අකුරණ දුනුවිල මාර්ගය අසලට වාහනයකින් පැමිණ කසල මලු බැහැර කළ බව කියන යුවළක් අද (2) ප්‍රදේශවාසීන් විසින් අල්ලා වත්තේගම පොලීසියට භාර දෙනු ලැබූහ.
අකුරණ ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ මාර්ග දෙපස කසල බැහැර කිරීම තහනම් කර ඇති අතර ඇතැම් පිරිස් දිගින් දිගටම බල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග දෙපසට වාහනවලින් පැමිණ කසල බැහැර කරතියි ගම්වැසියෝ කියති.
වත්තේගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ඔවුන් ගෙනැවිත් දැමු බව කියන කසල නැවත ඔවුන්ටම රැගෙන යාමට සලස්වා ඔවුන් දෙදෙනාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන තිබේ.
COMMENTS
මෙම ගැටලුවේ දෙපැත්තක් අති බව කවුරුත් තේරුම් ගත යුතුයි. මාර්ග දෙපස කසල බැහැර කිරීම වැරදි ක්‍රියාවක් තමයි. නමුත් ක්‍රමවත්ව කසල බැහැර කිරීමට ස්ථාන නොමැතිනම් එහිදී මිනිසුන් අසරණ භාවයට පත් වෙනවා. නගර සීමාවෙන් පිට පර්චස් හත අටක ඉඩමක ගෙයක් සාදාගෙන ජීවත්වන මිනිසුන් හට ඇත්තටම කසල බැහැර කිරීමට ස්ථාන නැහැ.(හේ)
මේ දේ අනුමත කරන්න බෑ. මේ අයට දඩුවම් දෙන්න.(හේ)
දඬුවම් දෙන ගමන් කුණු ප්‍රශ්නයටත් විසදුමක් දෙන්න ඕන. කොහොම වුනත් පාරේ තැන තැන දාලා යන එකනම් අනුමත කරන්නම බැහැ (හේ)
හොඳ පාඩමක් උගන්නල තියෙන්නේ,මේ වැඩේ රටේ ගොඩක් තැන් වල වෙනවා. තවත් අය තමන් ගෙදර හදන සුරතල් බල්ලන්ව කැත කරන්න උදේට පාරට එක්කන් එනවා. මේ දේවල් වලට දඬුවම් දෙන්න ඕනේ (බ)
ගම වටේ අවිද්දන්න තිබුණේ කුණුමල්ලත් ඔලුවේ තියලා (ම)