නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අද දිනයේ මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම ඡන්ද මධ්‍යස්ථානඅසළ නීති විරෝධී ලෙස රැඳී සිටීම සහ නීති විරෝධී ලෙස ප්‍රචාරක කටයුතු කිරීම මෙන්ම ඡන්ද පැවැත්වෙන මොහොතේදීත් විවිධ භාණ්ඩ බෙදාදීම සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවයි. සන්ධාන අපේක්ෂකයන් වෙනුවෙන් මෙම භාණ්ඩ බෙදතියි විපක්ෂය චෝදනා කරයි. ඡන්ද මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වූ 11 ක් ලැබී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන දේ අරගෙන අනිත් පැත්තට කතිරෙගහන්න. මම ඔය වගේදෙයක් කළා ලංකාවෙ ඉන්න කාලේ. (ස)
මහ පක්ෂෙට මේ සැරේ ෂුවර් නෑ..(ස)
බඩු අරගෙන ඡන්දය දෙන්න එපා..!!(නු)
කොහොම වුනත් නෝනාවරුණි, මහත්වරුණි. මෙන්න මේ වගේ දේශපාලුවන්ගෙන් තමයි ගොඩක්ම ප්‍රවේශම් වෙන්න ඕන. මීයක් කඩන්නේ අතලෙවකන්න නෙවෙයි. බොහොම කල්පනා කරලා ඡන්දය පාවිච්චි කරන්න.(ස)
නිකන් දෙනවනම් මොනවා උනහම මොකද? පැමිණිලි නොකර ගන්නයි තියෙන්නේ..(ස)
රජයක් වුණාම ජනතාවට සේවය කර යුතුයි.නැත්නම් මිනිස්සු බනිනවනේ..(ස)
අදත් බඩු බෙදුවෙ රහස දන්නවානේ ඒකයි..!(නු)
බඩු දෙනවනම් ගන්න. තමන් කැමති කෙනාට ඡන්දෙ දෙන්න. ඕක ඔය තරම් ලොකුවට ගනන්ගන්න එපා. එයාල අපිව හැමදාම රවට්ටනවා, අපි එක දවසක් එයාල රැවැට්ටුවට පව් නැහැ.(ස)
මෙවර නැගෙනහිර මැතිවරණය අනිවාර්යයෙන්ම ආණ්ඩුව දිනන්න ඕන.. ඒක රටේ ආකර්ෂාවට වැදගත් වේවි...!(නු)
හිතල මතලා මේ පාරවත් බුද්ධිමත් තීරණයකි ගන්න..(ස)