(බිඟුන් මේනක ගමගේ)
පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බල කරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ අනුව එහි පළමු උද්ඝෝෂණය ලබන 30 වැනිදා කොළඹදී පැවැත්වෙන බව ඒ මහතා කියයි.
ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ අද (24) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නැතිකරගන්නා තෙක් කල් මැරීම සඳහා සිදු කළ කුමන්ත්රණයක ප්‍රතිපලයක් වශයෙන් මෙම පෙස්සම් ඉදිරිපත් කර ඇතැයි චෝදනා කළ හෙතෙම ජනතාව වීදි බැසීමට පෙර ඒවා වහාම ඉල්ලා අස්කරගන්නැයි පෙස්සම්කාර පාර්ශ්වවලට අවධාරණය කරන බව ද කීය.
(ඡායාරූපය-ජවිපෙ මාධ්‍ය ඒකකය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි උදේ හවා ජීවත්වෙන්න හැල්මේ දුවන මහා පාරෙන් අයින් වෙලා හොඳේ? ඔයගොල්ලෝ උද්ඝෝෂණ තිබ්බට අපි ජීවත් වෙන්න ඕනි අපේ වියදමෙන්. මහපාර අවහිර නොකර ඕනෙ නැටුමක් නටාගත්තට අපිට කමක් නැහැ සහෝදරවරුනි.
මගේ ප්‍රදේශයේ නම් ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඉන්නවද නැද්ද කියලවත් දැනෙන්නේ නැහැ. මහජනයාගේ මුදලින් තමයි ඔවුන්ව නඩත්තු කරන්න වෙලා තියෙන්නේ.
ඔය විනිමය පාලක පනත එහෙම හොඳ ඇති නේද? සද්ද නැතිව ඉන්නේ...
පටන් ගන්නේනම් ලොකු සද්ද දාල.අන්තිමට එහෙම එකක් තියෙනවද කියල එයාලවත් දන්නේ නැහැ.බොරු ශෝව් විතරි. පාදෙක සද්දයක් නැහැ
මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්වයි. ඡන්දය දෙන්න එන ඡන්ද දායකයන්වයි.. වෙඩි තියලා මරනවයි කියලා කව්දෝ කට්ටියක් ඉස්සර කිව්වා නේද? හැබෑටම කව්ද ඒ කට්ටිය?
ඡන්දෙ කල්දාන්න ආණ්ඩුව ඇටවූ පණතට තුනෙන් දෙකේ අනුමැතිය ගන්න අත උස්සලා දැන් බයිල ගහනවා.
හරි හමන් දෙයකට උද්ඝෝෂණය කලත් කමක් නැහැ. මේ ඡන්දෙකට. ජනතාවට හරි ආදරේ කට්ටිය. කාලයක් ජනතාවගේ හැඳුනුම් පත් හොරකම් කළා. ඊට පස්සේ ඡන්දෙ දාන්න යන අයට හිරිහැර කළා. ඇඳිරි නීතිය දැම්මා. ඡන්දෙ දාන්න ගියඅයට හිරිහැර කළා. මොනවද නොකළේ? තව ලජ්ජා නැතිව ඡන්දයක් ඉල්ලනවා. ජනතාවට දැන් ඕනෑ ඡන්දෙ විතරයි. සියල්ල සම්පූර්ණයි. තව හොරු ටිකක් පත්කරගෙන ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන්න පුළුවන්නේ.....
ඡන්දය කල් දාගන්න ආණ්ඩුව ඉදිරිපත් කරපු හැම පනතටම අත උස්සපු අය දැන් බොරුවට නො දෙන ඡන්දයක් ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. පළාත් පාලන ඡන්දය මොනව වුණත් කමක් නැහැ. දැන්වත් 2020 දී නියමිත මහමැතිවරණය නියමිත පරිදි ලබාගන්න උත්සාහ කරල බලමු. ඒක කල්දාන්න දාන ගැටවලටවත් අසු නොවී ඉන්න දැන්වත් ඉගෙන ගමු.