අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට මන්ත්‍රී අත්සන් ලබාගැනීම බ්‍රහස්පතින්දා ආරම්භ කළ බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.
සැප්තැම්බරයේදී නව පාර්ලිමේන්තුවක් එන බව ජනාධිපති කියා තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. ඡන්දයට අපි බය නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත්තරමුල්ලේ නිවාස සංකීර්ණයක ඉදිකිරීමක් විවෘත කරන්න ඇවිල්ලා මඟදි හැරිලා ගියාලු නේද? (නි)
මේ පාර ඔබතුමාගේවත් ඡන්දේ නැති වෙයි.(හේ)
අපිත් බය නැහැ යහපත් මන්ත්‍රී පිරිසක් පත් කරගන්න නිසා (හේ)
අපිට ඔබතුමා ගැනත් කිසිම විශ්වාසයක් නැහැ. (හේ)
අපි මෙයාට පළාත් පාලන ඡන්දෙට ඡන්දේ ඉල්ලන්න අවස්ථාවක් දීලා බලමුද ? (හේ)
රනිල්ගේ කන්කොන් සොයන්න කලින් ඔබ පිළිබඳ විමසා බලන්න (නි)
ප්‍රකාශ් විහිලු කරනවා වගෙයි.අනේ මගේ කට. (ම)
එයාට ගෙවල් බෙදපු අයගේ ඡන්දෙන් දිනන්න පුළුවන්. සෑම හැඳුනුම්පතකටම ඡන්දයක් තියෙනවා (නි)
ඡන්ද පදනමක් නැති පක්ෂයක ඉඳගෙන අනුන්ට කෑගහනවා. (නි)
තමන්ගේ නෝනාගේ ඡන්දෙවත් තමන්ට ලැබෙයිද? (නි)
විශ්වාසභංගය ගැන පාරම්බාන එක්කෙනා බලන්නකෝ. (නි)
දැන් හිතාගෙන ඉන්නේ අපි ඔබව විශ්වාස කරනවා කියලද? රනිල්ගේ අඩුපාඩු ඇති. ඒත් ඒ මනුස්සයා මහජන මුදල් ගසාකාලා නැහැ. (නි)
අපිට මෙයාගේ අත්සනත් විශ්වාස නැහැ. (නි)
විමල් කියන්නේ මේ රටට ආදරය කරන කෙනෙක් (බ)
දැන් අර නෝනාගේ සොයා ගන්න බැරි ලෙඩේ සනීපද? (නි)
අර්නෙස්ටෝ චේ මම ගොඩක් ගරු කරන කෙනෙක්. (නදී)
ඔව් දේශප්‍රිය.කිව්වත් වගේ ඒක ඇත්ත (නි)
මෙයා මෙහෙම කට ඇරියාට එක් කෙනෙකුට නම් පුදුම බයක් තියෙන්නේ (නි)
අපි ඡන්දෙට බය නැහැ. ඒත් ඇත්තම කියනවා නම්, අපි අල්ලස් කොමිසමට බයයි. මුකුත් හිතන්න එපා හොඳේ. (නි)
එඩිතර සිංහයෙක් නෝනාගේ වයස හංගලා. කොච්චර නිර්භිතද? (නි)
පාර්ලිමේන්තුවට යන්න අවම සුදුසු කම 10 සාමාන්‍ය පෙළ විෂයන් 5ක් වත් සමත් වීම කරන්න.(නදී)
මේ වගේ අයට හුරේ දාන, වීරයන් සේ සලකන "මෝඩයෝ" ඉන්නවනේ. (නදී)
මේ ගමන අට විතරක් සමත් අයට නොමිනේසන් නැහැ. හොරු තක්කඩි මහින්දටම හොඳයි (නදී)
කවුරු කොහොම කීවත් එතුමා පක්ෂයේ ඇතැම් කටයුතු වලදී තම තීන්දු තීරණ නොබියව ප්‍රකාශ කරපු කෙනෙක්.ඒ වගේම විශාල කාර්ය භාරයක් ඉටු කළ ඇමති කෙනෙක්.ඔබ තුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා,අපි ඔබ තුමා සමගයි.(හේ)
හරි හමන් උගත් කමකුත් නැතිව, පරම්පරාවෙන් කියල කිසිම දන සම්භාරයකුත් නැතිව, ජීවිතේට රැකියාවක් කියල දෙයක් කරන්නෙත් නැතිව හිටපු කෙනෙක් ගිය අවරුදු 5-6 තුලදී රුපියල් කෝටි 2000 ක වත්කමකට සුදුසුකම මොකක්ද කියල හොයල බලන්න. කම්බා හොරුන්ට දැඩි දඩුවම් කරන්න. ලංකාව කියන්නේ නීතියක් තිබෙන රටක් කියල පෙන්වන්න.(නදී)
මෛත්‍රීට ජයග්‍රහණය කරන්න මේ එඩිතර සිංහයාගේ ක්‍රියාකලාපය බොහෝදුරට ඉවහල් වුණා.ඒක නිසා ඔය එඩිතර සිංහයාව ඔය පක්ෂයේම තියාගන්න (නි)
විමල්ගේ ගෙදර විදුලි බිල විතරක් රුපියල් ලක්ෂ 2.65 ක්. එ්කත් ගෙවන්නේ අමාත්‍යංශයෙන්. ගෙදර ඉන්න බල්ලාගේ බලු කුඩුවත් වායුසමීකරණය කරලා. තවමත් රටේ "බත් කන හරක්" ඉන්න එක ගැනයි මම පුදුම වෙන්නේ. (නදී)
"රජ ගෙදර කටු කාපු බල්ලට" තමයි මේ දවස් වල වැඩියෙන්ම බඩ ගිනි වෙලා තියෙන්නේ. බල්ලන්ට උනත් බුරන්න නිදහසක් තියෙනවා.(නදී)
රුපියල් කෝටි ගානක් වටිනා නිවාස තමන්ගේ අයට දුන්න කියල කියනවා. ඒ ගැන පරීක්ෂණයක් කරන්න. (නදී)
ඇත්ත කතාකරන එකම කෙනා මෙයා. කෝ මර්ශල්ලා ඉන්නවද උතුර ගැන එක වචානයක් කියන්න (නදී)
තිලක් ඩුබායි, ඔයා දැක්කද බලු කුඩුව. ගිහින් රෙන්ට් එකට ගන්න (නදී)
මෙයාගේ විතරක් නෙවෙයි මහින්ද මහතාගේ කරේ මෙයා එල්ලුන දවසේ ඉඳල හතර වරිගයෙම දේපල ආදායම් සොයා බලන්න ඕනා. කිසිම උගත්කමක් පිළිගත් වෘත්තයක් පරම්පරාගත බුදලයක් නැතිව කොහොම මෙහෙම ලක්ෂෙට කොඩිය දැම්මද කියලා. (නදී).
විරවංශ මහත්මයා ගැන තම තමන්ගේ බුද්ධියේ ප්‍රඥාවේ තරමට හැමෝම දන්නවා. මගේ හැඟීමේ හැටියට නං වි රවංශ මහත්තයා වැනි කෙනෙක් ගැන කතා කරනවා නම් දේශපාලකයෙකුගේ තිබිය යුතු වෙනස් නොවන ප්‍රතිපත්තිය ගැන සිතා බැලිය යුතුයි. එතුමා ජාතික නිදහස් පෙරමුණට නායකත්වය දෙමින් රට ගැන ජාතිය ගැන ආර්ථිකය ගැන නිවැරදි මතයක සැමදා සිටියා. එතුමාගේ මතය පිළිගන්නා උදවිය එතුමාගේ නිර්භීත භාවයට ගරු කරලා ඡන්දය දෙයි. එ් ගැන එතුමා තුල විශ්වාසයක් ඇති නිසයි ඔය වගේ ප්‍රකාශයක් කරන්නේ.(නදී)
ඡන්දේට බය නැතිවුණාට, කළ වැරදි වලට උසාවි යන්නට බයයි (නි)
"බුරන බල්ලා සපානොකනු ඇත" යනුවෙන් අප අසා ඇත. (නි)
හුඟක් දේශපාලකයන්ට වඩා විමල් හොඳයි (නි)
අසංක, මෙයා රාජ්‍ය තාන්ත්‍රික හැඳුනුම්පත් ඇතුළු වැදගත් ලියකියවිලි වලට වලට ලියපු පුද්ගලික තොරතුරු ව්‍යාජ නම් කතා කරන්නේ ඇත්ත කියලා අපි කොහොම විශ්වාස කරන්නද? (නි)
අසංක, ඔයා මේ පුද්ගලයා කියපු මොන ඇත්ත ගැනද කතා කරන්නේ? තමන්ගෙයි බිරින්දගෙයි වයස ගැනත් බොරු කියපු කෙනා නේද? (නි)
එල්ලෙන්න වලිගයක් තිබෙනතුරු සමහරු බය නැහැ (නි)
අල්ලස් කොමිසමට බය නැති ඡන්දෙට බය නැති මොළේ ඇති මහතෙකු සිටී නම් ඉස්සරහට එන්න (නි)
තිලක්.ඔබ බත් කන බව කීව එක මම අගය කරනවා. (ස)
කවුරු මොනවා කිවුවත් විමල් කියන්නේ දක්ෂ දේශපාලකයෙක්.එම හේතුව නිසාම ඔහුට මඩ සහ අවලාද නඟන පිරිසක් ඉන්නවා.මතක තියාගන්න ඔහුට ආදරය කරන පිරිසකුත් මේ රටේ ඉන්න බව. (නි)
එන්නකෝ ඡන්දෙට. අපි සළකන්නම්කෝ! (නි)
නිකන් බොරු එපා මහත්තයෝ (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලෙන්න යන්නේ නැතුව තමන්ගේ පක්ෂයෙන් පමණක් මැතිවරණයට තරඟකර බය නැති බව ජනතාවට පෙන්වන්න. ශ්‍රී ලංකා නි. පක්ෂය පක්ෂයක් හැටියට ඉදිරියට යාමට ඉඩනොදී මහින්ද කල්ලියක් ගොඩනඟා ගැනීමට වලිකන්නේ තමන්ගේ පැවැත්ම සඳහාද? නැත්නම් ආත්ම ගෞරවයක් නැතිනිසාද? එහෙමත් නැත්නම් දේශපාලන බියගුල්ලන් නිසාද? (නි)
ඔක්කොම මතක තියාගන්න. මෙයාලා හොරකම් කළේ ආයෙමත් කෙනෙකුට හොයලා බලන්න බැරි විදියට. ජනතා විමුක්ති පෙරමුණ නිසා උඩට ඇවිල්ලා එම පක්ෂයට පයින් ගහපු මේ වගේ අය අපිටත් කරන්නේ ඔය ටිකමයි. (නි)
විමල්ට ජය! (නි)
ඔබ නියම සිංහයෙක් (නි)
රැවුලයි, කොණ්ඩෙයි ඩයි කරන්නේ කොහෙන්ද දන්නෙ නැහැ.මගෙත් දැන් ඉහනිකට පැහීගෙන එනවා. (නි)
මොකක්හරි කරලා මෙයාආ බලයට ආවේ නැත්නම් දන්නවා ඇති වැඩි කලක් නොගොස් මෙයාලා ඔක්කොමල ගස් තමයි කියලා. (නි)
ජන්දෙට බය නැතිවුනාට යුද්දෙට බයයි. (ස)
අනේ උක්කු බණ්ඩෝ. විහිළු මොකටද ඒකයි ඇත්ත.ඇත්ත තිත්තයි මෛත්‍රී වෛරයි. (බ)
පාදඩ දේශපාලනය නොකර, අමාරුවෙන් හදාගත් පාස්පෝට් එකෙන් ඇමරිකාවේ පැත්තේ රවුමක් ගහලා අපට පව් නොදී ඉන්න මහත්තයෝ. (නි)
පිස්සු කතා මෝඩ කතා අහන අය තව ඉන්නවා (බ)
මහත්තයෝ, පුලුවන් නම් ඔබතුමාගේ පක්ෂයෙන් තනිවම ඉල්ලලා ආසන තුනක් අරගෙන පෙන්නන්න (නි)
මට කියන්න තියෙන්නේ මේ ලියන ඔක්කොම ඉන්නේ පිටරට. ඔයාලගේ ඡන්දෙ කොහොමත් ඔහේ ඉඳගෙන දාන්න බැහැනේ. ඔයාලා නිකම් කියවන එක විතරයි කරන්නේ. (නි)
ඔය කිව්වට අපි දන්නවා ඡන්දෙදී ඔබතුමාට මොකද වෙන්නේ කියලා. (නි)
ඔයාට නම් ඡන්ද තුනක් වුණත් ඇති. බයවෙන්න එපා. ඔය දිනනවා (නි)
කට නම් තියනවා මොනවා නැතත්. හිතාගෙන ඉන්නේ මුළු රටේම මිනිස්සු බයයි කියලා. (නි)
ෆුල් ෆේස් හෙල්මට් දාලා එන්න අපේ ඡන්ද ගන්න. පාස්පෝට් එකත් ගෙනෙන්න. ලැජ්ජාව කියන දේ දන්නෙම නැහැ. (නි)
අනේ මෝඩ අවන්ති! (නි)
ඔබට බනින ඔය කිසිම කෙනෙක් ඔබට ඡන්දය දුන් අය නොවෙයි. ඔවුන් පකෂ උණකාරයෝ. ඔවුන්ට රටට ජාතියට මොනවා වුණත් කමක් නැහැ. පක්ෂය විතරයි ඔවුන්ට ඕනෑ. ඒත් අපි දන්නවා ඔබගේ අගය. අපි අනිවාර්යයෙන්ම ඔබ කොළඹින් 1 නැත්නම් 2 කරනවා (නි)
කවුරු මොනවා කිවුවත් වීරවංශ කියන්නේ එඩිතර සිංහයෙක් (නි)
අර කියනවා වගේ කවුරු දෙයිද ඡන්දේ ඔය වගේ අයට? (නි)
විශ්වාසභංග ගෙනෙන්න ඕනෑ වයස අඩුවෙන් රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි වල සඳහන් කළ අයට. (නි)
දම්සි, දවල්ද...? (නි)
[ඡන්දයට අපි බය නැහැ.....] ඕකත් කජ්ජක්ද, අපේ විමලෙට? පහුගිය දවස්වල මෙයත් එයාගේ නෝනත් විවිධ පාස්පෝර්ට්, ජාතික හැඳුනුම්පත් එහෙම තියාගෙන ලෝකය වටේ රවුම් ගැහුවේ නීතියටවත් බය නැති නිසානේ. (නි)
අනුන්ට විශ්වාසභංග ගෙනෙන්න කලින් තමන් ගැන රටේ මිනිසුන්ට සත පහකවත් විශ්වාසයක් තියනවාද කියලා සොයලා බලන්න. (නි)
එඩිතරකම පාස්පෝට් එකෙන් පේනවා.(හේ)
රටේ නැති හොර වැඩ කරලා අනිත් අයට විශ්වාසභංග ගෙනෙන්න දැන් කතාව.අපේ සම-හරක්ටත් ඉතින් මෙයා වීරයෙක්. (නි)
මධුක,ඔබගේ වාක්‍යට අකුරු දෙකේ වචනයක් අඩුයි. (නදී)
අනේ!සාමා තමා නුවනැත්තියක් බව තමාම ලෝකෙට කියා පානවා. එ්කෙන්ම සාමාගේ මොලේ තරම පේනවා (නදී)
ඡන්දෙට බය නැති වුණාට වයස ගැන බයයිනෙ. (නි)
එතුමා ඡන්දෙට බය නැතිවුණාට, ඡන්ද එතුමාට බයයි. ඒ නිසා එතුමාට ඡන්ද නම් ලැබෙන එකක් නැහැ. (නි)
දම්සි ඇයි ඔයා පක්ෂ උණ කාරියෙක් නෙවෙයිද ? මට පේන්නේ ඔයාටත් ගෙයක් හම්බු වෙලා වගෙයි. අනේ හොඳයි ! (බ)
දෙන්නම්කෝ ඊළඟ ඡන්දෙදි. (නි)
ජනාධිපතිවරණයට කලිනුත් ඕකම තමයි කිව්වේ. දුකයි මේ වගේ උදවිය ගැන. (නි)
කොළඹින් එක කරන්න කොළඹ මිනිස්සුන්ට ඔලුවේ අමාරුවක් හැදිලා නැහැ. මෙයාට ඡන්දෙ දෙන්නේ තිරිහන් වෙන්න කියල වයස අඩුවෙන් ලියවා ගත්ත මෝඩ පහේ බවලතුන් ටිකක් විතරයි. (නදී)
දේශපාලනයෙන් බංකොලොත් වෙච්ච තමාගේ සහ බිරිඳගේ වයස හොර කරන රටේ මුදල් ගසා කාපු මෙවැනි අය කරන පුහු ප්‍රකාශ පල නොකරනවානම් අගය කරමි.(නදී)
නිලක්ෂි අැයි ඔයගොල්ලන්ගේ ලොක්කාගේ පවුලේ කට්ටිය ඇමෙරිකාවේ නැද්ද ? ද්විත්ව පුරවැසියෝ වෙලා මෙහෙ දේශපාලනය කරන උදවිය ඉන්නේ. සමහරුන්ට එහෙ ගෙවල් තියෙන්නේ. ඒවා මතක නැද්ද ? (නදී)
මෙයාට එල්ලෙන්න වැල් නැතිව ඉන්දැද්දී මහින්ද මහතාගේ සාටකයේ එල්ලිලා යන්තම් ගොඩ ආවා. දැන් හරියට ලංකාවේ අංක එකේ දේශපාලකයා වගේ කතා කරන්නේ. (නදී)
ඒ වුණාට මහජනතාවට බයයිනේ! (නි)
අපිට ආරංචියි කවුදෝ දේශපාලකයෙක් තමන්ගේ වයස අඩු පුතාව වයස වැඩියෙන් ලියලා 18න් ඉහළ ලෝක තරුණ සමුළුවකට පිටරට ඇරියා කියලා. (නි)
අපි ඡන්දේ දෙන්නේ නෑ.ඒ නිසා බය වෙන්න එපා. (හේ)
පවුලේම ලියකියවිලි වල වැරදි තොරතුරු ඇතුලත් කරලා කියල තමයි අපිට ආරංචි. ලැජ්ජාවේ බැහැ (නදී)
මේ පුද්ගලයාට ලොකු හීනමානයක් තිබෙනවා තමන්ට නැති ප්‍රභූ තත්වයක් ආරුඪ කර ගන්න. මව්පියන්ගෙන් ලැබුන වාසගම සහිත මුල් නම පවා වෙනස් කළා. නෝනාගේත් නම මොඩ් කර ගත්තා. එ්ත් කමක් නැහැ කියමුකෝ. රාජ්‍ය තාන්ත්‍රික ලියවිල්ලකට වැරදි තොරතුරු දුන්න කෙනෙකුට ඡන්දෙ දෙන මිනිස්සුන් ගේ මොලය පිහිටා තියෙන්නේ කකුල් දෙකේ වෙන්න ඕනා.(නදී)
බලමුකෝ ඡන්දේ ආවට පස්සේ.(හේ)
මෙයා ජීවිතයේ වැදගත් අවස්ථාවක පවා වෙනත් පාර්ශවයකට කැත වංචාවක් කළා. ඒ වැදගත් පාර්ශවයකට අගතියක් සිදුවෙන නිසා අදාළ තොරතුරු අපි මෙතන ලියන්නේ නැහැ. (නි)