IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ජෝ බයිඩන් මෙඩිකල් පාස්

ඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ගැටලු කිසිවක් නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය විය.

වයසත් සමඟ බයිඩන් මුහුණ දෙන ශාරීරික දුර්වලතාවලට ඔහු නොකඩවා ඖෂධ ලබා ගන්නා බව ද වෛද්‍ය පරීක්ෂණයේ දී අවධානයට ලක් විය. වොෂින්ටන් වෝල්ටර් රීඞ් වෛද්‍ය මධ්‍යස්ථානයේදී, වෛද්‍ය පරීක්ෂණය සිදු කළේ ධවල මන්දිර වෛද්‍යවරයාගේ මැදිහත් වීමෙනි.

අවුරුදු 81 ක් වුවත්, තමන් තරුණයකු මෙන් නිරෝගීව සිටිනවා යැයි වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කරමින් වෝල්ටර් රීඞ් දෛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් තමන්ට විහිළු කළ බව ද බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

වාර්ෂිකව ඇමෙරිකන් ජනාධිපතිවරයා කායික සහ මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම ඇමෙරිකාවේ සම්ප්‍රදායයි. බයිඩන්, එලැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ දෙවැනි ධුර කාලය වෙනුවෙනි.

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ ද බයිඩන්ය. බයිඩන්ට අභියෝගයක් වනු ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක 77 හැවිරිදි ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (0)

ජෝ බයිඩන් මෙඩිකල් පාස්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග
2024 මැයි මස 06 148 0

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති


පාස්පෝට් 180ක් මහරගම කාණුවක
2024 මැයි මස 06 133 0

මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත


’’වීසා ගාස්තුවල වෙනසක් නෑ’’
2024 මැයි මස 06 707 2

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ


කෙහෙළිය යළි රිමාන්ඩ්
2024 මැයි මස 06 349 1

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි ’’ඉමියුනෝගලොබින්’’ හා පිළි


චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට
2024 මැයි මස 06 916 1

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණි


ලංගම බසයේ රෝදය ගැලවේ
2024 මැයි මස 06 524 0

හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 513 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1973 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site