
(තිළිණි ද සිල්වා)
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුණු සංගීතඥ ඉරාජ් වීරරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඉරාජ් වීරරත්න විසින් අද (25) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ.
හදිසි පෞද්ගලික වැඩකටයුතුවලට සහභාගී වීමට සිදු වූ බැවින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නාමල් රාජපක්ෂ ඇමතිවරයා විසින් ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ හි අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු කෙනෙකුට තමයි වැඩේ බාරදීලා තිබුණේ... රටේ පිනකට ඉල්ලා අස්වුණේ...
වැඩකටම නැහැ.. මව්බිමෙනුත් පන්නා දැමිය යුතුයි.. රටේ සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ කිරීමට හින්නූලෙන් වැඩකටයුතු කළ සහ කරමින් සිටින කාලකන්නි... විකාර කියමින් ඉංග්‍රීසි බාගයයි, සිංහල බාගයයි කියමින් උදැල්ලට කැපිච්ච ගැඩවිලා වගේ නැටුවාට හිතාගෙන ඉන්නේ මහලොකු සංගීතඥයා කියලා... මගේ අරමුණ "සින්දු මාකට්" කිරීම... නොදකින් රටට විනකරන අය...
අපි දන්නවානේ, ඔය අධ්‍යක්ෂක තනතුරෙන් ඉවත්කරලා ඊටවඩා ඉහළ සභාපතිකමක් දෙන්න යන්නේ.
මෙලෝ වැඩක් නැහැ.. පඩි ගත්තෙත් නැහැ.
කුමාර, රවීන්ද්‍ර මහත්වරුනි, කලබලවිය යුතු නැහැ. එයා ඊට වඩා මොනවා කරන්නද?
ගිලෙන නැවෙන් පනින මීයෝ වෙන්න බැරිද.?
මේ වගේ කෙනෙක් අධ්‍යක්ෂ තනතුරට පත් කරපු කෙනත් ඒ වගේම කෙනෙක් වෙන්න ඇති.
ජාතියක්... ජන්මයක් නෑ...!!!
මේ ඉරාජ්ලා වගේ අයට තනතුරු දෙන අයට ගහලා එලවන්න ඕනෑ. කාලකණ්ණි...
ගුටි කාපු හින්දද?
මේ වගේ අය මේවාට පත්කළේ කවුද?
මේ තමයි රාජපක්ෂලාට කොන්දේසි විරහිතව කඬේ ගිය වහල්ලු. දැන් සමාජයට මුහුණ දෙන්න බැරි නිසා තමයි ඉල්ලා අස්වෙන්නේ.
ඇයි දන්නේ නැත්ද මෙයා ගුටිකාලා. හොයලා බලන්න....