
ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී අද (20) දිවුරුම් දුන්නේ ය.
ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ජෝන් රොබට්ස් ඉදිරියේදී ඇමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස 78 හැවිරිදි ජෝ බයිඩන් අද එලෙස දිවුරුම් දුන්නේ ය.
ඉන් ටික වේලාවකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොටොමෙයර් ඉදිරියේ දිවුරුම් දුන්නා ය. කමලා හැරිස් 56 හැවිරිදි වියේ පසුවන අතර ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය යි.
ඇය ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු කළු ජාතික කාන්තාව, පළමු දකුණු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය, ඇමෙරිකානු අප්‍රිකානු සහ ඇමෙරිකානු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය ද වන්නී ය.
ජනාධිපති ට්‍රම්ප් ගේ කලබලකාරී වසර හතරක ධුර කාලය අවසන් කරමින් ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ යැයි ද ඇමෙරිකානු මාධ්‍ය අද (20) වාර්තා කළේය.
ජෝ බයිඩන් සහ කමලා හැරිස් ඔවුන්ගේ ධුරවල දිවුරුම් දීම ඇමෙරිකානු ඉතිහාසයේ 59 වැනි දිවුරුම් දීමේ උත්සවය ද විය.

(ඒ.එෆ්.පී.)

055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයිඩන් අයියාට අපගේ උණුසුම් සුබ පැතුම්... අනිකුත් රටවල කුණු ගොඩවල් සුද්ද පවිත්‍ර කිරීමට උත්සහ කරනවාට වඩා ඔබට ඔබගේ රටේ නරකාදී කුණු ගොඩවල් සුද්ද පවිත්‍ර කිරීමට හැකි වේවා..!!! එලෙසම මෝස්තර, කැටයම් කලාවෙන් තම රටේ මිනිසුන් රවට්ටන්න, මිනිස්සුන්ව අන්දන්න මහජන මුදල් හොරා කන්න ඕනෑ නම් අපි ගාව ඉන්නවා "කැටයම් කලාවේ කෙල පැමිණි 225ක්ම‘‘ ඕන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න පුළුවන් හොඳේ...
තවත් ත්‍රස්තවාදියෙක්... මේ අවුරුද්දේ මොන රටට බෝම්බ ගහයිද දන්නෑ.. උන්ගේ ආයුධ ටික විකුණගන්න..