(අංජුල මහීක වීරරත්න)
අගමැතිට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙන ආ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 15 දෙනා සහ නියෝජ්‍ය කතානායකවරයා තව දුරටත් තනතුරුවල සිටීම ප්‍රශ්නයක් වන හෙයින් ඔවුන් සියලු දෙනා තනතුරුවලින් ඉවත් කරන ලෙස එජාප මැති ඇමැතිවරුන් ජනපතිගෙන් ඉල්ලා සිටි බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වූ පසු ඒ පිළිබඳව තීරණයක් ගෙන දන්වන්නේයැයි ජනපති පැවසූ බව ද අමාත්‍යවරයා කීවේය.
අකිල විරාජ් කාරියවසම් මහතා ඒ බව පැවසුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම , අකිල විරාජ් කාරියවසම් ඇතුළු එජාප ඇමැතිවරුන් කිහිප දෙනකු ඊයේ රාත්‍රී ජනාධිපතිවරයා හමුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කට්ටියක් කීවා අපි නම් විශ්වාස භංගයට පක්ෂ වුණු ඇමතිවරු ඉන්න පැත්ත පළාතකටවත් යන්නේ නෑ කියලා. තව කට්ටියක් අලුතින් විශ්වාස භංග පෙරහැරක් ගෙනාවා. දැන් කියනවා ආයේ එක්කෝ ඕනැ නෑ කියලා. සඳුදා වෙනකොට පක්ෂයේ ප්රතිසංවිධාන වෙනවා වෙනවාමයි කියලා දිවුරුවාට දැන් ඒක මාසේ අන්තිම වෙනකල් කල් ගිහින්. සභාපතිත් ලේඛමුත් අස්වෙලාලු. කතානායක කියනවා නියෝජ්‍ය කතානායක අස්වෙලා දැන් කල්ප ගානක් කියල. ඒ අස්සේ කට්ටියක් ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න අවසර දෙන්න කියලා ජනාධිපතිට ලියුම් යවලලු. ඊට පස්සේ කියනවාලු "අපි යන්නේ ජනාධිපති කිව්වොත් පමණයි" කියලා. තව කෙනෙක් "යනවා නම් යන්නේ සේරම ගිනිතියාගෙන" කියල සැරෙන් කිව්වලු. පතෝල මැස්ස එන්න එන්නම ශක්තිමත්කර ගන්න බවයි පෙනෙන්නේ. ඕකෙන් මේකෙන් 2020 දන්නෙම නැතුව එයි. එතකොට අර මාපිලා දාලා දිනුවට පස්සේ මහින්ද ගෙනෙන දේ නියමෙට ක්‍රියාත්මක වෙයි.
ලොව පිළිගත් සම්ප්රදාය නම් නායකත්වය නොපිළිගෙන සාමූහිකත්වයෙන් වැඩ කල නොහැකි බවයි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට කොතරම් දුරට මෙය වලංගු දැයි කවුරු කවුරුත් හොඳින් දනියි.
මැතිවරණ නීති රීති අනුව නම් කියන්නේ මහජන නියෝජිතයන් තෝරන මැතිවරණයකදී කිසිම ලෙසකින් ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම නීති විරෝධියි කියලයි. නමුත් එසේ ඡන්දයකින් පාර්ලිමේන්තුවට පත්කරගත් මහජන නියෝජිතයන්ගෙන් ඡන්දයක් විමසන විට නොයෙක් ආකාරයේ ඉතා පහත් තත්වයේ බලපෑම් අපි දුටුවා. එසේ එම ඡන්දය අවසන් වූ පසුත් සුප්රසිද්ධියේ එම ඡන්ද දායකයින් වන මන්ත්‍රීගෙන් පළිගන්නවා යයි ප්රජාතන්ත්රවාදීන් හා යහපාලකයන් යයි කියාගන්නා අය ප්‍රකාශ කිරීමත්, එසේ කිරීමත් ප්රජාතන්ත්රය බලාපොරොත්තු වන සාමාන්‍ය ජනතාව පිළිකුල් ලෙස හෙළා දකිනවා.
සත්‍ය වශයෙන්ම ඔවුන්ව ඉවත් කල යුතුමයි. ජනාධිපතිට මුවාවෙලා ඔවුන් හදන්නේ තනතුරු ටික බේරගන්න. ඒත් ඒ අයට ඒ වෙලාවේ විශ්වාස නැති අගමැති සමග එකතුව වැඩ කරන්නේ කොහොමද? 'එක එක්කෙනාගේ පදවලට නැටුවම දුවන්න වෙන්නේ රෙදි නැතිව' යයි කියන කියමන මේ වගේ වෙලාවට මොන තරම් ගැලපෙනවාද?
මහබැංකු හොරකම හරියි කියලා අත උස්සපු අය තනතුරු වල සිටීම හරිද?