(ෂෙහාන් චාමික සිල්වා)
පසුගිය ජනපතිවරණ සමයේ ජිඅයි පයිප්ප බෙදා හැරිමේ දී මිලියන 36 ක් අවභාවිතා කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට කොළඹ මහාධිකරණයේ දී අද (8) අධි චෝදනා ගොනු කැරිණි.
රුපියල් ලක්ෂ 20 ක මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 100 බැගින් ශරිර ඇප 3 ක් මත බැසිල් රාජපක්ෂ මහතා සහ කිත්සිරි රණවක මහතා මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.
ඇප තැන්පත් කිරිමට මාර්තු 29 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මේ රටට වැඩක් කරපු මිනිස්සු. පළාත් ආයතනවලට ලබා දුන් ඒ පයිප්ප දැන් මේ ආණ්ඩුවේ උත්සව වලටත් යොදා ගන්නවා, රෙදි ඇඳගෙන. දැන් වෙන්නේ හොරකම් විතරයි. කරන වැඩක් කොහෙවත් පෙනෙන්න නැහැ. ආයිත් නම් රැවටෙන්නේ නැහැ. කෝ ඉතින් චන්ද තියන්නේ නැහැනේ.