ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටකත් මහ මැතිවරණයක් සඳහා බියක් නොදක්වන බවත් යහපාලනය යටතේ විධායක ජනපතිධුරයේ බලතල අඩු කිරීමේ සංශෝධන සමඟම පවතින මැවරණ ක්‍රමයද සංශෝධනය විය යුතු බව පක්ෂයේ දැඩි ස්ථාවරය යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්මේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත මහතා අද (04) පැවසීය.
විධායක ජනපති බලතල සංශෝධනය වීමත් සමඟ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් නොවුණහොත් සිදු වන්නේ රට අස්ථාවර වීම හා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ලවීම පමණක් බවද ප්‍රේම ජයන්ත මහතා කීය.
යම් පළාත් සභාවක ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් එම සභාව විසුරුවා හැරීමේ බලතලද මෙම විධායක ජනපති බලතල කප්පාදුවේදී අහෝසි වනවාද යන්න රජය විග්‍රහ කළ යුතු බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද මහත්තයෝ, කන්නාඩිය ගලවලා රට දිහා බලන්න (නදී)
මහින්ද ආවොත් අපි ඡන්දේ දෙන්නේ නැත. මහින්ද නැතුව අනවාර්යෙන්ම දිනන්න පුලුවන්.(නදී)
විධායක බලයේ කිසිම වැරද්දක් නැහැ. එය දරන පුද්ගලයා මතයි පවතින්නේ. මහින්ද අයුතු ලෙස පාවිච්චිය ද මෛත්‍රී අවශ්‍ය විටදිවත් පවිච්චි නොකිරීමද මෙහි ඇති වෙනසයි. ඔවුන්ගේ බුද්ධියේ තරම එයින් පැහැදිලි වෙයි.(නදී)
ගොඩක් දෙනෙකුට ඕන කරන්නේ කොහොමහරි ගොඩ යන්න. නැතුව අවංකව රට දියුණු කරන එක නෙවේ. (ර)
ඒ කියන්නේ බය දැනිලා... (ර)
ලාල් නැගිටින්න දැන් එලි වෙලා ....(නදී)
බිත්ති වලට හැංගිලා සීතල කාමරවල පුටු රත් කරකර හොරෙන් හොරෙන් රැස්වීම් තියල අපි බය නැහැ ඡන්දෙට කිව්වට වැඩක් නැහැ ඔය කට්ටිය. කවුද ඡන්දෙ දෙන්නේ ඔයගොල්ලට. ඕගොල්ලානේ සබාපතිට කිසිම ඕනෑකමක් නැ ශ්‍රී.නි.ප.ආණ්ඩුවක් පත් කරගන්න ඔය කිව්වට. ඔහොම හිටියොත් හැමදාම විපක්ෂයේම තමා ඉන්න වෙන්නේ. (නදී)
මහින්ද මහත්තයව ගෙනාවොත් නිදහස් සන්ධානයට දිනන්න පුලුවන්. එහෙම නොවුනහොත් ගොඩක් අය ඡන්දෙ දෙන්නෙවත් නැති වෙයි. මෛත්‍රී කොහොමත් සන්ධානෙ දිනවන්න වැඩ කරන්නෙ නෑනෙ. කොහොමත් රනිල් ජාතික ආන්ඩුවක් හදන්න යන නිසා කට්ටියට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිව ඇමතිකමක් ගන්න පුලුවන් වෙයි. (නදී)
සුසිල්ට මොලේ අවුල් වෙලා. බය වෙන්න එපා කොහොමත් ඔයාලට දිනන්න නම් බැහැ. නිකන් විහිළු කතා නොකිය පාඩුවේ ඉන්න මහත්තයෝ. (නදී)
ඡන්දේ ලං වෙනකොට හොරු ටික ජනතාව ලගට එනවා.
එහෙනම් , ආසයි-බයද .(නදී)
මිනිස්සු මෝඩයෝ කියල නම් හිතන්න එපා රජෝ. මහින්ද අරගෙන ගියොත් යන්තම් ගොඩ යන්න පුළුවන්. නැත්නම් බැහැ (නදී)
හවුල අවුල් වගෙයි නේද? (නි)
පරදින කට්ටිය ගොඩක් වෙලාවක කියන්නේ ඔහොම තමයි. (නදී)
එක්කෙනෙක් බලය වැරදි ලෙස පාවිච්චි කල පලියට, විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත් වෙනස් කරන්න එපා.(නදී)
විධායක බලය තිබිලත් රට පාලනය කරගන්න බැරුව ඉන්නේ. (නදී)
බොරු කාඩ්බෝඩ් වීරයෝ වෙන්න හදනවා මහින්ද නෙත්නම් අපි නෑ මෙයාලට. (ර)
සමන්, ජනතාව අදට වඩා හෙට ගැන හිතනවා (නදී)
මහින්ද නැතුව ඔයාලට වෙන්නේ බලයට එන්න තව අව්රුදු 20 ක් වත් ඉන්න. (ර)
මහින්ද නැත්නම් අපි ඡන්දේ දෙන්නේ නැත. දිනන්න හිතන්නවත් එපා (නදී)
දුමින්ද, හෙට ගැන කෙසේ උවත් බඩ ගැන හිතල තියෙනවා. රට ගැන හිතුව නම් වෙනස බලා ගන්න පුළුවනි (නදී)
මහින්ද මහත්තයා නැතිනම් අපේ ඡන්දය ඔබලාට නැත.(හේ)
මහින්ද මහතා නැත්නම් ඔයාලට හුලං තමයි , පෙරේත කමට ඇමති පට්ටම් බෙදාගෙන රට සුරාකන්න ජාතික ආණ්ඩු සංකල්පය ගෙන්න එපා ඔයාලගේ පක්ෂයට කොන්ද පණනැති බවක් තමයි පෙනෙන්නේ.(හේ)
බලමුකෝ ඡන්දෙදි.(හේ)
මහින්ද නැත්නම් ඡන්ද මධ්‍යස්ථානයට යන්නෙත් නැහැ. (හේ)
මහින්ද මහත්තයා අරගෙන ගියොත් යන්තම් ගොඩ යන්න පුළුවන්.(හේ)