IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජගත් මහලේකම්ගෙන් ලංකාවට පැසසුම්

පැවති මහ මැතිවරණයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව පත් වුණු එක්සත් ජාතික පෙරමුණු නව රජයට යහපාලනය, වගකීම සහ ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලිය හරහා දිගුකාලීන සාමයක් සහ සමෘද්ධියක් රට තුළ ගොඩනැගීමට කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සාමකාමී සාධාරණ මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාවට ප‍්‍රසංශාව පළ කරන බව මහ ලේකම්වරයා නිකුක් කළ පණිවුඩයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ජනතාවගේ ඡන්ද අයිතිය සහතික කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ  ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ජගත් මහ ලේකම්වරයා සුබ පතා ඇත.

ඊට අමතරව නීතිය අකුරට කි‍්‍රයාත්මක කරමින්, සාමකාමී සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමාට ද මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ සුභාෂිංශන හිමිව ඇත.



අදහස් (0)

ජගත් මහලේකම්ගෙන් ලංකාවට පැසසුම්

ඉසුරන්දි Thursday, 20 August 2015 04:20 AM

කාටත් ඕන ඕන විදිහට නටන්න නෙමෙයිනේ ජනතාව අලුත් ආණ්ඩුවක් පත් කලේ. අපේ සමහරක් මිනිස්සු හිතන ආකාරය හරිම වැරදියි.(ම)

:       0       0

මඩුල්ල Wednesday, 19 August 2015 03:33 PM

දැන් ඉතින් ඔයාට ඕන විදියට රූකඩ නටවන්න පුළුවන් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site