‘ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපති මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ බලයේ සිටින ජනාධිපති කිසිවකුට පැරදවිය නොහැකි ලෙසයි. නමුත් ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන කියන ජෝතිෂවේදියාට පිං සිද්ධ වෙන්න අවුරුදු දෙකකට කලින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අපට එළවන්න අවස්ථාව ලැබුණා.‘ යැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කඩවත ජනහමුවක දී පැවසීය.
‘සුමනදාසට කවුරුන් බැන්නත් හිතට එකඟව මට නම් බනින්න බෑ. මොකද එතුමානේ මාරාන්තික නැතක දුන්නේ. ඉතින් කොච්චර ලොකු සේවයක් ද?
හිටපු ජනපති දැන් පන්සල්වලට ඇවිත් කෑ ගහන්නේ ජනතාව හෝ රට වෙනුවෙන් නොවෙයි. ඔහුගේ පවුලේ උදවියට තිබෙන චෝදනා ගැන හොයන්න ගියාම කියනවා අපි දඩයම් කරන බව. ඔව් අපි දඩයම් කරනවා. අපි දඩයම් කරන්නේ හොරුන්. අපි හොරුන්ව දඩයම් කරන බව පොරොන්දු වුණා. කැබිනට් ඇමැතිවරුන් මාංචු දාගෙන බන්ධනාගාරවලට රැගෙන යනවා මීට පෙර දැක තිබෙන්නේ චිත්‍රපටවල පමණයිනේ. ‘ යැයි ද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසළ, ඔබට අනුව "හරියට කථාකරන්න දන්නා, උගත්,රටට ජනතාවට සේවයක් කරන්න පුළුවන් අය කියන්නේ, පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පාටි දාපු කට්ටිය වගේ අයද? නැතිනම් ඇමති, මන්ත්‍රී වැටුපෙන් හදිසියේ කෝටිපතියන් වුන ගුවන් යානා හිමිකරුවන්ටද එහෙමත් නැතිනම් පයිල් ළඟ තබාගෙන කළ වැරදි වලට වටවන්දනාවේ යන අයටද? (කේ)
අනේ අපේ රට බේරාගත්තු සොල්දාදුවන් සහ පොලිසියට අපි සදා ණයගැතියි ,ඒ ජිවිත පූජා කර බේරාගත් රට හිටපු නායකයින් විනාස කර දැමුවා , මිනිසුන්ව ලජ්ජා බය නැතිවෙන විදියට හොරකම් කරන්න පාර හදල දුන්න දැන් ඉතිරි වෙලා ඉන්නේ. (කේ)
රන්ජන් මහත්තයෝ කතාව ඇත්ත. (බ)
අම්මෝ එ්ක මිසක් . මම හිතුව මේ සුමනදාස ඒ අව් අස්සේ පිරිමියෙක් ගැහැනියක් බවටත් පත් කරලා කියල (බ)
මූ සිංහලයෙක්ද ? (බ)
නරකද දැන් සිරික්කිය ටිකකට නවත්තල අර භාර දීපු අමාත්‍යංශයේ වැඩ ටික ගැන සීරියස් විදියට බැලුවොත්. (බ)
අනේ මෙන්න මෙයාට කව්රු හරි චීත්ත රෙද්දක් දෙන්න ඇඳගන්න. (බ)
අනේ අනිල්.. හැම එකකටම ජාතිවාදය ගාව ගන්න එපා..සිංහල වුනත් දෙමල වුනත් ලංකාවේ මිනිස්සු නේ..අනිත් එක මූ වගේ බාල වචන මිනිස්සු දහස් ගානක් බලන ලිපියකට උචිත නෑ කියල හිතන්න තරම් මොලයක් නැද්ද..(බ)
දැන් නම්බුකාරම රස්සාව හොරකමයි.ඔය චානක කියන විදිහට ජම්පරයයි නොම්මරයයි හම්බවෙන්නේ පොඩි, පොඩි හොරුන්ට විතරයි.මහා පරිමාණ හොරු ටික සැපසේ වැජඹෙති. (නි)
අනිල් මතාණෙනි සංවරව වචන හසුරුවන්න. ඔබ කවුද කියන එක ඔබගේ අදහසින්ම පෙනේ (බ)
අද කාලේ ගොඩක් දෙනාට තිබෙන අමාරුව එදා ප්‍රභාකරන් මරපු එක (නි)
මොකටද මහත්තයෝ ඒ කාලේ ඔය නොදන්නා දේවල් කරන්න ගියේ? ඔබතුමාගේ කතාවෙන් නම් පෙනෙන්නේ, මහපොළොවේ ඔලුව තියපු එක්කෙනෙක් වගෙයි. (නි)
අයියෝ රන්ජන්, කල්පනා කරලා කතා කරන්නකෝ (නි)
ඔව් රන්ජන් ඔබේ කතාව සත්‍යයි.(හේ)
කේ .සුමනෙ තමා මේ නව යුග පෙරළියේ නිර්මාතෘ .(හේ)
පිවිතුරු යහපාල, අනෙක් අයට කියන්න කලින් තමන්ගේ ඉගෙනීම, බුද්ධිය, යනාදිය පරික්ෂා කරගන්න. තමන්ට වාසිවෙන්න මොනවාහරි වාචාල කතාවක් ලියන එක එතකොට අඩුවෙයි. තමන් කියන එක වැරදුනාම නම වෙනස් කරලා ලියන ලැජ්ජා නැති වැඩෙත් නවත්වන්න. (නි)
මෙයාලට පුළුවන් බොරු රගපෑම් විතරයි නැතුව මොන දේශපාලන අධ්‍යාපනයක්ද? ලංකාව දැන් පාලනය කරන්නේ 8 පස් නළුවෝ ජනතාවට පිස්සු මේවගේ අයට ඡන්දේ දිම (ම)
මොනවා වුණත් කතාව ඇත්ත (ම)
තාමත් ඇහෙන්නේ අවලාද හෝ උපහාසාත්මක කතා .ඊළඟ මැතිවරණයේදී කවුරු දිනුවත් රට සංවර්ධනයට මුල් තැන දෙන්න.මෙවන් අවලාද කතා අහලම ඇතිවෙලා.සංවර්ධන සැලසුම් හෝ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඇහෙන්නට වත් නැහැ.(ම)
මුට පිස්සු >>> අදාළ වැඩ නොකර > රට පස්සට ගනේවා> (ම)
එකම එක හොරෙකුට දඬුවම් දීලා පෙන්වන්න (නි)
දැන්වත් අර කිව්වා වගේ අර ඇමති කමට හරියන වැඩ ටික කරා නම් බොරු මවා පාමින් කරන රඟපෑම් දැන් බලලා අහල දැන් අපිට එපා වෙලා පික්පොකට් ආණ්ඩුවේ ඇමති කමක් අරගෙන තවත් බොරු විගඩමක් කරන්නේ ලැජ්ජාවක් නැතිද ?(ම)
මොනවා වුණත් රනිල් මහත්තයා සුදුස්සාට සුදුසු අමාත්යංශය දීල තියෙනවා.(ම)
ජේ ආර් ජයවර්ධන මහතාගේ කළෞ ජාත්‍යන්තර දේශපාලනය ලංකාවට ඇඟිලි ගැහුවේ නැහැ. දැන් චීනය නිසා ඉන්දියාව සහ බටහිර රටවල් කලබල වෙලා ආසියාව තුල තමාට අවනත ආණ්ඩු පිහිටවනවා. (ම)
අනේ කවුරුහරි පින්වතෙක් මෙයට චීත්තයක් දෙන්න ඇදගන්න.(ම)
හොරු ගැන මතක් කරනකොට කට්ටියකටනම් මිරිස් කුඩු කෑව වගේ.(ම)
තප්පු ලන්න එපා ...තව ටික දවසකින් හංවඩු ගහල ලාඩම් ගහනවා...(ම)
යහපාල සැරයක් බවලතුන්ගෙන් ගුටි නොකා බේරුනේ.චානක නැති මේ තීරුව පරිප්පු නැති හොටෙල් එක වාගෙයි. (ම)
අර්ජුන රන්වල.. දුක හිතුනද....(ම)
පිවිතුරු යහපාල ඇමෙරිකාවේ පැල් බැඳගත් පවුලේ සාමාජිකයෝ ඉන්න කට්ටියකට උදේ හවා වඳින ගමන් අනිත් මිනිසුන්ට කියනවා ඇමෙරිකන් මානසිකත්වයෙන් මිදෙන්න කියලා. මේවා අහලා ලංකාවේ ඉන්න අපිට දෙකොනින් හිනා යනවා. (නි)
අනිල් වැස්සකටවත් පාසලකට ගිහිල්ල නැති බව පේනවා. මට පුළුවන් ඔබට පාසලක් හොයල දෙන්න.(ම)
අනිල් මල්ලි, ඔවු රන්ජන් රාමනායක කියන්නේ හොඳ පරම්පරාවකින් පැවතෙන සිංහල මනුස්සයෙක්.ඔබව එතුමාගේ ඉතා දීර්ඝ වාසකමින්ම පෙනෙනවා.ඔබගේ හදවතට තට්ටුකරලා අහන්න එපා ඔබගේ බුද්ධියට අමතලා අහන්න මේ මනුස්සයා කියන්නේ ඇත්තද කියලා.(ම)
පිවිතුරු යහපාල, තිස් අවුරුදු යුද්ධය ගැන දන්නේ නැති ඇමෙරිකාවේ ඉපදුනු ලාබාල තරුණයකුට මෙතන සිංහලෙන් අපිත් එක්ක අදහස් හුවමාරු කරගෙන ලියන්න පුලුවන්ද? මෝඩ කතා නොකියා පළමුව ඔයාගේ ලොක්කගේ සමහර නෑදෑයෝ ඉන්නේ මොන රටේද කියලා මතක් කරගන්න. (නි)
කිව්වත් වගේ චානකට අඩු ගානේ මෙතන සිංහලෙන් ලියන්න පුළුවන්. සමහර ලොක්කන්ගේ ඇමෙරිකාවේ ඉන්න ඊළඟ පරම්පරාවේ ළමයින්ට සිංහල කතා කරන්න පුලුවන්ද දන්නෙත් නැහැ. (නි)
පිවිතුරු වැරදුණා ඒක රවී හැර කියලා නිවරදි විය යුතුයි (ම)
බටහිර රටවල වැඩ කරන අපි දිවා කෑම පැයේදී මේ තීරුව බලලා අපමණ විනෝදයක් ලබන්නේ යහපාලගේ විකට කියුම් කෙරුම් බලලයි.තැන්ක්ස් යහපාල. (ම)
සුමනදාස නෙවෙයි ඔබතුමා විහිලුදාස නොවී දැන් තනතුරට අදාළ වැඩ ටික පටන් ගන්නකො .(ම)
සුමනදාස තමයි අපේ ජාතියේ වීරයා! (නි)
පශු සම්පත් ඇමතිගේ පශු කතාව ඉතා අනර්ඝයි. (නි)
"ලැබුවේ අවවාද නොහොබින ආරකය... මං පෙර ගියේ වරදින් පිරි පාරකය... ඒ ගිය මගේ අවසානය???" (නි)
පසුගිය පුවතකදී කවුදෝ කෙනෙක් ලියලා තිබුනා පිවිතුරැ යහපාලව එකතරා කාන්තා ඇඟලුම් වගයක් ගෙන්න ගන්න නුගේගොඩ පොලට යවන්න ඕන කියලා.ඒ මනුස්සය ලියපු දේ හරි කියල ඉහත සඳහන් පිවිතුරු ගේ අදහස අනුව පේනවා. (ම)
ජයවේවා සුමනදාස! (නි)
මේ වගේ අයට ඡන්දෙ දෙන අපිට ගහන්න ඕන. (ස)
තවත් එක විහිළුවක් විතරයි (නි)
ඔය යහපාල ඇතුළු කඩේ යන කට්ටිය එකක් දැනගත යුතුයි.බොහෝ උගත් පිරිස් විදේශ ගතවෙලා ඉන්නේ ලංකාවේ ඉන්නකොට සුදුසුකම් අඩු අය යටතේ නම්බුකාර විදිහට තමන්ගේ රාජකාරිය කිරීමට බැරිවුණ නිසාවෙනුයි.එවන් පිරිස් තමන්ට වුණ අසාධාරන ලියනවිට,යහපාලලා කරන්නේ අපහාස කිරීමයි.ඒවා අනුකරණය කරන අඳබාලයෝ කෙනෙකුට අමතන විදිය හෝ දන්නේ නැත. (නි)
මේ වගේ කතා අහනකොට වැරදි කරපු මිනිසුන්ට දිරවන්නේ නැහැ. මේක කියල තියෙන්නේ හිටපු නායකයට නමුත් උත්තර දෙන්නේ කොහෙවත් යන කට්ටිය තොප්පිය සේරටම හරියන පාටයි (බ)
ඔයාලා හැමෝගෙන්ම මම අහන්නේ ඇයි මිනිසුන්ට මඩ ගහන්නේ කියලා (නි)
චානකගේ රෙදි හෝදන්න සෑහෙන යහපාලන නඩයක් ඉන්නවනේ! අනේ හෝදලා දෙන්න. (නි)
බලනකොට සුමනදාසට මීටවඩා සළකන්න වටිනවානේ! (නි)
පිවිතුරු යහපාල, ඔයාට නම් සභාවේ කට්ටිය සෝදන්න එවන්නේ චීත්ත , සායවල්, සාරි, හවුස්කෝට් වගේ දේවල් හොඳේ. (නි)
අනේ ඔන්න කවුරුහරි පිවිතුරු යහපාලගේ ඇඳුම් ටික සෝදලා දෙන්න. මෙතැන නහයෙන් අඬනවා එයාගේ රෙදි සෝදන්න කවුරුවත් නැහැ කියලා. (නි)
අනේ! ඇඟේ තරමට අපේ නළුවන්ට මොළයත් තිබුණා නම්... (නි)
අනේ පවු යහපාල. තමන්ගේ රෙදි හෝදලා දෙන්න කවුරුවත් නැහැ වගේ. අනේ කවුරු හරි ඉන්නවනම් ඉස්සෙලම යහපාලගේ රෙදි ටික හෝදලා දෙන්නකෝ. පින් සිද්ද වෙයි. (ම)
මෙතුමාගේ අදහස හරියටම හරි.සුමනදාසලා මොන අදහසකින් ක්‍රියාකළත්,අවසන් ප්‍රතිඵලය රටට යහපත්ම වුණා.එසේ නොවුණා නම් රට අඳුරු අගාධයකට වැටී අවසන්. (නි)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සීග්‍ර කඩාවැටීමක්. ඉංජිනේරුවන්ට වෙලා තියෙන්නේ ගෙදරට ඇවිල්ලා ගෑනිට පොල් ගාලා මිරිකලා දෙන එකද ? (නදී)
කවුද අනේ ඔක්කොම වැඩ පැත්තකට දමල යහපාලගේ චිත්ත සෝදන්න එන්නේ ? (බ)
මෙරවත්ත, ඔබ ඔහොම කියන්නේ පිස්සු කතාවක් නේ. අපේ රාජ්‍ය නායකයෝ දිහා බලපුවාම ඔබ කියන කතාව ලොප් වෙනවානේ. (නදී)
රන්ජන් අයියා, ඔයා කියන්නේ ඇත්ත. ඔයාටත් ඉතින් ඇමතිකමක් ලැබුණානේ. (නි)
චානකගේ රෙදි හෝදන්න සැහෙන්න යහපාලන නඩයක් ඉන්නවනේ..අනේ හෝදලා දෙන්න..පොඩි එකනේ.(ම)
මොන පක්ෂෙන් ඡන්දෙ ඉල්ලුවත් මොන පක්ෂෙට චන්දෙ දුන්නත් මේපාර වත් මහ ජනතාව ගෙන් එකම ඉල්ලීමයි කරන්නේ හරිය කතා කරන්න දන්නා උගත් රටට ජනතාවට සේවයක් කරන්න පුළුවන් කෙනෙක්ට ඔබේ වටිනා ඡන්දය දෙන්න. නිකන් නළු බට්ටන් පත් කර ගන්නේ නැතුව. මුන් කරන්නේ හරක් ඉදිරියේ රග පාන එක විතරයි, (බ)
මොනවා උනත් රනිල් මහත්තය සුදුස්සාට සුදුසු අමාත්යංශය දීල තියෙනවා...මෙයා හිතන් ඉන්නේ මෙයා රගපාන තුට්ටු දෙකේ චිත්‍රපටි කතාවක් වගේ කියල ප්‍රයෝගික දේශපාලනෙත්..අනේ ඉතින්සේනානායකල ජෝන් කොතලාවලලා ජේ ආර්ල ප්‍රේමදාසල හිටපු යු අන් පි එකට ගිය කල...(බ)
චෝදනා තිබුණු පළියට තාම කිසිම කෙනෙක් වැරදි කාරයෝ වෙලා නැනේ.නීතියෙන් ඔප්පු වෙනකම් කිසිම කෙනෙක්ව මෙතරම් පෙලන්න එපා...ඉතින්, මේවා නිතිය ඉදිරියේ ඔප්පු වෙනකම් පොඩි විවේකයක් ගත්තොත් හොඳයි නේද! (බ)
මේ කතාවේ ගැබ්වෙන්නේ කෘතගුණ සැළකීම බව පෙනෙනවා. හිතට එකඟව මෙය කරනවා නම් හොඳයි. හිටපු ජනාධිපතිට ලෝකය හඳුනාගන්නට ඉඩ සළසමින් තාවකාලික නිවාඩුවක් ලබාදුන්නා වගේම සුමනදාස කළේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඇමතිවරු වෙනත් ආකාර වලින් පත්වීමට අනියමින් ආධාර කිරීමයි. (නි)
ඇසළ, තව අඩු ලාඩම් විතරයි. (නි)
අපි වෘත්තීය රෙදි අපුල්ලන්නෙකුට යහපාලගේ අවශ්‍යතාවය ගැන කිව්වා. එයා චිත්ත සෝදන්නේ නැහැ කිව්වනේ . දැන් මොකද කරන්නේ. ? (ම)
අනේ ඇත්තට මේ රෝහන්ලාට පෙරේරලාට පිස්සුද ? රෙදි සෝදලා දෙන්න ඕන රෙදි අඳින මිනිස්සුන්ටනේ. (ම)
පිවිතුරු යහපාල ඔන්න අපි ඔයාට හෙට සභාවට ඇඳගෙන එන්න මල් මල් කිමෝනාවක් එව්වා. සයිස් එක හරිද බලල කියන්න හොඳේ. (ම)
මෙයා නම් පශු සම්පතක්ම තමයි.(හේ)
ඇසළ , මදැයි මෙයාව ඉහළම තනතුරකට දාගෙන කළ හරිය! (නි)
අපි මේ රට නිවැරදි කරමු. (නි)
වෛරයෙන් පිරිලා. මේ පාලනයටම තමා ගැළපෙන්නේ (නි)
විජය කුමාරතුංග මහතා සැබෑ මානව හිතවාදියෙකි. සිනහවද නිර්ව්‍යාජය. (නදී)
කවූරු වුනත් ප්‍රශ්නයක් නැහැ කර තිබෙන දුෂණයන් එම දුෂණ වලින් හංගගෙන ඉන්න මුදල් රටට ලබාගෙන ජමපරයයි නොම්මරයයි දෙන්න පුලුවන්නම්. (ර)
යහපාලට ඉතින් මෙරෙනකම්ම ඉන්න වෙන්නේ ලින් පතුලේම තමයි. අපිට වගේ නීති ගරුක යුක්ති ගරුක ලෝකයක් දකින්න ලැබෙන එකක් නැහැ වගෙයි . (ර)
සමහරුන්ට වෛරයයි වංචාවයි පැටළිලා (නි)
කට්ටිය ගැන දුකයි..කට්ටිය මල් මල් නයිටි ඇදන් අනුන්ට චිත්ත අන්දන්න හදනවා..කොහොම වුණත් චිත්ත කිව්වම මට උඩ තියෙන පැණි මුණු පොඩ්ඩ මතක් වුණා(ම)
චානක මහත්තයගේ වයස දැන ගන්න ආසයි..පේන හැටියට කිරි බොන ළදරුවෙක් වගේ..ඔබ තුමා අහල නැතුව ඇති මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණු බව..දවසකට මිනි සිය ගණන් එකතු වෙන සිය ගණන් අත පය අහිමි අබ්බ ගාත් වෙන.මිනිත්තු ගානකදී කොටි ප්‍රකෝටි ගානින් රාජ්‍ය දේපල අහිමි වුනු.....දන්නේ නැත්නම් අම්ම තාත්තාගෙන් අහගන්න..2009න් පස්සේ රටට ඉතුරු කරලා දීපු ජිවිත දේපල වල වටිනාකම මනින මිම්මත් අම්ම තාත්තාගෙන් අහගන්න..ඊට පස්සේ ඔය කියන ඔප්පු කරගන්න බැරි වංචා දුෂන වල නාමික වටිනාකමයි ඒ වටිනා කමයි සන්සන්ධනය කරලා බලන්න..මොන පැත්තද වැඩි කියල..අනෙක අවුරුදු 17ක් එක දිගට මේරට යු අන් පි රජයක් යටතේ තිබුණු හැටිත් ජීවිතයක වටිනා කම තුට්ටුවට ගිය බල්ලෝ බළල්ලු ගානට මහමග තරුණ තරුණියෝ පිළිස්සුනු යුගයක් ඒ කාලය තුල තිබුණු හැටිත් වංචා දුෂණ මිනීමැරුම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර පිළිබද අද කරනවට වඩා චෝදනා ඒ කාලසීමාවේ ඒ රජයේ ඇමති වරුන්ට තිබුණු හැටිත් අම්ම තාත්තාගෙන් අහල දැන ගන්න..ඒවා අහල දැනගෙන ඔය ඇමෙරිකන් මානසිකත්වයෙන් මිදිලා මේ මහපොළොවේ දේශපාලනය පිළිබද යථාර්තය අවබෝධ කරගෙන පොළොවේ පයගපු මනුස්සයෙක් වෙන්න..(බ)