'(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරිය ආරච්චි)
පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනකු ඇතුළු 42 කු පළමු දිනයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඒ අතර පුද්ගලයන් 24 නා ගැට කපන්නන් බව පොලිසිය කියයි
කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික හිංසනයන් පොදු ප්‍රවාහන සේවා වලදී දෛනිකව පොලිස් ස්ථානවලට වාර්තා වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිදු කරන ලද විශේෂ මෙහෙයුමේ පළමුදිනයේදී සැකකරුවන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත
මගි ජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පෙරවරු 8 සිට 10 දක්වා පස්වරු 5 සිට 7 දක්වා කාලය තුළදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායම් වශයෙන් මෙහෙයුමට යොදවා සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වූ බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දු මහත්තයාගේ යුක්තියට බස්වල ජැක්සන්ලා අල්ලගන්න පුළුවන් උනාට පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න ජැක්සන්ලව අල්ලගන්න බෑනේ..අල්ලගත්ත උන්ටත් ඇපදෙනකන් උඩ බලන් ඉන්න විතරයිනෙ පුළුවන් උනේ..දැන් බස්වල අල්ලගත්ත ජැක්සන්ලගේ ජැක්වල සිද්ධාලේප ගානවද ?
නියමයි.. අසහනකාරයො ඉතියෝපියාව ට යවන්න ඕන
හොඳ පියවරක්.
සෙනග පිරුනු බස් වලට පමණක්නම නගින වෙනම ගෑණු කොටසක් ඉන්නවා. ඒ අය එම බස් එනකල්ම වැඩ ඉවරවෙලා ස්ටෑන්ඩ් එකේ කල් මරමින් ඉන්නවා. මෙය සමාජ විද්‍යාඥයන් විසින් විමර්ශනයකට ලක් කල යුතු කරුනක්.
අම්මෝ මමත් බයේ බස් වල යන්නේ මේ දවස් වල