පරිගණකයෙන් රුපියල් පන්සීයේ හා දාහේ හොර නෝට්ටු මුද්‍රණය කැර මාස තුනක් තිස්සේ ජාඇළ හා ඒකල කඩ වලින් මාරුකළැයි කියන තරුණයන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි. රුපියල් පන්සීයේ හොර නෝට්ටු පනස් පහක්ද, රුපියල් දාහේ හොරනෝට්ටු තුනක්ද සොයාගෙන ඇත.