”ඇමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ලොව හොඳම නළුවාට පිදෙන සම්මානයෙන් මා පිදුම් ලබද්දී මගේ හිතට ආපු හැඟීම තමයි කලාකරුවෙකු හැටියට උපන් දේශයට දක්වන්න පුළුවන් ඉහළම උත්තමාචාරය මා ලබා ගත්තා කියලා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා පවා මට සුබ පැතුවේ.”
නව පරපුරේ කුසලතාපූර්ණ රංගන ශිල්පී ජගත් චමිල ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා දිවයිනට පැමිණීමෙන් පසුව ඉරිදා ලංකාදීප ”සඳැල්ල” වෙනුවෙන් ප‍්‍රකාශ කළ උදාන වාක්‍යයයි ඒ.
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජෝ අබේවික‍්‍රමයන් ”පුරහඳ කළුවර” චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ආසියාවේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමෙන් පසුව ලොව හොඳම නළුවාට පිදෙන සම්මානයෙන් පිදුම් ලැබුවේ ”සැමීගේ කතාව” චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ජගත් චමිලය. ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු මෙම සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාවද මෙය වෙයි. ජගත් චමිල විසින් මෙම සම්මානය දිනාගනු ලැබුවේ ඉකුත් 20 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැති නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේදීයි.
ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල සඳහා රටවල් 40කින් චිත‍්‍රපට 135ක් සහ කෙටි චිත‍්‍රපට 10ක් ඉදිරිපත් කර තිබුණි. මේ අතරින් කැනඩාවේ ඩොමිනික් පසෙල්, ඇමෙරිකාවේ එඞ්වඞ් ෆලෝන්ස්, ඩෙන්මාර්කයේ සෙබස්තියන් ජේසන්, කියුබාවේ ඕමාර් ෆ්රැුන්කෝ සහ ශ්‍රී ලංකාවේ ජගත් චමිල හොඳම නළුවා සඳහා නිර්දේශවී තිබුණු අතර 20 වැනිදා පැවැති සම්මාන උළෙලේදී ලොව හොඳම නළුවාට පිදෙන සම්මානය ශ්‍රී ලංකාවේ ජගත් චමිලට ප‍්‍රදානය කෙරිණි.
ජාත්‍යන්තරයේ කතා බහට ලක්වූ ”සැමීගේ කතාව” චිත‍්‍රපටය සහ ජගත් චමිල අතර සම්බන්ධය කෙසේ ඇතිවීද? යන්න අපි මේ රංගන ශිල්පියාගෙන්ම අසා දැන ගනිමු.
කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියන ලද ”සැමීගේ කතාව” (SAM'S STORY) ගේ‍්‍රෂන් සම්මානයෙන් පිදුම් ලැබූ නවකතාවක්. මෙම නව කතාවේ එන සැබෑ සැමී ජීවත්ව ඇත්තේ මේ රචකයාගේ නිවසේ. මෙම චරිතයට තියෙන ඇල්ම හේතුවෙන් තමයි ප‍්‍රියංකර විතානාරච්චි මහත්මයා ”සැමීගේ කතාව” චිත‍්‍රපටය නිර්මාණය කළේ.
සැමීගේ චරිතයට මාව තෝරා ගැනීමේ සිද්ධියේ ඒක්තරා ලස්සන කතාවක් තියෙනවා.
ප‍්‍රියංකර විතානාරච්චි මහතාගේ සිනමා වැඩමුළුවකට සහභාගීවීමෙන් තමයි මා එතුමා හඳුනාගෙන සිටියේ. පසුව එතුමා කැනඩාවට ගියා. බොහෝ කාලයකට පසුව එතුමා මට දුරකථනයෙන් කතා කරලා සැමීගේ කතාව නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කරන බව කිව්වා. ඒ සමගම මෙහි ප‍්‍රධාන චරිතයට මාව තෝරාගත් බවක් කිව්වා. සැමීගේ චරිතය විස්තර කළා. ඔහු සංවේදීතාවන්ගෙන් අඩු පුද්ගලයෙක්. මම සැමීගේ චරිතය වටහා ගත්තා.
වසර 10කට පසුව එතුමා කැනඩාවේ සිට ලංකාවට පැමිණියාම මට කතා කළා. මා එතුමාගේ ගෙදර ගියේ ජගත් චමිල විදියට නොවෙයි. සැමීගේ චරිතය මා වටහාගෙන තිබුණු නිසා මා කටේ පුළුන් පුරවාගෙනයි ගියේ. එතුමාට මාව හඳුනාගන්න බැරිවුණා. මම ජගත් චමිල කිව්වාම එතුමා පුදුම වුණා. ඔබ ජගත් නොවෙයි ඔබ තමයි මගේ චිත‍්‍රපටයේ සැමී කියලා කිව්වා. ඒ තමයි ආරම්භය.
ඊට පසුව මට උවමනා වුණා සැබෑ සැමීව දකින්න. අපි ගියා නවකතාකරුගේ ගෙදර. එල්මෝ මහත්මයාගේ ගෙදරට සැමී ඇවිත් තියෙන්නේ නවතින්න තැනක් සොයාගෙන. මේ මහත්වරු ඇවිත් ඉන්නේ සැමී ගැන චිත‍්‍රපටයක් හදන්න. එල්මෝ මහත්මයා එහෙම කිව්වාම තේද? කෝපිද? බොන්නෙ කියලයි සැමී ඇහුවෙ. මා සැමීව තවදුරටත් තේරුම් ගත්තා. ඔහුට පුරුදු වෙලා තිබුණේ වචන ටිකයි. ඒ වචන ටිකත් සමග හැඟීම් ටිකක ජීවත්වන පුද්ගලයෙක් සැමී කියන්නේ.
මාව මේ චරිතයට වෙස් ගැන්වූවේ හේමන්ත ගමගේ. මේ චරිතය සඳහා මට කෘත‍්‍රිම දත් පළඳින්න සිද්ධ වුණා. සැමීව තේරුම් ගත් මොරටුවේ දොස්තර ජයන්ත සහ තාක්‍ෂණ ශිල්පී නෙවිල් යන අය තමයි එය නිර්මාණය කළේ.
සැමීගේ මව ලෙස නිල්මිණි බුවනෙක ඉතා දක්‍ෂ රංගනයක යෙදෙනවා. සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, විල්මන් ජයරත්න, වික්ටර් රාමනායක ඇතුලූ තවත් ශිල්පීන් පිරිසක් තමන්ගේ උපරිම රංගන දායකත්වය ලබා දෙනවා. මෙහි අධ්‍යක්‍ෂවරයාගේ වගකීම පසුකාලීනව කරට ගන්නේ සහාය අධ්‍යක්‍ෂ විමල් දේශප‍්‍රිය බවත් කිව යුතුයි. ජගත් චමිල සතුව රංගන කුසලතාව තිබුණත් එය සැමීගේ චරිතය සඳහා මතුකර ගන්න කැමරා ශිල්පී රුවන් වීරසේකර, වේශ නිරූපන ශීල්පී හේමන්ත ගමගේ, කලා අධ්‍යක්‍ෂ වෙලේගෙදර රණසිංහ, ඇඳුම් නිර්මාණය කළ අතුල සුල්තානාගොඩ විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.
හොඳම නළුවාට මාව නිර්දේශ වුණාම මටත් මේ උළෙලට යන්න අවශ්‍ය වුණා. අවසාන ප‍්‍රතිඵලය නොදැන ඒ සඳහා මට උදව් කළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය සහ සම්මානලාභී චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහත්වරුන්ව මෙහිදී මා ඉතා ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. ඒ වගේම මගේ රංගන ජීවිතයේ ගුරුවරයාවන තිස්ස ගුණවර්ධන, පාසල් අවිදියේදීම ”සමනළ කන්ද” නාට්‍ය තුළින් මාව වේදිකාවට කැඳවාගෙන ආ තිස්ස ජයවර්ධන, මාව ”ගුරු ගෙදර” චිත‍්‍රපටය තුළින් සිනමාවට හඳුන්වා දුන් විජය ධර්ම ශ්‍රී යන මහත්වරුන්ගේ දායාදය තමයි මේ සම්මානය.
මං පුංචි කාලේ ජාතික ඇඳුම ඇඳගෙන දහම් පාසල් යන්නට පෙර මගේ අම්මාගේ දෙපා සිප වැද නමස්කාර කරනකොට ”මේ තමයි මගේ පුංචි විජේ” කියා කළ ආශිර්වාදය මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න මහත් ආශිර්වාදයක් වුණා කියලත් මං විශ්වාස කරනවා.
සටහන - අමරදාස සිල්වා
ඡායාරූප - රවි රසන්ත විතාරණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත්, අපි ඔයාව දැක්කා රෝද හතරේ මනමාලයා සහ රුවන් මාලිගා තුලින්. ඔබට අපේ සුභ පැතුම්. (නි)
ඔබ විශිෂ්ටයෙකි. දැන් ඉතින් අර කඩේ යන නළුවන් ඔබවද 'කපන්න' හැම උත්සාහයම දරයි. (දී)
සුබ පැතුම් මිත්‍රයා, උඹ හොද නිරහංකාර දක්ෂ චරිතයක්.(නදී)
පොළොවෙ පය ගසා ජීවත්වන නිහතමානි කලාකරුවාණෙනි, ඔබට ජයෙන් ජය! (දී)
ඔයාගේ සම්මානය බලාගෙන හොදේ. හෙට අනිද්දම හොරකම් කරයි අපේ අය... (දී)
මෙවැනි දක්ෂාතා වලින් පරිපූර්ණ රංගන ශිල්පීන් යලි යලිත් බිහි වේවා! (නි)
අපි ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා (නි)
ජගත්, ඔබ අපට ආඩම්බරයක්. (දී)
පොලවේ පයගසා ජීවත්වෙන මිනිසුන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඔබට දුර ගමනක් යන්න මෙය ශක්තියක් වේවා! එසේම දේශපාලකයන්ගේ අතකොලුවක්ද නොවේවා!(නදී)
එතකොට සිවාජි ගනේෂන්,කමල් හසේන් වෙනි ස්වාභාවිකව රඟපාන නලුවෝ හොඳ නැද්ද?මම ඉහතකී අය කීප වතාවක්ම පද්ම ශ්‍රී පද්ම භූෂාන්,ඔස්කාර් ආදී තෑගී දිනලා තියෙනවා (නි)
ඔබට ඔබගේ රංගන දිවියේ ඉහළම තැන ලැබේවා!(නදී)
අපි දන්නා නිහතමානි කොල්ලෙක්. තව තවත් හොඳ චරිත ඔබට ලැබේවා. ඔබට ජය. (නදී)
මේ කලාකරුවාව අගය කරන්නෙ නැති කුහකයෝ ගැන මට හරිම පුදුමයි. මොහු ජයග්‍රහණය අරගෙන ආවේ අපේ මේ පුංචි ලංකාවට.කුහකකම ඉරිසියාව අතඇරලා හොද දෙය අගයන්න. ජගත් චමිල , ඔබට සුබ පැතුම්! (දී)
විශිෂ්ට ජයග්‍රහණයක්, සුබ පැතුම්! (නි)
ස්තූතියි ජගත් මල්ලි, කාලෙකට පසුව ඔබ අපව සතුටු කළා. ඔබ අපට අන්තර් ජාතික සම්මානයක් අරන් දුන්නා. ස්වයංජාත හී සහ අළු බඳුනේ 'ජන්තු' වැනි චරිත ඔබ විශිෂ්ට ලෙස රඟපානවා. ඔබ පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණි සමහර කඩේ යන නළුවන් ඔබවද ඔවුන්ගේ ගොඩට ගන්න උත්සාහ කරයි. නමුත් එපා නිවටයෙක් වන්න උන් වගේ! (නි)
අනේ අපිට නම් මේවා එතරම් වැදගත් නැහැ.(නදී)
මම ආසම කරන රංගන ශිල්පියෙක්. මට මතකයි දුන්හිද අද්දර නාට්‍යයේ සුද්දෙගේ චරිතය. ඔබට දිගු ගමනකට අපෙන් ආසිරි! ඔය නිහතමානීකම ඔබට හොද ආයුදයක් (නි)
සමනල කන්දට පියාබන සමනලුන්ට කතා කරලා කියමුද අපේ ජගත් අයියා ලෝකේ හොදම නළුවා කියලා.(නදී)
ඉදිරියටම යන්න සුභ පැතුම්! (නි)
ඩිලාන් ගොන්කම ජනසතු නොකර පුද්ගලිකව තියාගත්තනම් ඔයත් මිනිහෙක්. ජගත් චමිල ඔබට ජය. මේ සම්මානයට වඩා හුඟක් රටට වටිනවා ඔයා ඒක ගත්තු විදිය හා රටට දෙන නිහතමානී ආදර්ශය. හුඟක් පොඩි අය මේවා බලලා හැදෙයි. (නදී)
"ජගත් චමිල, සුබපැතුම් මචන්!" (ස)
ඔබතුමා දක්ෂ නළුවෙක්. යථාර්තයට පණ පොවනු මැනවි. (නි)
ජගත් චමිල වැනි දක්ෂ , නිහතමානී කලාකරුවන් වර්තමානයේ දක්නට ලැබෙනවා අඩුයි.ඔබට ජයෙන් ජය! (දී)
ජගත් චමිලට අපගේ සුභ පැතුම් ! (නි)
දක්ෂ නළුවෙක්, මගෙන් සුබ පැතුම්.(නදී)
ජගත් චමිල පුතේ ඔයා කවදත් ජගත් කියලා ඔයාගේ හැම නාට්‍යකින්ම පෙන්නලා තියෙනවනේ. ඔයාට තව තවත් කළා මගෙහි ජය කෙහෙළි නංවන්නට වාසනාව පෑදේවා!(නදී)
කේම්බ්රියන් කොල්ලෙක් වශයෙන් හිතට ලොකු සතුටක්, ආඩම්බරයක් මුළු රටටම. පාසෙලේ අප සැමට මුල පෙන්නු තිස්ස ගුනවර්දන ගුරු පියාණන් මතකයට නැගිමෙන්ම ඔබේ නිහතමානී බව පෙනේ. දිගු ගමනකට... ජය පතමි. (නි)
නියම කොල්ලෙක්. සැමදා අපි ඔබ සමගයි (දී)
ජය වේවා මල්ලියෝ! අපිට ඔබව ලොකු ආඩම්බරයක්. (ත)
සුමුදු, මමත් ඔබ සමග සීයට සීයක් එකගයි. ජගත් ඔබගේ ජයග්‍රහණය රටට ආඩම්බරයක්. කුහක මිනිසුන්ට ඒවා වටින්නේ නැහැ (දී)
කඩේ යන්නේ නැති වැඩේ කරන නියම රංගන ශිල්පියා ඔබයි ඔබට සුභ පැතුමි (අ)
මහේෂ්, ඔයා මොරටුවට ලකුනු දාගන්න හදනවා නේද? ජගත් චමිල විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහුගේ පාසැල මොරටුව වේල්ස් කුමාර වුනාට ඔහු ගෙනා මේ ජග්‍රහණය මුළු ලංකාවටමයි. මොරටුවේ ගොඩක් ඉන්නේ බයිලා කියන ගොල්ලෝ නේද? ජගත් ඔබට සුබපැතුම්! ඔබ ඉතා නිහතමානී දක්ෂ රංගන ශිල්පියෙක් (නි)
මුලින්ම ජගත් අයියට සුභ පතන්න ඕනි,ඇත්තටම නියම නලුවෙක්,ඒත් මේ වගේ අපේ ඉන්න හොඳ නලුවන්ව විදේශයකදී සම්මානයකට පාත්‍ර උනාම විතරක් අවදානයට යොමුකරන්නේ ,, මෙරට සම්මාන උලෙලවල් වල තියෙන සාධාරනත්වය ගැන තියෙන ජනතා සැකයත් එයින් පේනවනේද, නිවුයෝක් සිටි සම්මාන උලෙල පටන් අරන් තියෙන්නේ 2010යෙදි ඒකෙන් තමා අපේ ජගත් අයියට සම්මානේ ලැබුනේ, ඒ වගේම නිවුයෝක් වල තියෙනවා තව සම්මාන උලෙලවල් විශාල ප්‍රමාණයක් ඒවයිනුත් වඩාත් අවදානය ගන්නේ නිවුයෝක් ෆිල්ම් ෆෙස්ටිවල් කියන 1962 පටන් ගත්ත සම්මාන උලෙල, අපේ රටේ දක්ෂ නලුවන්ට ඒ වගේ උලෙලකදි සැබෑ දක්ෂතා සලකලා සම්මාන දෙන්න සුද්දා ඉදිරිපත් වෙන්නේ නෑ මොකද ඒ උලෙල ලෝකයේම අවදානය හැම අවුරුද්දෙම ගන්න සිනමා උලෙලක් හින්දා,, ඒකත් අපි හිතන්න ඕනි, සුද්දන්ගේ තියෙන සර්ව සාධාරණත්වය බහුතර අවදානයේදී ලංකාව වගේ රට වලට නැත්තේ ඇයි කියලා,, ලංකාවට විශාල වශයෙන් ආධාර කරන අතරෙම බටහිර රටවල් ජිනිවා වගේ අත්‍යවශ්‍යයම තැන් වලදිත් ලංකාවට තැනක් නොදී පාගන්නෙත් ඔන්න ඔය තියරියම යොදාගෙනමයි! (අ)
නිහතමානී දක්ෂ රංගන ශිල්පියෙක් වන ඔබට සුභ පැතුම් (දී)
ඔබට මගේ හදපිරි සුබපැතුම්!(නදී)
අමුතුවෙන් කියන්න දේවල් නම් නැහැ අයියා, සුභ පැතුම්! (නි)
ඉස්සරහටම යන්න.. (නි)
ඔබ වන් පුතුන් රටට ආඩම්බරයක් ජගත් අයියේ.. සදා ජය..!!! (අ)
ජගත් චමිල ඔබ ලබපු ජයග්‍රහණය ගැන ශ්‍රී ලාංකිකයින් හැටියට අපි ගොඩක් සතුටු වෙනවා. නමුත් ඔබ ලබාගත් මෙම අවස්ථාව ගැන අපේ ජනමාද්‍ය මගින් ලබාදුන් අනුග්‍රහය ගැනනම් අපිට කෙසේවත් සතුටුවෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙන්ම හොදම නළුවා වීම ගැන ජනමාද්‍ය මගින් මීට වැඩිය පුළුල් ප්‍රචාරයක් සහ වටිනාකමක් ලබාදෙන්න තිබුන මෙය ඉතාමත් කලාතුරකින් ලබන්න පුළුවන් ජයග්‍රහණයක් නිසා. කොහොම උනත් ලංකාවේ සිටින බොහොමයක් ශ්‍රී ලාංකිකයින් පවා තවමත් දන්නේ නැහැ ලෝකෙන්ම හොදම නළුවා අපේ ජගත් චමිල කියල. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සෙන්චරියක් දැම්මනම් ඒ ගැන මහා ලොකුවට කතාකරනවා. අපේ ජනමාද්‍යවල පිරිහිම එකෙන්ම ඔප්පුවෙනවා.(නදී)
ඔබ විශිෂ්ට නළුවෙක්
ඇත්තටම ආඩම්බරයි, ජය වේවා! අපි ගොඩක් ආඩම්බර වෙනවා සම්මාන උළෙලේදී චමිල අපේ සිංහල බාසාවෙන් ලෝකය අමතපු එකට. ජය වේවා! (නි)
ඔබට අපේ ඩුබායි රටේ සිටින සියලුම ශ්‍රී ලංකන් රසිකයන්ගේ ප්‍රණාමය!!! සුබ අනගතයක්!!! (නි)
සුබ පැතුම්! ලැබුන හැම චරිතයකටම ගොඩක් හොඳ සාධාරනයක් ඉටු කළ කලාකරුවෙක්. (දී)
ඔබ ඇත්ත වශයෙන්ම මෙම සම්මානයට වගේම ඇගයීමට පාත්‍රවිය යුතුව තිබුනා වගේම පාත්‍ර විය යුතු රංගන ශිල්පියෙක්. මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
මම තවම සාමිගේ කතාව බලල නැහැ . නමුත් මම ගොඩක් අය රඟපාන රෝද හතරේ මනමාලයා නාට්‍යයේ බණ්ඩාරගේ චරිතයට ගොඩක් කැමතියි.(නදී)
දිලාන් ඔබගේ අදහස් මෙලෝ රහක් නැහැ(අ)
ඔබ හරිම වාසනාවන්තයි ඔබේ රඟපෑම නිවැරදි හරිම උසස් (අ)
අබාවයට යන ශ්‍රී ලංකික සිනමාව ජාත්‍යන්තරයට ගෙනියන්න තරම් ඉවහල් වුන ඔබගේ දක්ෂකම් අපි බෙහෙවින් අගය කරනවා, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. (නි)
නිහතමානී කලාකරුවෙක්. මගේ හදපිරි සුබපැතුම් !!! (දී)
තව ඉදිරියටත් ඔබගෙය් දක්ෂ රඟපෑම් අපට දකින්ට ලැබේවි ප්‍රර්ථනා කරමි. ඔබට මගේ සුභ පැතුම්. !!!!(අ)
කේම්බ්රියන් කෙනෙක් මේ වාගේ ජයග්‍රහණයක් අපේ රටට ගෙනෙන කොට කොතරම් ආඩම්බරයක් අපිට ඇති වෙනවාද? තිස්ස සර්ගේ මග පෙන්වීම තමයි මෙයට හේතුව. ඇත්තටම චමිල හරි ආඩම්බරයි ඔබ ගැන. මොරටුවේ අපි හැමදාමත් ලෝකේ දිනනවා කියන්නේ නිකං නෙමෙයිනේ. ඔබගේ රංගන ජීවිතය සාර්ථක වේවායි පතමි. සැමදාමත් මොරටුවේ අපි කේම්බ්‍රියන්ලා ඔබ සමගයි.(නදී)
නිහතමානී ජගත් ,ඔබ දෙපා තබන සෑම තැනම වාසනා මහිමය පිපේවා! රටේ කිතු ගොස බැබලේවා! (දී)
දක්ෂ නළුවෙක් ලංකාවට ඉන්න, දේශපාලනය පස්සේ නොගිය. ජයග්‍රහණය ගැන ශ්‍රී ලාංකිකයින් හැටියට අපි ගොඩක් සතුටු වෙනවා. අරුංගල්,ස්වයංජාත, අතර දෙකපු වෙනස් වූ රංග ප්‍රතිබාවයට හොඳම නිදසුන්, ජයවේවා !! (නි)
ඔයා කවදත් දක්ෂ නළුවෙක් නේ. මේක ඔයාට ලැබුන එක පුදුමයක් නෙමේ. තව ඉදිරියටම යන්න ඔයාට සුබ පතනවා.(නදී)
ඔයා ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්. තව ඉදිරියට යන්න සුබ පතනවා (දී)
ජගත් ඔබ අපේ රටට මැණිකක් දිලාන් වගේ වාචාල කෙනෙකුගේ ඇහේ වැදුනත් අඳුනගන්න බැහැනේ. ජගත් ඔබට මගෙනුත් සුබපැතුම්.(නදී)
ජගත්,හර්දයන්ගම සුබ පැතුම් (අ)
ඔබ ගැන ආඩම්බරයි ජගත්. තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා. (නි)
තෙරුවන් සරණයි ඔබට.. (දී)
ජය වේවා! (නි)
බොහොම කලාතුරකින් තමයි හැකියාව , නිහතමානී කම, ගුණවත්කම , බුද්දිය සහ ලස්සන එකට එකතුවෙන්නේ. ඔබ අපේ රටට ආබරණයක්. සදා ජය !(නදී)
සමන්, ඔයාට වැරදිලා. දුන්හිඳ අද්දර නාට්‍යයේ සුද්දේ උන්නේ " රුක්මල් නිරෝෂ්". ජගත් චමිල, ඔයාට සුභ පැතුම්! (දී)
ඔබ හොඳ දක්ෂ නළුවෙක් ,සුබ පතනවා (අ)