
(අංජුල මහික වීරරත්න)
මැතිවරණ වලදී නොමැකෙන තීන්ත භාවිත කර ජන්ද දායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරට මැතිවරණ සඳහා වන නෛතික විධිවිධාන යටතේ 2004 වර්ෂයේ සිට පවත්වන ලද මැතිවරණ / ඡන්ද විමසීම්වල දී ඡන්දය සලකුණු කිරීම සඳහා පැමිණෙන ඡන්දදායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර, එම සියලු ඡන්දදායකයින් නොමැකෙන තීන්ත භාවිත කිරීම මඟින් උචිත ලකුණින් සලකුණු කිරීම ද අනිවාර්ය වේ.
එම කාර්යයන් ද්විත්වයෙන්ම අපේක්ෂා කරනුයේ එක් ඡන්දදායකයෙක් එක් මැතිවරණයකදී එක් වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීමයි.
එකම අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීමට සිදු වීම තුළින් ඡන්ද මධ්‍යස්ථාන වල සිදු කරනු ලබන රාජකාරින්හි කාර්යක්ෂමතාවට බාධාවක් ඇති වන බව මෙන්ම, රජයට අමතර වියදමක් දැරීමට සිදු වන බව නිරීක්ෂණය කරනු ලැබ තිබේ.
එබැවින් නොමැකෙන තීන්ත භාවිත කර ඡන්දදායකයා උචිත ලකුණින් සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන සියලුම මැතිවරණ පනත් වලින් ඉවත් කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇතැයි රජය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනේ සංවර්ධන සභා ඡන්දෙට, මහර අතුරු මැතිවරණෙට, උඩතලවින්නෙදි එහෙම මේ නොමැකෙන තීන්ත ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබුවා.