IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජාතික ටෙනිස් ශුරතාවලිය 18 දා සිට

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශුරතාවලිය මේ මස 18 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ ග‍්‍රීන්පාත්‘හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගල ඉසව්වන්ගෙන් සමන්විත තරගාවලියට වයස 45 ට, 55 ට සහ 65 ට සහ වැඩි වයස් කාණ්ඩ වලින් ප‍්‍රවීණ පිරිමි කේවළ ඉසව් රැසකින් තරග පැවැත්වේ. වයස 40 ට වැඩි මිශ‍්‍ර යුගල ඉසව්වක් සහ වයස 70 ට වැඩි යුගල (පිරිමි) ඉසව්වක්ද තරගාවලියට ඇතුළත්වේ. 2010 වසරේ ශූරතාව සමග වසර පහක් ජාතික ටෙනිස් ශූරතාව දිනා සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් ශූරයා හර්ෂණ ගොඩමාන්න විදේශගත වී සිටින නිසා මෙවර තරගවලියට සහභාගි නොවේ. හර්ෂණ පසුගිය වසරේ ජාතික තරගාවලියේදී කේවළ ඉසව්වට සහභාගි නොවී යුගල ඉසව්වෙන් පමණක් තරග වැදුණි. එහිදී සංඛ අතුකෝරළ සමග එක්ව යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ඔහු සමත්විය. හර්ෂණ ලෝක ටෙනිස් ශ්‍රේණි ගත කිරීම් අතර සිටි එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා ද වේ. පසුගිය වසරේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනේෂ්කාන්තන් තන්ගරාජ් දිනාගත් අතර අම්රිතා මුත්තයියා කාන්තා කේවළ ශූරතාව දිනාගත්තාය. මෙවර තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී දිනේෂ්කාන්තන් තන්ගරාජ්, චින්තක ශවීන්, අර්ථ වීරසිංහ, එම්.ශාකීර්, නිසන්ගන් නඩරාජ්, අම්රෙෂ් ජයවික‍්‍රම ඉදිරියෙන් සිටිති. සංකරි ත්‍යකරන්, රොෂින්කා ප‍්‍රනාන්දු, නෙත්මි වඩුගේ, අම්රිතා මුත්තයියා, විනුරි වික‍්‍රමරත්න සහ ටාෂා ප‍්‍රනාන්දු කාන්තා කේවළ ඉසව්වේ ඉදිරියෙන් සිටින ක‍්‍රීඩිකාවෝ වෙති. මීට සමගාමීව ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලිය ද කේවළ හා යුගල ඉසව්ව දෙකෙන් පැවැත්වීමට නියමිතය. ලන්ඩන් පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටින උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක මෙම තරගාවලියට සහභාගිවෙති. 500 කට වැඩි වාර්තාගත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය දැන් ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. එයාර්ටෙල් ප‍්‍රධාන අනුග‍්‍රහය වන මෙම තරගාවලියේ ඩන්ලොප් පන්දු සඳහා අනුග‍්‍රහය දක්වයි. එයාර්ටෙල් සමාගම ඉදිරි වසර තුනක කාලයක් සඳහා ජාතික ටෙනිස් ශූරතාවලියට අනුග‍්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමග ගිවිසුමකට එළැඹිණ.  



අදහස් (0)

ජාතික ටෙනිස් ශුරතාවලිය 18 දා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site