මෙරට ජාතික ගීතය ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ දී ජනිත වී 2015 ඔක්තෝබර මාසයට වසර 75ක් සපිරේ. ඒ වෙනුවෙන් ගාල්ල මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ මව් ශාඛාව හා කොළඹ ශාඛාව එක්ව වසර පුරා දිවෙන ලෙස සංවිධානය කරන උත්සව මාලාවේ ‘ජාතික ගීතයේ 75 වැනි සමරු දේශනය‘ ජුනි 18 වැනි බ්‍රහස්පතින්දා සවස පහට පැවැත්වීමට නියමිතය.
කොළඹ විශ්ව විද්‍යාලයයේ සෞන්දර්ය අංශයේ මහාචාර්ය කෝලිත භාහු දිසානායක මහතා සමරු දේශනය පවත්වයි.
ජාතික ගීතයේ නිර්මාතෘ හා එවකට ගාල්ල මහින්දයේ ගුරුවරයකු ලෙස සේවය කළ ආනන්ද සමරකෝන් ශූරීන් සමරා පසුගිය මාර්තු මාසයේ දී සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් හා ස්වාමීන්වහන්සේලා 75 නමක් සඳහා සාංඝික දානයක් මහින්ද විද්‍යාලයයේ දී පිරිනැමුණු අතර එය ජාතික ගීයේ සමරු උත්සව මාලාවේ පළමු වැන්න විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ටයි. ආදී මහින්දීයකු වශයෙන් මම මේ පිලිබදව ආඩම්බර වෙමි. (ර)
කොහොමොද ගාල්ලේ මහිනදේ වැඩ (ම)
පුණ්‍ය ''ජාතික ගීතයේ නිර්මාතෘ හා එවකට ගාල්ල මහින්දයේ ගුරුවරයකු යන වගන්තියේ තේරුම දන්නවද ,එවකට එතුමා වෙනත් පාසලක සේවය කලානම් පාසලේ නම වෙනස් වෙනවා. (ම)
මහින්දෙ අපට හරි ආඩම්බරයක්. (ර)
නුවන් ධර්මපාලතුමා අප පාසලේ ආදි සිසුවෙක්. ඒ ගැනනම් මට ඇත්තටම් ආඩම්බරයි. එතුමා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ ආදී සිසුවෙක්. (ම)
එතුමා අපේ මුතුන් මිත්තෙක්. හුදෙක් සමරකෝන් කෙනෙක් නිසාම නොව, දැයට යමක් දායාද කල කෙනෙකු නිසා හදවතින්ම ආඩම්බර වෙමි. (ර)
ගාල්ලේ මහින්දය ජාතික ගීය හැදුවා, ජාතික වීරයෙක් හැදුවා. (ර)
මෙම පාසලේ නමත් තාක්ෂණික පාසැල කියල වෙනස් කරයිද ?(ම)
අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මැතිතුමා සේවය කළ ගාල්ලේ මහින්ද විදුහලේ ආදී සිසුවෙක් වශයෙන් මා අද ඉතාම ආඩම්බර වෙනවා. මගේ පියා එහි ගුරුවරයෙක් වූ අතර, මගේ සොහොයුරන් දෙදෙනාත් සොහොයුරියත්, මෙම විශේෂ අවස්ථාවේදී මහින්ද විදුහලේ ඉගෙනුම ලැබූ "පැරැන්නන්" හැටියට ඉතාම සන්තෝෂ වෙනවා. (ර)