සේදූ නොසේදූ කාන්තා යට ඇඳුම් ගෝනි දෙකක් සමග බණ්ඩාරවල පදිංචිකරුවකු බව කියන පුද්ගලයකු මුල්ලේරියාවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයරින් බාස් කෙනකු ලෙස පෙනී සිටි මොහු ගෙවල් 14ක යට ඇඳුම් එකතු කර ඇතැයි ද මහරගම, මල්වාන, පිළියන්දල, වැලිවිට ඇතුළු ප්‍රදේශවල නිවෙස්වලින් සොරාගත් රුපියල් ලක්ෂ 10ක වටිනා භාණ්ඩ මොහු විවිධ පුද්ගලයන්ට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
COMMENTS
අර දකුණු පළාතෙන් කලකට පෙර අහුවුණ දේශපාලුවා වගේ මොහුත් මේවා යම් යම් මතක සටහන් වශයෙන් ළඟ තබාගත්තා වෙන්න පුළුවන් (නි)
කාලෙකට පස්සේ හිනායන ප්‍රවෘත්තියක්...(නි)
සේදූ ඒවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් මොහු නොසේදු යට ඇඳුම් කොහෙන්ද හොයාගත්තේ? (නි)
මුල්ලේරියා රෝහලටම ඇතුළු කරමු ලෙඩා. (බ)
මේනියා කාරයෙක් ද කොහෙද. අංගොඩ ඉස්පිරිතාලෙට දාන්න ඕනේ (බ)
මේ පුද්ගලයාව වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කරන්න.(හේ)
පොලිස් කණ්ඩායමක් ගිහින් වටලන්න ඇති මේ මනුස්සය හිටිය තැන දැන් ඉතින් කට්ටිය බෙදා ගනී ටික ටික , ඉතුරු ටික රාජසන්තක කරන්න තියෙන්නේ. (බ)
යුරෝපයේ සමහර ගැහැනුන් තම නොසේදු යට ඇඳුම් අන්තර්ජාලයේ ගැනුම්කරුවන්ට විකුනනවා. (බ)
නොසේදු ජංගි ගොඩක් හොරකම් කරලා තියෙනවා නම් මෙයා කින්ග් කෙනෙක් වෙන්න ඕන . නොසේදු ඒවා නම් තෑගි වලට හම්බු වෙච්ච ඒවා වෙන්නත් ඉඩ තියෙනවා .(බ)
මෙයාලත් මොනවා හරි හොරකන් කරන්න එපාය (හේ)
වයරින් බාස් කෙනෙක් නිසා අකුණු සන්නායකයක් හදන්න එකතු කරන්න ඇති (හේ)
මේ නම් මානසික ලෙඩ්ඩු.(හේ)
මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත්ත නම් ඉතින් සමාව දෙන්න තිබුනනේ (හේ)
මේවා සේදු ඒවා නොසේදු එ්වා කියලා වෙන් කරලා හදුනා ගත්තේ කවුද කියන එක තම මට තියන ප්‍රශ්නේ. (හේ)
සේදු ඇඳුම් ගැන නම් පුදුමයක් නැහැ, එත් කොහෙන්ද මෙය නොසේදු ඒවා හොයාගත්තේ කියන එක මට ප්‍රශ්නයක්.. කොහොම වුනත් මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි..(හේ)
අනේ ඒ මනුස්සයට අනුකම්පා කොට මානසික ප්‍රතිකාර ලබා දෙන්න. (ම)
අයියෝ මෙහෙමත් මානසික ලෙඩ්ඩු? (නි)
මානසික ලෙඩ්ඩු.(හේ)
මෙයට විශේෂ තෑග්ගක් දෙන්න එපායැ මේවා ළඟ තියාගෙන හිටියට.(හේ)