නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අද දිනයේ මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම ඡන්ද මධ්‍යස්ථානඅසළ නීති විරෝධී ලෙස රැඳී සිටීම සහ නීති විරෝධී ලෙස ප්‍රචාරක කටයුතු කිරීම මෙන්ම ඡන්ද පැවැත්වෙන මොහොතේදීත් විවිධ භාණ්ඩ බෙදාදීම සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවයි. සන්ධාන අපේක්ෂකයන් වෙනුවෙන් මෙම භාණ්ඩ බෙදතියි විපක්ෂය චෝදනා කරයි. ඡන්ද මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වූ 11 ක් ලැබී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඡන්දය දවසෙත් බඩු බෙදලා
මධු Saturday, 08 September 2012 01:27 PM
දෙන දේ අරගෙන අනිත් පැත්තට කතිරෙගහන්න. මම ඔය වගේදෙයක් කළා ලංකාවෙ ඉන්න කාලේ. (ස)
අතුල Saturday, 08 September 2012 01:33 PM
මහ පක්ෂෙට මේ සැරේ ෂුවර් නෑ..(ස)
වාසා ඩයස් Saturday, 08 September 2012 01:43 PM
බඩු අරගෙන ඡන්දය දෙන්න එපා..!!(නු)
කටාර් සිට, ලලිත් Saturday, 08 September 2012 02:00 PM
කොහොම වුනත් නෝනාවරුණි, මහත්වරුණි. මෙන්න මේ වගේ දේශපාලුවන්ගෙන් තමයි ගොඩක්ම ප්‍රවේශම් වෙන්න ඕන. මීයක් කඩන්නේ අතලෙවකන්න නෙවෙයි. බොහොම කල්පනා කරලා ඡන්දය පාවිච්චි කරන්න.(ස)
පනාගොඩ Saturday, 08 September 2012 02:12 PM
නිකන් දෙනවනම් මොනවා උනහම මොකද? පැමිණිලි නොකර ගන්නයි තියෙන්නේ..(ස)
යොහාන් Saturday, 08 September 2012 03:03 PM
රජයක් වුණාම ජනතාවට සේවය කර යුතුයි.නැත්නම් මිනිස්සු බනිනවනේ..(ස)
Ranasinghe Premalal Saturday, 08 September 2012 03:38 PM
අදත් බඩු බෙදුවෙ රහස දන්නවානේ ඒකයි..!(නු)
රාජා Saturday, 08 September 2012 03:56 PM
බඩු දෙනවනම් ගන්න. තමන් කැමති කෙනාට ඡන්දෙ දෙන්න. ඕක ඔය තරම් ලොකුවට ගනන්ගන්න එපා. එයාල අපිව හැමදාම රවට්ටනවා, අපි එක දවසක් එයාල රැවැට්ටුවට පව් නැහැ.(ස)
පී.එස්. කැටවල Saturday, 08 September 2012 04:00 PM
මෙවර නැගෙනහිර මැතිවරණය අනිවාර්යයෙන්ම ආණ්ඩුව දිනන්න ඕන.. ඒක රටේ ආකර්ෂාවට වැදගත් වේවි...!(නු)
සුනේත්‍රා Saturday, 08 September 2012 04:07 PM
හිතල මතලා මේ පාරවත් බුද්ධිමත් තීරණයකි ගන්න..(ස)