19 වැනි සංශෝධනය දෙවැනිවර කියවීමේ පනතට පක්ෂව ඡන්ද 215 ක්ද විපක්ෂව ඡන්දයක්ද ලැබිණි. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මන්ත්‍රීවරු 7 දෙනෙක් ඡන්ද විමසීමට පැමිණ නොසිටියේය.
ප්‍රේමලාල් ජයසේකර, සුසන්ත පුංචිනිළමේ, ජගත් බාලසූරිය, එල්ලාවල මේධානන්ද හිමි, ජානක බණ්ඩාර, කෙහෙළිය රඹුක්වැල්ල හා බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.
පනතේ කාරක සභා අවස්ථාව ඉන් පසුව ඇරඹිණි. දිනේෂ් ගුණවර්ධන මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් සියලු සංශෝධන ලැබී නැතැයි කීවේය. කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසූයේ එම සංශෝධන සියල්ලම දුන් බව රජය කියන බවයි.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පනතට පක්ෂ වෙමින් පැවසූයේ සංශෝධන පිළිගත් නිසා පක්ෂ බවයි. සෙසු සියලු මන්ත්‍රීන් පක්ෂයි යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් කීහ.
දෙවැනි වර ඡන්ද විමසීම පස්වරු 7.25 ට අවසන්වීමෙන් පසු තෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථාව එළැඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දැනට සිටින සියලුම දේශපාලකයන් සුපිරිසිදුම ඝණයේ අය නොවන බැවින් සියලුම බලතල පාර්ලිමේන්තුවට හෝ අගමැතිතුමා යටතට පත්නොවේවා යනු මගේ පැතුමයි (නි)
ඇති යන්තම්. රට කාපු පිලිලය පාලනය කළා (බ)
පුවතේ හැටියට පනත සම්පුර්ණ නොකරම නිකන්ම ගෙනත් වගේ... දැන් පාර්ලිමේන්තුව විසුරවනවද දන්නේ නෑ.(හේ)
දැන් 19 ත් සම්මත වූ නිසා විරුද්ධවාදීන්ව දඩයම් කර කර ඉන්නේ නැතුව නැවතුන රට ඉදිරියට ගෙනයන්න. (නි)
නන්දලාල්, එක්කෙනෙක් කිරි කළයට ගොම බින්දුවක් දැම්මාය කියලා ඔබ සිතුවත් එය ගොම කළයට කිරි බින්දුවක් දැමීමක් බව ඉදිරියේදී කාටත් වැටහෙනු ඇත. 19 හි අරමුණ කිසිදා ඡන්දයකින් විධායක බලතල සහිත ජනාධිපති කෙනෙක් විය නොහැකි රනිල්ට විධායක බලතල හිමි කර දීමත්, 1933 දී සිදු කළාක් මෙන් රටේ බහුතරය වන සිංහලයන්ට හිමි තැන අහිමි කිරීම මගින් බෙදුම්වාදයට උඩගෙඩි දී රට අස්ථාවර කිරීමත් මිස පාර්ලිමේන්තුවට බලතල ලබා දීමක් නොවෙයි. පාර්ලිමේන්තුවට බලතල ලබා දීමේ අවංක වුවමනාවක් වී නම් අගමැති පත් කිරීමේ බලය ජනාධිපති වෙතින් ඉවත් කොට පාර්ලිමේන්තුවට පවරා දෙන්නට තිබිණි. (බ)
දැන් තේරෙනවා නේද පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ හැටි? මෙච්චර වෙලා කෑගහලා හැමෝම ඡන්දෙ දීලා. (නි)
මොන වාද භේද තිබුණත් රටෙත් ජනතාවගෙත් අවශ්‍යතාවයක් ඉටුකිරීම සඳහා සියලුම ජනතා නියෝජිතයන් ගත් ආදර්ශය ජනතාවගේ පැසසුමට ලක්වෙනවා ඇත. මේ තත්ත්වය විශේෂයෙන් මෑතකාලීන දේශපාලකයන් අවබෝධකර ගන්නේ නම් ශ්‍රී ලංකාව වාසනාවන්ත රටක් වෙන අතර එය යුගයේ අවශ්‍යතාවයක්ද වෙනවා ඇත. (නි)
අපි කිව්වා ඔහොම වෙයි කියලා. (නි)
අර ආවෙ නැති 7 දෙනාට ලබන මැතිවරණයේදී වෙන දේ අපිට බලාගන්න පුළුවන්!!! (නි)
ආවෙ නැති 7 දෙනාට දානෙ ගෙයක්, මරණ ගෙයක් වගේ පොදු කටයුත්තක්වත් තිබුනද දන්නෙ නැහැනේ. ඒවා කොච්චර වැදගත් දේවල්ද ප්‍රභාත්? (නි)
එක් කෙනෙක් කිරි කළයට ගොම ටිකක් දැම්මා වගේ වැඩක් කළේ නැත්නම් මෙම ඡන්ද විමසීමත් ඉතිහාසගත වෙන ඡන්දයක් වෙන්න තිබුණා.අනිත් මන්ත්‍රීවරු හත්දෙනාට ඡන්දය ගැන පොඩි අමතකවීමක් වෙලා වෙන්න ඇති ආවේ නැත්තේ. (නි)
ආවෙ නැති 7 දෙනා සාදයකටවත් ගියාද දන්නෙ නැහැ නේද? (නි)
ආවෙ නැති 7 දෙනාම එකම දවසෙ අසනීප වෙන්න ඇති (නි)
කොහේද මේ 7 දෙනා පාර්ලිමේන්තු එන්නෙ නැතුව ගියේ? (නි)
ආවේ නැති 7 දෙනා ගැන මොකක්ද ගන්න තීරණය? (නි)
කවුරු කවුරුත් ඡන්දය දිලා පව් සෝදාගත්තා. පිට ඉදන් කවුරුත් කියන පදේට කෑගැහුව අය විතරයි අන්තිමට පරාද වුනේ. (බ)
පොඩි හරි මොලයක් තියෙන හැමෝම ඡන්දය පක්ෂව දුන්නා.(බ)