඉසව්ව (පිරිමි)
මැතිව් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල - තත්පර 53.31)
(පෙර වාර්තාව: තත්පර 54.66)
●මීටර 50 පසුපස ආර ඉසව්ව (කාන්තා)
කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - තත්පර 31.55)
(පෙර ශ්‍රී ලංකා වාර්තාව: තත්පර 31.70)
● මීටර 50 පසුපස ආර ඉසව්ව (කාන්තා)
නදීරා ජයසේකර (විශාඛා විද්‍යාලය - තත්පර 31.76)
(පෙර වාර්තාව: තත්පර 32.66)
● මීටර 800 නිදහස් ආර ඉසව්ව (කාන්තා)
මිචිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි. 9. තත්.56.10)
(පෙර වාර්තාව: වි.10.තත්.03.66)
● මීටර 200 නිදහස් ආර ඉසව්ව (පිරිමි)
මැතිව් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල - වි. 1. තත්.54.72)
(පෙර ශ්‍රී ලංකා වාර්තාව: වි. 1. තත්.55.04)
● මීටර 50 සමනල ආර ඉසව්ව (කාන්තා)
කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - තත්පර 30.67)
(පෙර වාර්තාව: තත්පර 30.83)
● මීටර 100 පසුපස ආර ඉසව්ව (කාන්තා)
කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.1. තත්.07.90)
(පෙර වාර්තාව: වි.1.තත්.09.62)
● මීටර 100 පසුපස ආර ඉසව්ව (කාන්තා)
නදීරා ජයසේකර (විශාඛා විද්‍යාලය - වි.1.තත්.9.43)
(පෙර වාර්තාව: වි.1.තත්.09.62)
● මීටර 200 නිදහස් ආර ඉසව්ව (කාන්තා)
මචිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.2. තත්. 11.98)
(පෙර වාර්තාව: වි.2.තත්.15.61)
● මීටර 50 නිදහස් ආර ඉසව්ව (කාන්තා)
කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - තත්පර 27.55)
(පෙර වාර්තාව: තත්පර 28.48)
● මීටර 400 සහය මිශ‍්‍ර කේවළ ඉසව්ව (කාන්තා)
ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.4. තත්.46.78)
(පෙර වාර්තාව: වි.4.තත්.51.22)
(කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මිචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්)
● මීටර 800 සහය නිදහස් ආර ඉසව්ව (කාන්තා)
ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.9. තත්.38.43)
(පෙර වාර්තාව: වි.9.තත්.58.44)
(කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මිචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්)
● මීටර 200 සහය නිදහස් ආර ඉසව්ව (කාන්තා)
ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.1. තත්.56.01)
(පෙර වාර්තාව: වි.2.තත්.03.13)
(කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මිචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්)
● මීටර 400 සහය නිදහස් ආර ඉසව්ව (කාන්තා)
ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.4. තත්.17.79)
(පෙර වාර්තාව: වි.4.තත්.27.76)
(කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මිචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්)
● ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.2. තත්.08.72)
(පෙර වාර්තාව: වි.2.තත්.18.06)
(කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්)

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඇතුලේ වල්බිහි වෙන්න නොදී ඔය ළමයින් පුහුණුවට යවන්න. ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරන්න (ස)
ඒ එක්කම ආදාල බලධාරීනුත් යැව්වනම් හරි (ස)