හාට් කප් 2 ජිකෝ විවෘත කරාටේ ශූරතාවලිය වෙන්නප්පුව ශ‍්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී මේ මස 27 වෙනි දින පෙරවරු 8.00 ට ආරම්භ වීමට නියමිතය.
කාතා සහ කුම්තේ තරග ඉසව් ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ කණ්ඩායම් අංශවලින් පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා යුධ හමුදාව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කරාටේ සංගම් රැසක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරග වදිති.
සමස්ත ශූරතාවලිය සඳහා ශූරතා කුසලානය, අනුශූරතා කුසලානය දක්ෂතම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව සඳහා ඉතාලියෙන් පිරිනමන ලද ඉතා වටිනා කුසලාන හිමිවන අතර රන්, රිදී ලෝකඩ පදක්කම්ද සියළු ඉසව් සඳහා පිරනමයි.
ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සංගමය සහ ජිකෝ ශ‍්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා ලංකාවේ හිටියා නම් බලන්න එනවා. ජයවේවා! මමත් හරි කැමති ක්‍රීඩාවක්. (නි)
අපෙන් සුබ පැතුම් .(නදී)
වෙන්නපුව කියන්නේ ජාතික හා ජාත්‍යන්තර කරාටේ ක්‍රීඩකයෝ සිටින නගරයක් . මමත් කරාටේ ක්‍රීඩාවට ගොඩක් කැමති .හොද රෙකෝඩ් ටිකක් තියන්න අපේ ශ්‍රී ලංකාවේ දරුවන්ට හොද අවස්තාවක් වේවා!(නදී)
27 පසු පොටෝ බලන්නත් ඕනෑ, දිනන අයගේ හොදේ. (නි)
පෙනුමට නම් හොද බවක් පේනවා. අපෙන් සුබ පැතුම්! (නි)
පොටෝ වල තියෙන කුසලානය ක්‍රීඩකයන්ටද? (නි)
අම්මේ තාත්තේ පුළුවන් තරම් ඔබේ දරුවන්ට 'ජිකෝ' ගස්සවන්න එතකොට පේරාදෙණිය මොරටුව වැනි විශ්ව විද්‍යාල වලට ගොස් ඔබේ දරුවන්ට ලොව ජය ගන්න පුළුවන් වෙයි. දැනට ලංකාවට අඩුවෙලා තිබුනේ මෙය විතරයි.(නදී)
කවදත් අතහිත දෙන වෙන්නප්පුවේ සිටින ඉතාලි ශ්‍රමිකයන්ට අපෙගේ ස්තුතිය ......(නදී)
ඒ විතරක් නෙමෙයි, සියළුම දේශප්‍රේමීන් තමන්ගේ දරුවන්ට මේ ක්‍රීඩාව පුහුනු කළොත් හොදයි (නි)