IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජාතික ක‍්‍රීඩා සංගම් 11 ක ආරවුල්

ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ ආරවුල් විභාග කිරීම සඳහා පත්කර තිබෙන විශෙෂ කමිටුවට මේ වනවිට නිලවරණ 11 ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි වාර්තාවේ.

කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) කෞමිණී රත්නායක මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම සය පුද්ගල කමිටුව අද (18) සිට ජාතික කී‍්‍රඩා සංගම් පැමිණිලි පරීක්ෂා කිරීම ආරම්භ කරනු ඇතැයි ද වාර්තා වේ.

කී‍්‍රඩා අමාත්‍යාංශයේ නීති උපදේශක නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද, සුගතදාස කී‍්‍රඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ කර්නල් මහින්ද රාජපක්ෂ, කී‍්‍රඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න, කී‍්‍රඩා සහකාර අධ්‍යක්ෂ දසුන් රාජපක්ෂ හා වෛද්‍ය ධම්මික සේනානායක යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.  

කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි පත්කළ කමිටුවේ කාර්යභාරය වන්නේ ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ ආරවුල් සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි විභාග කර කී‍්‍රඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය වෙත සුදුසු පියවර ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමය.

කී‍්‍රඩා පනතේ 2013 අංක දරණ සංශෝධිත නියෝග යටතේ පැවති ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ ගණනාවකදී මෙලෙස ආරවුල් පැන නැගී ඇතැයි සඳහන් වේ.

කරාටේ, බැඞ්මින්ටන්, වූෂූ, හෑන්ඞ්බෝල්, ජිම්නාස්ටික්, කායවර්ධන, බේස්බෝල්, වෙඩි තැබීම, මේසපන්දු, ටෙනිස් හා ජූඩෝ ගැන පැවති ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ සම්බන්ධයෙන් මේ වන විට කී‍්‍රඩා අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇතැයි ද වාර්තා වේ.

මීට අමතරව කමිටුව පත්කිරීමට පෙර ජාතික කී‍්‍රඩා සංගම් කීපයක් සම්බන්ධයෙන් මීට පෙර කී‍්‍රඩා අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි විමර්ශණය කර තිබේ. ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ පැවති නිලවරණයට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතාවයන් හිටපු කී‍්‍රඩා සහකාර අධ්‍යක්ෂ එන්. කේ. අබේසිංහ මහතා විසින් විමර්ෂණය කර නිර්දේශ කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත යොමුකර තිබේ. කෙසේවුවත් මෙම විරෝධතාවය ඉවත දමනු ඇති බවත් වාර්තාවේ. ජාතික සංචිතයේ කී‍්‍රඩකයන් වන අය මෝටර් රථ සංගමයේ තනතුරුවලට පත්ව ඇතැයි විරෝධතාවයෙන් පැමිණිලි කර තිබේ.

තරග ධාවකයන් 470 දෙනෙකු මෝටර් රථ සංගමයේ ලියාපදිංචි වී සිටියත් සංගමයේ ජාතික සංචිතයක් කි‍්‍රයාත්මක නොවන බැවින් මෙම විරෝධය ඉවත දමනු ඇතැයිද කී‍්‍රඩා අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් මෙම සංගමය ඇතුලූ ජල කී‍්‍රඩා හා දැල්පන්දු ඇතුලූ ජාතික කී‍්‍රඩා සංගම් කීපයක් පැරණි කී‍්‍රඩා පනතට අනුව නිලවරණ පවත්වා තිබෙන බැවින් මෙම ජාතික කී‍්‍රඩා සංගම්වලට ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර 2014x16 කාලසීමාව සඳහා නිලවරණ කැඳවීමට සිදුවනු ඇත.



අදහස් (0)

ජාතික ක‍්‍රීඩා සංගම් 11 ක ආරවුල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site