නැගෙනහිර පළාත් ඡන්දයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග කරන එල්.පී. රූපිකා චාන්දනී මහත්මියගේ නිවස ඉදිරිපිට නතර කැර තිබූ වාහනයට ගිනි තබා වනසා ඇතැයි පොලිසිය කියයි. ඇගේ නිවෙස පිහිටියේ ත්‍රිකුණාමල තුල්සි පුරයේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒ අයට අලුත් වාහනයක් හම්බවෙයි (අ)
මේක නම් මොකක් හරි වෙන දෙයක්. කට්ටියම අහුවෙලා වගෙයි. (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මයක්වද්ද? (නි)
1977න් පස්සේ ලංකායේ දේශපාලනය නියම අපායක් වගෙයි. (නි)
කවුරු කරත් නොහොඹිනා වැඩක් ..අපරාදේ වාහනේ..(ස)
ගිණි තියපු නිසා නෝනට වැඩි පුර මනාප ලැබෙයි . නැත්නම් කවුරුවත්ම මෙයාව දන්නේ නෑනේ..(ස)
හැදි මිටේ නුවන තමයි...(ස)
හිනාවෙන විදියෙන් නම් හිතෙන්නේ වෙන දෙයක්. බලමුකෝ තව ටිකක්. (නි)
බලන්ටකෝ නෝනා හිනාවෙලා ඉන්න හැටි!(ස)
කලියුගයේ අරුමය නේද මේ....(ස)
මේක නම් පොඩි ප්‍රශ්නයක් වගෙයි. කෝ ඉතිං, වාහනය ළගම තියෙන පරාළය පිච්චිලා නැහැනේ. (නි)
නැගෙනහිර නිසා අපිට පරණ ගිණුම්වලට දෙන්න පුළුවන් (අ)
මෙයාට ගෝලයෝ ඇත්තෙම නැද්ද. මනාපයක් දෙමු (අ)
ගොඩක් අය ඡන්දයට එද්දී මුලින්ම ඔය වගේ පරණ වෑන් වලින් ආවාට ඡන්දය දිනුවට පස්සේ ගෙදර යන්නේ බ්‍රෑන්ඩ් නිවු ප්‍රාඩෝ වලින්. ඇත්තට කල්පනා කරද්දී තමන්ගේ ජිවන මට්ටමවත් ඉහළ දාගන්න බැරි මිනිස්සුනේ මේ ලංකාව සුරපුරයක් කරන්න ඡන්දය ඉල්ලන්නේ. නැද්ද මං අහන්නේ? (නි)
අනේ චාන්දනී බලාගෙන ඉන්න මුස්ලිම් මනාප ලැබෙනකම්. සිංහල මනාප ටික ගන්න ඔයා ඉත්තෙක් කරගෙන තියෙන්නේ (අ)
මේ පිච්චෙන්නේ ජනතාවගේම සල්ලි නේද? (නි)
මේක එල්.පී. ගෑස් වලින් දුවන එකක්ද මන්දා. (නි)
මේකෙන් හොද ප්‍රසිද්ධියක් ලැබුණා නේද? ඒක ගැන හිතලාවත් හිත හදා ගන්න.(නි)
පාදඩ දේශපාලනය. (නි)
බාල තෙල් නිසා බාගෙට පිච්චිලා. මොනවා වුණත් මේවා මහ කැත වැඩ. (නි)
ඔය වෑන් එක අඩුවට විකුණනවනම් කියන්න..අරගෙන හදලා විකුණන්න පුළුවන්නේ...(ස)
ඔය අල්ලලා තියෙන්නෙ ............(ස)
ඕක සුළු දෙයක්නේ . වාහනේට ඉන්ෂූරන්ස් එකෙන් සල්ලි හම්බවේවි..ඒ වගේම ඔයාට හොඳ ප්‍රතිචාරත් ලැබේවි දැන්....(ස)
මැය අපට ආඩම්බරයක් නොවේද? (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (ස)
කොහොමද මේ ප්‍රතිපලේ? (දී)
ශෝක් ප්‍රතිපලේ (දී)
අපි කවුරු කියල හිතුවද දන්නේ නැහැ. දැන් නොමිලේම නියම ප්‍රචාරයක් ලැබුණනේ. නියමයි. (ස)
රූපිකා චාන්දනී මහත්මියගේ ගෙදර ගිනි තියපු අය හොද ගාණක් ගන්න ඇති මේක කරන්න. හැබැයි ගත්තේ කාගෙන්ද දන්නේ නැහැ. (නි)
මුස්ලිම් කොන්ග්‍රසය ඉල්ලන්නේ සිංහල කෙනෙක්ව.(ස)
දැන් මනාප වැඩියෙන් ලැබෙයි... වාහනයට ගිනි තියනකන්ද බලන් හිටියේ ?(ස)
ජනතාවට සේවය කරන්න ආවා නම් ඕවත් ඉතිං බලාපොරොත්තු වෙන්න ඕනෑ. (නි)
බලමු නැගෙනහිර මිනිස්සු බුද්ධිමත්ද කියලා. (නි)
කොහොම වුණත් ඉතිං අපේ කෙනෙක්නේ. ජනතාව සාධාරණයක් කරයි. (නි)
එයාගේ ඡන්ද ලකුණත්, මනාප අංකයත් නොමිලේම ප්‍රචාරය කරවා ගත්තා..... ගිණි තියපු කෙනා නම් හිතනවා ඇති කළේ මෝඩ වැඩක් කියලා.(ස)
මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි..(ස)
මම න්ම හිතන්නේ මේක ඡන්දය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි කියලයි. (නි)
මාර ගිනි තැබීමක්නේ මේක. නියම වැඩේ තමයි. (නි)
අර ඡන්ද ළකුණු එහෙම තියෙන ස්ටිකර් ඇලෙවුවේ ගින්න නිවුනට පස්සෙද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)