ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය (2012) අගෝස්තු මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ ග‍්‍රීන්පාත් ’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන පිටියේදී පැවැත්වේ. වයස 18 න් පහළ, 16 න් පහළ, 14 න් පහළ, 12 න් පහළ සහ 10 න් පහළ යන වයස් කණ්ඩ පහක් යටතේ බාලක හා බාලිකා අංශ දෙකින්ම කේවළ ඉසව්වෙන් තරග පැවැත්වේ. වයස 18 න් පහළ, 16 න් පහළ සහ 14 න් පහළ වයස් කාණ්ඩ තුනෙන් පමණක් යුගල ඉසව් පැවැත්වේ. තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අගෝස්තු මස 4 වැනිදා අවසන් වේ. ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය, නො: 45, මාකස් ප‍්‍රනාන්දු මාවත, කොළඹ 7 යන ලිපිනයෙන් අයැඳුම්පත් ලබාගත හැකිය. මෙවර තරගාවලියට ‘එයාර්ටෙල්’ අනුග‍්‍රහය දක්වයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd