(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑමට අද (11) තීරණය කරනු ලැබ තිබේ.
ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් මෙම තීරණය ගනු ලැබ තිබෙන අතර මෙම තීරණය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සිටින සියලු පක්ෂවල නායකයන්ට ද දැනුම් දෙනු ලැබිණි.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මෙම තීරණය ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ නායකයන්ට දැනුම් දීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත තීරණය දැනුම් දීම සඳහා අද (11) සන්ධ්‍යාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිතය.
මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග අරලිය ගහ මන්දිරයේදී අද (11) මෙම සාකච්ඡාව පැවැත්වීය.
එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාව පළ කර තිබේ.
පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් ජාතික ආණ්ඩුවට ලබා දී තිබෙන පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කර ඉදිරි දින කිහිපයේදී වෙනස්කම් කිරීම සඳහා ප්‍රබල තීරණ කිහිපයක් ගැනීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.
ජීවන වියදම, විරැකියාව, දූෂණ වංචාවලට එරෙහිව පියවර ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරත් මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙන එක නම් ඉර හඳ වගේ සහතිකයි. 2020 වෙනකන් හරි ඉන්න කැමැති නම් මපට් අගමැටි ගෙදර යන්න කරන්න පුළුවන් කෙනෙක්ට බාර දීලා...
2015 "ජාතික රජය" පිහිට වූ දින සිට එක්සත් ජාතික පක්ෂය මීට වඩා දැඩි ස්ථාවර පිළිවෙතක් අනුගමනය කරා මේ මැතිවරණ ප්‍රතිඵල මීට වඩා වෙනස් වන්නත් තිබුණා. කොහොම වුණත් ඉතිරි වී තිබෙන කෙටි කාලය තුලදීවත් මහජනයාට දැනෙන, පෙනෙන දේවල් ඉක්මනට කළොත් මීළඟ මැතිවරණ වලින් එජාපය විශිෂ්ට ජයග්‍රහණ ලබාගන්නවා නියතයි!
මැතිවරණයේ එජාප නිදහස් පක්ෂ පොදු පෙරමුණ ජවිපෙ ටී.එන්.ඒ මුස්ලිම් කොන්ග්රස් සියලු පක්ෂවල එකතුව පොහොට්ටුවට වඩා වැඩියි. මේ සියල්ලම පොහොට්ටු විරෝධී පක්ෂ. මේකෙන් කියැවෙන්නේ ජනතාව බහුතරයක් තාමත් මහින්දව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මේ ඡන්දය දෙස ඔබතුමාලගේ සමගිය පලුදු කර නොගෙන ඉදිරියටම යන්න. ඡන්දය පැරදුණා කියලා වැටෙන්නේ නැතිව රට පෙරට ගෙනියන්න.
සමාජයේ තියෙන ගැටළුවලට කඩිනම් විසඳුම් දෙන එක හැර විරුද්ධ පක්ෂ දෙකඩ කිරීමට වැනි මෝඩ විකල්පයන් වලින් තවත් විනාශයටම තමයි යන්නේ මිනිස්සු බුද්ධිමත් අය ගැනත් හිතන්න වෙනවා.
එච්චර ලෙහෙසියෙන් යහපාලනයට ගැලවෙන්න බැහැ. පළවෙනි වතාවටයි මෙහෙම දෙයක් මේ රටේ වෙන්නේ. හදිසි මහමැතිවරණයක් කැඳවිය යුතුයි. මේ යහපාලනය 2020 වෙනතෙක් නෙවෙයි 2100 වෙනකන් තිබ්බත් වෙන්නේ මේකම තමයි. මේ රට පත්ව ඇති අවදානම එහෙම්මයි. යහපාලනය දැන් කාටවත් විශ්වාස නැහැ.
ව්‍යවස්ථා සංශෝධනය? මහසංඝයාගේ විරෝධය මතකද?
මහින්දට විරුද්ධ බලවේග එකතුව මහින්දගේ ඡන්දවලට වඩා අඩුයි. ඒ කියන්නේ කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්න ලැබෙන්නේ නැහැ. ඉතින් රටේ පාලනයට තාම මහින්ද සුදානම් නැහැ.
අැයි අගමැතිතුමනි යන්න බයද? ඡන්දයට කලින් කිව්ව කතා අමතකද? තවත් හොරකම් නොකර යන්න පින්සිද්ද වෙයි...
ලැබුණු ප්‍රතිඵල වලින් හිතට ගන්න මෙන්න මේ ටික. මිනිස්සු මේ පෙන්නුවේ ආණ්ඩුව ගැන තියෙන කල කිරීම. දුන් පොරොන්දු ඉටු කරන්න. හොරු ටික මහ උලු ගෙදරට කුදලන් යන්න. නැත්නම් ජනමතයක් ආයේ හැදෙනවා මේ ආණ්ඩුව හොරු, මිනිමරුවෝ ආරක්ෂා කරනවා කියලා. එතකොට ඉතින් මේ කපේදී ඔලුව නම් උස්සනවා බොරු. ඉතිරි අවුරුදු දෙක හරියට ජනතාවට දැනෙන දෙයක් කරන්න. එදා කියපු ඡන්ද පොරොන්දු ඉටු කරන්න. මේවා තමයි ඊලඟ ඡන්දයට පෙර ජනතාව බලාපොරොත්තු වෙන්නේ.
ඒ ආණ්ඩුවනේ. ජනතාව දුන්නු පාඩම තවම කියවලා නැහැ වගේ. ආණ්ඩුව රනිල් සිරිසේනගේ නොවේ. මහජනතාව වන අපි... අන්න එ්ක මතක තබා ගන්න.
අපිට අලුත් නායකයෙක් එජාපයට ඕනා.
කලයුතු වෙනාස්කම් නම් එමටයි.
නිදාගෙන හිටියා ඇති. දැන්වත් නැඟිටලා එළියේ වෙනදේ මොනවද කියලා බලලා වැඩ කරන්න. මහ ජනතාව බලාගෙන හිටියේ හොරු අල්ලන කල්. ඒක හරි පිළිවෙලට සිද්ධ වුණේ නැති නිසා තමා දැන් හොස්ස දික්කරගෙන ඉන්න වෙලා තියෙන්නේ. සජිත් හම්බන්තොට දිනා ගැනීම තුල තවත් අභියෝගයක් මතුවෙලා තියෙනවා. මැතිවරණ ප්රතිඵලවල ගණන් හිලව් කියා කියා ඉඳිමින් රජය පසුගිය තුන් අවුරුද්ද තුල වැඩ කලාමෙන් කටින් බතල හිටවමින් කයිය ගගහ හිටියොත් 2020 දී මීට වඩා "අබිලික්" වෙන්න පුළුවන්. ආර්ථිකය ගොඩ නංවනවා, ජීවන වියදම, විරැකියාව ආදී සාමාන්‍ය මිනිහාට නොතේරෙන අණ්ඩර දෙමළ දෙසා බාමින් කාලය කන්නේ නැතුව හොරුන්ට දඬුවම් දෙන එක පෙනෙන විදිහකට ඉක්මන්ව කලොත් ගොඩ එන්න පුළුවන්....
එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ හද ගැස්ම හඳුනා ගත යුතුයි.
හොද වෙලාවට පොහොට්ටුව නිදහස් පක්ෂේ එක්ක එකතු වුනේ නැත්තේ, එහෙම වුනානම් කලින් සිද්ධ වුන දේ අදත් වෙනවා, ගිය පාර මහින්ද තනියම ඉල්ලපු නැති එකට අපි අදටත් කණගාටු වෙනවා
සංඥාව ඉතාමත් හොඳයි. ප්‍රඥාව පහළකර ගැනීමට කාලය එළඹ ඇත. විඥානය තිබේනම්, ඊට සූදානම් නම් අසීරු නොවේ.
දැන් තියෙන්නේ අර කට්ටියගේ ඒවා එකතු කළාම මෙච්චරයි. මේ කට්ටියගේ ඒවා එකතු කළාම එච්චරයි. ඉතින් ඒ සේරම එකතු කළාම අපි දිනුම් කියලා තමන්ම රවට්ටගන්න උත්සාහ කරන්නේ නැතුව වුණේ මොකද්ද? වෙන්න යන්නේ මොකද්ද? කියලා හොයල බලල වැඩ කරන එකයි. ගම් මට්ටමේ පාක්ෂිකයාට හිතට දැනෙන ආකාරයට හැසිරෙන්න හෝ කතාකරන්න දන්නේ නැතිව ටයි කෝට් මානසිකත්වයෙන් කටයුතු කරලා ඡන්ද ලබාගන්න බැරිබව දැන්වත් තේරුම් ගත යුතුයි. පවුල් පාලනය වෙනුවට මිත්‍ර සමාගම් යොදා ගැනීම විරුද්ධවාදීන් තියා පාක්ෂිකයින්වත් අනුමත කරන්නේ නැහැ. 2020 වෙන කල් අපට බලයේ ඉන්න වරම් තියෙනවා කියකියා ජොලි කරලා හරියන්නේ නැහැ. 2015 බලය ලබා ගත්තේ දූෂණය භීෂණය නවත්වා වැරදිකරුවන්ට දඬුවම් දෙනවා කියලයි. දැන් මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ එදා ඒ කියපුවා ක්‍රියාත්මක කරනවා වෙනුවට යටිකූට්ටු වැඩ සහ අමුතු අමුතු "ඩීල්" වර්ග ක්‍රියාත්මක බවට විශාල ජනමතයක් ගොඩනැඟීමට විරුද්ධ පක්ෂය සමත් වී තිබීම නිසා බව මතක තබාගත යුතුයි. ජන මාධ්‍ය නිදහස දඩමීමා කරගෙන විරිද්ධ වාදීන්ට අයත් හෝ පක්ෂපාත සමහර මාධ්‍ය ඉමක් කොනක් නැතුව ගෙනයන ප්‍රචාර වලින් ඇතිවන විපාකඑලය දැවැන්තයි. කයිය නවත්තලා පොරොන්දු ඉටුකිරීමේ කාලයයි මේ.
පොල්ගෙඩි.... තරම් ඔළුගෙඩි තිබුණාට අඹඅැටයක් තරම් මොලයක් නැති ජනතාවක් තමයි රටේ තාම ඉන්නේ...
එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙක් අනිවාර්යයි
කිසිම දේශපාලන බලවේගයකට ජනතාව රවට්ටන්න බැහැ කියන එක අද පෙන්නුවා. 2015 දී මහින්ද මහත්තයට ඕකම තමයි ජනතාව පෙන්නුවේ. ආයේ බලය ලැබිලා ජනතාව ගොනාට අන්දන්න අවොත් ඔහුට වෙන්නෙත් මේකම තමයි.
මේ ඡන්දය පැවැත්වුනේ ගමට නායකයෙක් පත්කරන්න ඒ නිසා වැඩි දෙනෙක් ඡන්දය දුන්නේ පක්ෂය ගැන බලලා නොවේ, හිතවත්කමට හා පුද්ගලයන්ගේ හැකියාවට.
රටට දුන් පොරොන්දු ඉටුනොකර ජත්‍යන්තරය සතුටු කරන්න ගියා රටේ, ජාතිය, ආගම සංස්කෘතිය අමතක කරලා. පොදුජනතාව මතක්කරලා දුන්නා. ඡන්දෙ දාන්නේ ජාත්‍යන්තරය නෙවෙයි. අපේ රටේ මිනිස්සු කියලා. මේ ප්‍රතිඵල වලට වග කියන්න ඕනි එ.ජා.ප. නායකත්වයයි. හොරුන්ට දඬුවම් නොකර තමනුත් හොරකම් පටන් ගැනීමේ වරදයි මේක. අවුරුදු ගාණකට පස්සේ මෛත්‍රි මහත්තයා නිසා බලයට ආවා. ඒකත් රැකගන්න බැරි වුණා.
ප්‍රතිඵලවලින් පෙන්වන්නේ ආණ්ඩුවේ ගෙවුණු අවුරුදු තුන ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන කාරණයයි. අන්තිමට දිනා ගත්තු ජාත්යන්තරයකුත් නැති බව රුසියාව එදා අනතුරු ඇඟෙව්වා. 19වන හා 20වන සංශෝධනවල පිහිටෙන් ඉදිරි අවුරුදු දෙක මේ විදියට යන්න පුළුවන්. පොහොට්ටු විරොධී පක්ෂවල සමස්ත ප්‍රතිඵල පොහොට්ටුවේ ප්‍රතිශතයට වැඩි නිසාත් මහින්දට නැවත ඉදිරිපත් විය නොහැකි නිසාත් 2020 ජනාධිපතිවරණයෙනුත් පොදු අපේක්ෂකයෙක් ලෙස මෛත්‍රීපාල ජනාධිපතිතුමාටම නැවත බිය නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන්. අන්න ඒකයි සැනසීම...
පොදු ජන පෙරමුණ ප්රමුඛ සන්ධානය හැමදාමත් අවුරුදු පතා ණය අරගෙන මිනිසුන්ට කන්න දීලා රට ණය කරනවා රට ණය ගෙවාගන්න බැරි වෙන කොට මැතිවරණයකට ගිහින් පැරදිලා ඒ අය ගෙදර යනවා. එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණ මේ ණය ගෙවන්න ජනතාව මත බදු පටවනවා -එවිට ජනතාවට ආණ්ඩුව එපා වෙනවා. එම ජනතා විරෝධය පාවිව්චි කරගෙන නැවත අර අය බලය ගන්නවා .එජාපය විපක්ෂයට යනවා. පාක්ෂිකයා අතරමං වෙනාවා .
මම නම් හිතන්නේ ජනාධිපතිතුමා සියලුම පක්ෂවලින් ඉවත්වෙලා, නිර්පාක්ෂික කෙනෙක් ලෙස මැදිහත්ව ඉඳන් සෑම පක්ෂයකම ඉන්න හොඳ අය, දක්ෂ අය වගේම ජනතාවගේ ආදරයට ලක්වෙච්ච අය එකතුකරගෙන සහ රටේ උගතුන් බුද්ධිමතුන් එක්කරන් මේ රටේ ඉදිරි අනාගතය හදන්න කඩිනම් ක්‍රියා මාර්ග ගන්න ඕනේ.. ගණන් හිලව් එකතු කළාට වැඩක් නැහැ. දැන් ඉතිරි කෙටි කාලයට විදේශ රටවල් උදව් කරන්නෙත් නැහැ. නිලධාරීන් වැඩ කරන්නෙත් නෑ. ඇත්ත කතාව එකී දිගු කාලීන සැලැස්මක් හදලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් අරන් යන්න... ආර්ථිකය හදන එක නම් කරන්න බැරි වෙයි.... අඩුම එකට අවශ්‍ය පසුබිම හදන්න...
"දූෂණ වංචාවලට එරෙහිව පියවර ගැනීම ආදී...... අනේ මගේ කට !