IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ඡන්දය දා රට අල්ලන්න හදපු අය අල්ලනු‘

ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් කරද්දී රාජපක්ෂ රජය හමුදාවේද සහයෙන් කුමන්ත්‍රණයක් කළැයිද නීතියට අනුව ඔවුන් රටින් පිටවීම වළක්වන්නැයිද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයිද ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැලවත්ත ජවිපෙ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

ඒකාධිපති වියරු රාජපක්‍ෂ පාලනය පළවා හැරීම සාර්ථක ඉටුකර තිබෙන බවත් තමන් ඒ වෙනුවෙන් ඉමහත් කැපවීමකින් විශාල කාර්යභාරයක් කළ අතර ජයග‍්‍රහණය පිළිබඳව සතුටක් තිබෙන බවත් එහි දෙවන කොටස වන යහ පාලනය ඇතිකිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කර ගැනීම වැනි කටයුතු යෙදී තිබෙන්නේ ජනවාරි 08 වැනිදායින් පසුව බවද  ඔහු කියා සිටියේය.

‘‘අපි කිසිසේත්ම ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇමතිධුර බාර ගන්නෙත් නැහැ. දින 100ක් තුළ ඉතාම පටු සහ කුඩා කැබිනට් මණ්ඩලයකට ඇතුල්වීමට සමහර අය දරන ප‍්‍රයත්න ගැන අපට අප‍්‍රසන්න බවක් ඇතිවෙනවා. මේ දින සියයේ කැබිනට් මණ්ඩලය ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා.

රටේ ජනතාවටත් වගකීමක් තිබෙනවා මේ දින සියය තුළ මේ ක‍්‍රමය යටතේ ලබාගත හැකි ජයග‍්‍රහණ ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරන්න. සමාජ ආර්ථික දේශපාලනික පුළුල් පරිවර්තනයක් රට ඉල්ලා සිටිනවා. දින සියයක් තුළ හෝ එතැනින් ඉදිරියට මේ පවතින ක‍්‍රමය යටතේ පුළුල් පරිවර්තන සිදුකරන්න බැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ සියලූ දේ සලකා බලා පුළුල් සමාජ පරිවර්තනයකට අවශ්‍ය ප‍්‍රගතිශීලී බලවේග ඒකරාශී කරගනිමින් සංවිධානගත වෙමින් සිටිනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලයට උඩින් ඉන්න ‘ජාතික විධායක සභාවක්‘ යෝජනා කර තිබෙනවා. එම විධායක සභාවේ කොටස්කරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාත්මක වීමට අපේක්ෂා කරනවා.

උතුරු නැගෙනහිර සහ සෙසු පළාත්වල බහුතර ජනතාවගේ කැමැත්තෙන් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා තේරී පත්වී තිබෙනවා. දැන් ආණ්ඩුව එය සුබවාදී ලෙස ගෙන බලය වෙනුවට ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට කටයුතු කිරීම අවශ්‍ය බව අපි අවධාරණය කරනවා‘‘

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත යන මහත්වරුද එක්ව සිටියහ.

1 3



අදහස් (0)

‘ඡන්දය දා රට අල්ලන්න හදපු අය අල්ලනු‘

අබේ Monday, 12 January 2015 04:32 PM

අපේ තරුණ පර පුර අගාධයට ඇද දැමු ඔබලාට දෙන දඩුවම මොකක්ද ? (අ)

:       0       0

මෙලනි Monday, 12 January 2015 09:25 AM

මේ කතා ඇහෙද්දී අනාගතය ගැන බය හිතෙනවා (දිල්)

:       0       0

දිලූ Monday, 12 January 2015 09:29 AM

එතකොට මේ බරපතල චෝදනාව ඔප්පු කරන්න නිරවද්‍ය සාක්ෂි තිබෙනවද ? මේක සුළුපටු චෝදනාවක් නෙවෙයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 113 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 917 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site