ජනපතිවරණ සමයේදී බෙදා හැරීමට මුද්‍රණය කළැයි සැකකෙරෙන රුපියල් ලක්ෂ 15කට වැඩි 2015 වසරේ ලිත් ලක්ෂ එක හමාරක් කුරුණෑගල දිස්ත්‍රික් කෘෂි රක්ෂණ මණ්ඩල කාර්යාලයෙහි ගබඩා කර තිබියදී පොලිසිය භාරයට ගැනිණි.
එම ලිත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කළ ඒවා බවද හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට පෙර ලිත් බෙදා දෙන්න බැරි උනා නොවේ. බෙදා දුන්නේ නැත්තේ ඕන කමින්මයි. සමහර විට ලිතේ කොණක තියෙන්න ඇති ග්‍රහ පිහිටීම අනුව ඡන්දෙන් මරා මහත්තය පරාද වෙනවා කියලා. එනිසා තමා ඒවා හංගල තිබ්බේ. දැන් ඒ ලිත්වල පාන් ඔතන්න හරි කඩල ගොටු හදන්න හරි තමා වෙන්නේ. ඒ මොකොද, දැන් "බත් ගොටු" හදල වැඩක් නැහැ නේ. (නදී)
අයියෝ සල්ලි (නදී)
මේවට ගිය වියදම දැන් කාගෙන්ද අයකර ගන්නේ? (නි)
ඡන්දයට පෙරදින අපේ පැත්තේ පන්සලක සපත්තුත් බෙදුවා (නි)
මේවා ජාතික අපරාද. කාගේ සල්ලිද නාස්ති කරන්නේ රට රට වලින් නය අරන් වැඩි පොලියට (නදී)
ඇයි ඔරලෝසු, රෝද පුටු?? (නි)
අපි හොඳටම දන්නවා පසුගිය රජය ගොඩක් දුෂණ වැඩ කරලා තියෙනවා කියා. අපි දැන් බලාපොරෙත්තු වෙන්නේ මෛත්‍රී ආණ්ඩුවෙන් මේ දින 100 වැඩ පිලිවෙලට මුල් තැන දෙන්න. දැන් පරණ ආණ්ඩුව නැති නිසා කුනු අවුස්සන එක නවත්තලා රටේ දියුනුවට දෙයක් කරන්න බලන්න. (නදී)
සිල් රෙදිත් ලක්ෂ ගානක් බෙදුවා මෙහෙ... (නි)
බන්දුලට මේ ටික දුන්නා නම් අවුරුදු ගානකට බත් ඔතයි. (නදී)
සිරිසේන මහත්තය නම් ගොඩ ඔක්කොම ටික ඡන්දෙට කලින් බෙදුවා. (නදී)
සමහර කට්ටිය හිතන්නෙ ලංකවෙ පළවෙනි ඡන්දය තමා මේ අවසන් වුනේ කියල .මැතිවරණ නිතියෙ හිල් තියනවා මැතිවරණ ප්‍රකාශනය අල්ලසක් නොවේද ?ඒවා ට කැමති නිසා ඡන්දය දෙනවානම් ,,ලිත ,ඔරලෝසුව,සාරිය ,තොප්පිය,විතරක් තහනම් වුනේ කොහමද ? (අ)