සිය කාරයේ අභිරහස් අන්දමින් මිය ගොස් සිටි ර්ගර් ක්‍රීඩක වසීම් තාජුජීන්ගේ මරණයට අදාල රස පරීක්ෂක වාර්තා හා අධිකරණ ද්‍යෛ වාර්තා පරස්පර වීම නිසා එම වාර්තා සම්බන්ධයෙන් සැක මතුව ඇතැයි රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ඇතැයි ද රහස් පොලිසිය කීවේය.

මෙය ඝාතනයක් බවට සැක කරන පොලිසිය මෙතෙක් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. පෙම් පළහිලව්වක් මත ප්‍රභල දේශපාලකයකුගේ පුතකුගේ ඕනෑකමට මේ අපරාධය කරන්නට ඇතැයි කියන සාක්කි මතුවී ඇතැයි පොලිසිය අනුමාන කරයි.

තාජුඩීන් මිය ගොස් සිටි ස්ථානය පරීක්ෂා කළ සහ ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව් දෙනාට ඔවුන්ගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා තාජුදීන්ගේ මරණය සිදු වුණු දා ඔහුගේ ජංගම දුරකතනයට ලැබුණු හා ඉන් ලබා ගත් ඇමැතුම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කළේය.

2012 මැයි 17 වැනි දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාපිටියට නුදුරින් පිළිස්සී   වී තිබී සොයා ගැනිණි.