ප්‍රවීණ රංගන ශිල්පී ජේ.එච්.ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි.
1921 කුරුණෑගලදී උපත ලද ජයවර්ධන මහතා කලක් රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කළ අතර කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගුවන්විදුලිය හරහාය. ඔහු දඩයම, හඳයා, සප්ත කන්‍යා, අධිෂ්ඨානය, අයෝමා වැනි චිත්‍රපට රැසක රංගනයට එක්වී ඇත.
කැලණි පාලම, මකරාක්ෂයා, උතුරේ රාහුල, ඉඩම, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් එක්වී ඇති ඔහු හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ රංගනයටද එක්විය. ඊට අමතරව ලොක්කෙ මාමා, දළ රළ පෙළ වැනි ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපනය කළ ජයවර්ධන මහතා සරසවි හා ජනාධිපති සම්මානවලටද පාත්‍ර වී ඇත.
1997 වසරේදී ග්ලූකෝමා රෝගයෙන් සදාකාලික අන්ධභාවයට පත්වූ ජයවර්ධන මහතා මිය යාමට පෙර දැඩි ලෙස රෝගාතුරවී සිටියේය.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවකු වන ජයවර්ධන මහතා මොනරතැන්නේ රජ්ජුරුවන් ලෙස ප්‍රේක්ෂක සිත් සතන් අතර නොමැකෙන නමක් දිනා ගත්තේය.
ගුවන් විදුලි නාට්‍යද නිර්මාණය කර ඇති ජයවර්ධන මහතාගේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍යය වුයේ "සීගිරි නළඟන" නාට්‍යයයි.
ඊට අමතරව පද පෙරළි, රිසි පැන, දැනුම මිනුම ආදී ගුවන් විදුලි අධ්‍යාපන විශේෂාංග කීපයක්‌ද ඔහු විසින් නිෂ්පාදනය කර තිබේ.
අභාවප්‍රාප්ත වු ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (4) වැලිසරදී සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ පවුලේ ඥාතීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා හොඳ කලා කරුවෙක්. මගේ ශෝකය! නිවන් සැප ලැබේවා! (බ)
කැළණි පාලම , මෙම්බර් මහත්තයා අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔබට නිර්වාණ සුව ලැබේවා! (නි)
"ලොක්කෙ මාමාට" නිවන් සුව ලැබේවා....! (ම)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! රත්තරන් වටිනා කලාකරුවෙක්. (ම)
මෙතුමා අති දක්ෂ නළුවෙක්. වර්තමානයේ මෙවන් කලාකරුවන් වගේම කලා නිර්මාණද දකින්න ඇහෙන්න ලැබෙන්නේ වත් නැහැ. මහත්මයාණනි, ඔබතුමාට නිවන්සුව අත්වේවා! (නදී)
"ලොක්කෙ මාමාට" නිවන් සැප ලැබේවා...!!! (නදී)
ඔට මතකයි මෙතුමා ගම්පෙරලිය නාට්‍යයේ ඉතා හොඳ රංගනයක යෙදුනා. ඉතා හොද පිරිමි පෞර්ෂයක් තිබු නළුවෙක් (බ)
මේ වගේ වටිනා කලා කරුවන් ආයි කොහෙන් හොයන්නද? රුපවාහිනියට පෙර එතුමා ගුවන් විදුලියේ ඉතාම ජනප්‍රියව හිටියා. මට මතකයි ඉරිදා රාත්‍රී විශ්ව සාහිත්‍යයෙන් නාට්‍ය මාලාව. මොණරතැන්න, ගුවන් විදුලි රඟ මඩල. එතුමාට නිවන් සැප ලැබේවා. (බ)
මෙවැනි නළු නිලියන් ලංකාවේ දැන් බිහිනොවීම ජාතියේ අභාගයක්, ඔබට තුමාට නිවන් සුව ලැබේවා. (බ)
අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔබට නිර්වාණ සුව ලැබේවා! ආයෙත් අප අතරම උපදින්න. (බ)
ඔබට උතුම් නිර්වාණ සුව ලැබේවා! (බ)
මම දන්නා හොඳ කලා කරුවෙක්. මගේ ශෝකය! නිවන් සැප ලැබේවා! (ම)
අයියෝ! ලොක්කෙ මාමා. අද කාලේ ළමයින්ට ඒ වගේ සුන්දර දේවල් බලන්න නැහැ. ඔබට නිවන් සුව. (නි)
මට තාම මතකයි මම පොඩි කාලෙ ලොක්කෙ මාමා කතාව බලනවා. කලු කෝට් එක්ක ඇඳගෙන ඇවිත් ළමයි වටකරගෙන අවවාද දෙනවා. අපේ ළමා කාලෙ හිටපු ආසම කරන චරිතයක්. සුභ ගමන් ලොක්කෙ මාමේ! (නි)
අද කලේ හැටියට පරමායුස නිවන් සුව ඔබට (ම)
ඔබ තුමාට නිවන්සුව ලැබේවා!!! (ම)
ප්‍රවීන රංග ශ්ලපි ඇප සැමගේ හැද බැඳගත් මෙම්බර් මහතාට නිවන් සුව ලැබේවා....! (ම)
මම පුංචිකාලේ රුපවාහිනී තිබුනේ නැහැ. ගුවන්විදුලිය හෙවත් රේඩියෝව තමයි ඒ කාලයේ ප්‍රභලම සන්නිවේදන මාධ්‍යය. ඇත්තටම ඒ රේඩියෝව දැන් තියෙන රේඩියෝවට වඩා ගුණාත්මක අතින් බොහොම ඉහලයි..රටේ ජනතාව ඉහලින්ම අගයකරපු, හැම සතියෙම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ගුවන්විදුලි නාට්‍යයන් දෙකක් තිබුනා. එකක් ' මුවන් පැලැස්ස' අනෙක ' මොනරතැන්න'.මේ මොනර තැන්නේ ' රජ්ජුරුවෝ' තමයි අපේ ජේ.එච්.ජයවර්දන මහත්තයා. අපි පාසලේදී එතුමාගේ කටහඬ අනුකරණය කරන්න උත්සහකලා මට තවමත් මතකයි. අතිවිශිෂ්ට රන්ගධරයාණෙනි ඔබ පැතූ නිවන්සුව ඔබට අත්වේවා. (ස)
කණගාටුදායක පුවතක්! (නි)
මැම්බර් මහත්තයෝ ඔබට නිවන් සුව. සෝමලතා මහත්මියටත් නිවන් සුව මේ වෙලාවේම පතනවා. කවදාවත් අමතක නොවන චරිත අපේ මතකයේ ඉතිරි කල මහා කලාකරුවන් ඔබලායි (නදී)
ඔබ තුමාට උත්තරීතර නිවන් ප්‍රර්ථනා කරනවා. මට අවුරුදු 8ක් ඇති කැළණි පාලම බලන කොට ටවර් එකේ. ඒ කියන්නේ 1983 වගේ කාලේ. අනේ මැම්බර් මහත්තයාගේ උජාරුව. තව ෆිල්ම් එකක කියනවා කෙල්ලෙකුට (නිළිය මතක නැහැ ) "කෝලි කුට්ටු ඉදි ඉදී යනවා උඹලා පන්සල පැත්තෙවත් එන්නේ නැහැ කියා (නදී)
ඔහු අපේ ආච්චිලා සීයලාට ගුවන් විදුලියේ, මොණරතැන්නේ රජ්ජුරුවෝ. අපේ දෙමාපියන් ඔහු වේදිකාවේ දැක ඇත්තේ කැලණි පාලමේ මැම්බර් ලෙසින්. අපි ඔහුව රූපවාහිනියේදි දැන අඳුනාගත්තේ 'ලොක්කේ මාමා' විදිහට.ඔහු ගැන සොයන්න ගිය මාධ්‍ය කණ්ඩායමක් ඔහු වෙසෙන නිවෙස හරියටම කුමක්දැයි කිහිප දෙනෙක්ගෙන් අහලා තියෙනවා. අලුත් පරම්පරාවේ අය මේ මහා කලාශිල්පියා ගැන තොරතුරක් කියන්නට දන්නේ නැතිමුත් අවසානයේ ජේ.එච්. පදිංචි නිවෙස ගැන තොරතුරු කියා දුන්නේ කාන්තාවකි. “ඔය අහන්නේ ‘ලොක්කා මාමා’ ගැන නේද? මෙන්න මේ ගෙදර තමයි ඉන්නේ” ඇය නිවැරදිවම නිවෙස පෙන්නුවාලු.ජේ. එච්. අන්කල්, ඔබ අප අතරම මිනිසත් බව ලබා නිවන් අවබෝධ කරත්වා. (නි)
මගේ ළමා කාලයෙදි මම ආසම නලුවා. (නදී)
මේ අවිචාර සමයේ දේශපාලන වන්දිභට්ඨයන් නොවූ ප්‍රබුද්ධ කලාකරුවන් කීපදෙනෙකු සදහටම නික්ම යෑම කණගාටුවට කරුණක්. එතුමා කලාකරුවන්ගේ අගය දන්නා දේශයක මතු උපදීවා! ජේ.එච්. ජයවර්ධන සූරීන්ට නිවන් සුව අත්වේවා! (නදී)
දුකින් පිරුණු ගෙවෙන සති දෙකක්.සැබෑ කලාකරුවන් ජීවිතයෙන් සමුගැනීම මහත් දුකක්. මේ අපි මහත්සේ ප්‍රියකළ අවිහිංසක කලාකරුවන්.රංගන ශිල්පීන්.මේ අයගේ අඩුව කෙසේ පුරවන්නද? (නි)
මෙතුමා වගේම එච්. ඒ. පෙරේරා වැනි දක්ෂ නළුවන් දැන් අපිට නැහැ. දැනට ඉන්න දෙතුන් දෙනාගේ දක්ෂතා දකින්න හොද නිර්මාණයක් හැදෙන්නෙත් නැහැ. ඔබ තුමාට නිවන්සුව.! (ර)
රූපවාහිනිය නැති කාලයේ ගුවන් විදුලියෙන් තමයි අපිට මෙතුමාව මුණගැසුනේ විවිධ චරිතවලින්. ඔහු ඉතාමත් දක්ෂ කලාකරුවෙක්. නැවතත් අප අතරම ඉපදෙන්න ප්‍රර්ථනා කරනවා (නදී)
මෙවැනි කලා කරුවන් නැවත අප රටේම ඉපදේවා. ඔබ තුමාට නිවන්සුව.! (ර)
සැනසුම කොහෙද ? අල්ලපු ගෙදර ! කැළණි පාලමේ අද්විතීය රංගනය . ඔබට නිවන් සුව! (ර)
මෙතුමාට නිවන් සැප ලැබේවා. ! අපොයි ලංකාවේ කලාවේ බැස යාමද කොහෙද මේ. සෝමලතා සුභසිංහ මහත්මිය ගේ මරණයෙන් හත් දොහක් ගියේ නැහැ. ප්‍රතිභාව තිබෙන නළුවන් දැන් ලංකාවේ ඉන්නවද කියල සැකයි. ළමයින් දෙතුන් දෙනා එක්ක පවුල් අනාථ කර තරුණ නිලියන් එක්ක පවුල් කමින් අන්තිමේ ආයිත් පාරක් පෝරුවටද නැගලා දැන් තමයි මට නියම ආදරේ දැනෙන්නේ කියනවා . ඔන්න දැන් ලංකාවේ කලාව !(නදී)