ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී අද (6) පෙරවරුවේ පැවැත්විණි.
‘‘බිලියන 7 ක ජනකායක් - එක මිහිමඩලක් - අරපරිස්සම් වෙමු‘‘ තේමාව යටතේ පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් පාරසරික ජන සංසදය හා කොළඹ මහ නගර සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබු අතර ඒ නිම්ත්තෙන් ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා,,පාසල් ළමුන්ව සහභාගී කරගත යුතුයි මෙවැනි වැඩකටයුතුවලට. පාසල් ළමුන් පමණක් නෙමෙයි රටේ සියලුම පුරවැසියන් මේවට දායක කරගතයුතුයි..මේක මෙගා ෂෝ එකක් නෙමෙයිනේ.(ම)
චානක, ඇත්තටම මම අදහස් කළේ ජ්‍යොතිෂය විශ්වාස කිරීමක් නෙමෙයි. මෙතුමාගේ ආරක්ෂාව ගැන හිතලා. (නි)
පිවිතුරු යහපාලට, අනේ අපොයි මේ වගේ යහපත් වැඩ පේන්නෙම නැද්ද? අදහසක් දාන්නකෝ හොඳ කියලා (නි)
පක්ෂ පාට නැතුව රටකට මෙවැනි නායකෙයක් ලැබෙන්නට මගේ රට පින් කරලා තිබුනත් මට ඔබතුමා නායකත්වය දෙන රටට සේවය කරන්නට බැරිවීම ගැන හරිම කණගාටුවක් තියෙනවා. (නි)
කොහොමද එයා අදහස් ලියන්නේ? එයාගේ ලැප්ටොප් එක උස්සලා කියලා කතාවක් යන්නේ. පිටබැද්දර ජයා දන්නේ නැද්ද? (නි)
පිවිතුරුට මේ වගේ චාම් උත්සව පොෂ් මදි. මුළු පළාතම හොල්ලාගෙන කරන බොරු ෂෝක් වලට තමයි එයාගේ ප්‍රතිචාර ජයා මහත්තයා (නි)
අනේ මේ සරල මනුස්සයව අපි කොහොම හරි පරිස්සම් කරගමු. කාලෙකට අපිට මේ වගේ උතුම් නායකයෙක් නම් නොලැබෙන බව විස්වාසයි. ඔබ තුමාට තව තවත් අපේ මවු බිම වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය සක්තිය දහිරිය, නිදුක් නිරෝගී සැප උතුම් තුනුරුවන් ගුණ බලෙන් ලැබේවා ! (නදී)
උතුම් නායකයෙක්(නදී)
මෙතුමාට සෙනසුරු එරෂ්ටකයක් තියෙනවලු ලබන ජනවාරියේ. ජෝතිෂ්‍ය කුමක් උනත් මෙතුමාව පරිස්සම් කර ගන්න ඕනේ. මෙතුමාට කරදරයක් උනොත් නීතියේ ලෙසට ඊළඟට කවුද ජනාදිපති?(නදී)
පරිසරය සුරකින තේමාව යටතේ ගස් වවනවාට අපි කැමතියි. වවන ගස් බුරුත තේක්ක වගේ ඒවා නම් වඩා හොඳයි. (නි)
තමන්ගේ උත්සව වලට ළමුන් සහභාගි කරනොගන්නා 'උතුම් නායකයෙක්! (නදී)
ගස් කැපීම ගැන නීති තිබුණත් කපන එකේ සීමාවකුත් නැති නිසා අපි මහන්සියෙන් ගස් වවමු. (නි)
පරිසර විනාශයට සම්පුර්ණ වගකිවයුත්තේ දේශපාලකයෝයි.එහෙම කියන්න වෙන්නේ අපේ රක්ෂිත ඉඩම් වල තිබෙන වටිනා ගස් ඔවුන්ගේ බල පරාක්‍රමයෙන් කපාගෙන යනවා.බොරු නම් පොලිස් වාර්තා අරගෙන බලන්න, වනයේ තිබෙන ගස් ටික අනවසරයෙන් කපාගෙන ගොස් තිබෙන්නේ ඔවුන්ද සාමාන්‍ය ජනයාද කියා.රටේ ඕනෑම දුෂණ ක්‍රියාවක් කිරීමට ඔවුන්ට බලය ආභරණයක් වෙලා.නීතිය අතට ගන්න ක්‍රමය වැළැක්වුවහොත් එයින්ම රටේ යහපාලනය ස්ථාපිත වෙනවා (නි)
චමල්,අපි මොකටද ගල් යුගයට යන්නේ/ බුදුන්ගේ දේශනාවේ අප්‍රමාදීව කටයුතු කරන්න කියා කියනකොටම මේ ජෝතිෂ්‍ය ,රාහු කාලය ,ඒරාෂ්ටකයන් එහෙම පිටින්ම ලොප්වෙලා යනවා.අවුරුදු 4000 කට පමණ පෙර විද්‍යාව නොතිබූ කාලයේ මිනිසා ඔය ජ්‍යොතිෂ වල එල්ඹගෙන සිටියා.නමුත් බුදුන් පහළ වුණාට පසුව ආත්ම විශ්වාසය තමාගේ ආරක්ෂාව විනා ජ්‍යොතිශයන්ගෙන් ලබන පිහිටක් නොමැති බව අවධාරණය කළා. කෙසේවෙතත් සත්වයකු ඉපදුන දා සිට මියයන මොහොත දක්වාම සැපයට වඩා ඔහුට දායාද වී තිබෙන්නේ දුක්විඳීමේ සිද්ධාන්තයයි. (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමාට අල්ලාහ් දෙවියන්ගේ පිහිට පතමි.ඔබට ජයෙන් ජයවේවා! (නි)
ළමයින්ව හඳුනාගන්න බැයිද ලංකා? (නි)
කෙරුවාව තමන්ගේ ගෙදරින් තමයි පටන් ගන්න වෙන්නේ.(නදී)
මේ නිහතමානී සරල නායකයාට තෙරුවන් සරණයි. දරුවෙක් දිහා කරුණාවෙන් බැලුවත් ඒ දරුවාට හරියනවා. (නි)
ඔබ රටට වාසනාවන්! (නි)
පරිසරය රැකීමේදී ගහකොළ වගේම, සතා සිව්පාවුන් හා මිනිසාද ඊට අයත් වෙනවා.පක්ෂ භේදයකින් තොරව ඔබතුමා වැඩ කරන එක හොඳයි. ඔබතුමා පරිසරය රැක්කොත් " හතරවරම් දෙවිවරු (මිනිසුන් සමග එක්ව) ඔබතුමාව රැකගන්නවා. ඒත් ආරක්ෂාව නම් අඩුකර ගන්න එපා. (නි)
මේ වගේ නිහතමානී නායකයෙකු පයගහන පොළොව වාසනාවන්තයි. (නි)
කොච්චර වෙනසක්ද? මීට කලින් පාරේ යන මිනිස්සුන්ට සිද්ධ වුණේ කරේ තිබුන ලේන්සුව අතට අරගෙන කාණුවට බහින්න. ඔබතුමාට තෙරුවන් සරණයි. (නි)
මැතිතුමනි ප්‍රවේශමින්. (නි)යන එන තැන ඔබතුමාගේ ආරක්ෂාව ගැන අවතක්සේරු කරන්න නම් එපා.
ඔබතුමාගේ නමට ගැළපෙන්න ජීවත්වෙන්න නම් දේශපාලනයට නෑවිත් ඉන්න තිබුනා. නමුත් ඔබතුමා දේශපාලනයට පැමිණ ඉහළටම නැග්ගා. ගිය ආණ්ඩුව කළ වැරදි නිවැරදි කරන්න කටයුතු කිරීමේදී පමණක් වැරදි කළ අය නීතිය ඉදිරියට පමුණුවන්න. ඔබතුමා නොසැළී ඉදිරියට යන්නේ නම්, අපේ සහයෝගය නොමසුරුව ලැබෙනවා. (නි)
ඔබගේ නායකත්වය රටට හොඳ අනාගතයක් (නි)
ඔබතුමාට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! (නි)
මෙතුමාගේ මේ නිහතමානී දිවි පෙවෙතට මැතිනියගෙන්ද අනගි සහයක් ලැබෙනවා වියයුතුයි. ඇඳුම් පැළඳුම් කොච්චර චාම්ද? ඔබ දෙපළටම තෙරුවන් සරණයි! (නි)
ඔබතුමාට තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹීමට සියලු වාසනාවන් උදාවේවා! (නි)
පරිසරය කියන්නේ ගහකොළ සතා සිවුපාවා විතරද? එතකොට අපි? මිනිස්සු විසින් ගොඩනඟපු දේ. ඒවා පරිසරය නොවෙයිද ? නිකමට හිතන්න ලංකාවේ ගම් නියම්ගම් පුරා පැතිර තිබෙන වැවු මිනිසුන් විසින් හැදූ දේවල්. ඒවායේ ප්‍රයෝජන මිනිස්සු විතරක් නෙමෙයි සතුන් ගහකොළ පවා ලබනවා. අලුතෙන් හිතන්න කාලය ඇවිත්. (නි)