නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙස පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවික්‍රම මහතා වනජීවි හා තිරසාර සංවර්ධන පිළිබඳ කැබිනට් ඇමැතිවරයා වශයෙන් කටයුතු කරයි.
පියසේන ගමගේ මහතා නව රජයේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් පත් කරන ලදී.
අජිත් පී පෙරේරා මහතා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් පත් කර තිබේ.
ජේ.සී.අලවතුවල මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීම් ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලීමේන්තුවේ ඉන්න ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඉහලම සුදුසුකම් ඇති උගතෙක්, ඔහු මේ මුදල් ඇමතිකම සදහා වඩාත්ම යෝග්‍ය පුද්ගලයාද වනු ඇත.
පාද සටහන් කල්ලියට තනතුරු දීලා තියෙන්නේ බැංකු මංකොල්ලකාපු හොරකම්වලින් ණය ගෙවන්න වෙන්න ඇති...
ගම්සභා ඡන්දය පැවතුනේ ආණ්ඩු වෙනස් කිරීමට ඇමතිවරු වෙනස් කරන්නට නොවූවත් දැන් රට තුල පතුරුවා හැර ඇත්තේ එවැනි මතයකි. ඊට පිළියමක් වශයෙන් කොට්ටය දෙකට බෙදා උඩයට මාරු කරගෙන ඇත. නීතිය හා සාමය තාවකාලික බව කියැවෙයි. අනෙක් පාර්ශවයේ ඇමතිකම් දෙසතියකදී වෙනස් වෙන බවද කියයි. ලංකා දේශපාලනයේ දෙසතියක් කියන්නේ කල්ප ගණනකි. වසර තුනක් නිකම්ම නිකන් ගෙවී ගිය එකේ සති දෙකක් කියන්නේ කජ්ජක්ද? 2015 ජනවරමට නිගාදෙමින් රට අස්ථාවර කිරීමේ වරදේ ප්‍රධාන වගකීමක් පැවරීඇති, ලැබී ඇති මාධ්‍ය නිදහස ඇස්පනාපිට අවභාවිතා කරන ජනමාධ්‍ය නිහඬ නොකළොත් මේ ගමන යන්නේ තවත් පල්ලමකටයි. 62 ලක්ෂයටත් එහි ගාමක බලය වූ සිවිල් සංවිධානවලටත් රජය විවේචනය කිරීමේ පූර්ණ අයිතිවාසිකමක් තිබේ. මන්ද මෙය හුදෙක් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ ආණ්ඩුවක් නොව යහපත් රටක් වෙනුවෙන් පත්කරගන්නා ලද ජනතාවගේ ආණ්ඩුවක් නිසාය. ජනතා පැතුම වෙනුවට මේ වනවිට ජනාධිපතිවරයා පාලනය කරන අයගේ න්‍යාය පත්‍රය ඔහු ලවා ක්‍රියාත්මක කරමින් සිටින හෙන්චයියන්ට ජයගැනීමට ඉඩ හැරියොත් ජනවාරි 8 ජනතාවගේ සිහිනවල අවසානය එය වනු ඇත. ඉනික්බිති බිහිවන්නේ භයානක ඒකාධිපති පාලනයකි. එහෙම හොඳ නම් ඔහොමම යමු.
තමන්ටවත් හරි ප්‍රතිපත්තියක් නැති මිනිස්සු කොහොමද රටට ගැලපෙන ප්‍රතිපත්ති හදන්නේ?
ඇමතිකම් දෙන්න ඕනේ ඒ විෂය සම්බන්ද ප්‍රවීණයන්ට . අපේ රටේ ඇමතිකම් දෙන්නේ නුගතුන්ට උගතුන්ව පාලනය කිරීමට