‘යහපාලනය කරේ තියාගෙන ගිහින් රාජ්‍ය බලය ලබාගත් උදවියත් ඊට උදව් කළ උදවියත් අද ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරන්නට පෙර මහා මැතිවරණයක් තියන්න කියනවා. ගෝඨාභයගේ පොලීසියෙන් ගුටි කාපු අය ජෝන්ගේ පොලීසිය ලවා විරුද්ධවාදීන්ගේ ඔළු පලන්න බලාගෙන ඡන්දෙට පස්සේ ‘පොලිස් කොමිසම‘ පත් කරමු කියනවා. මහ ඡන්දෙට නැති ‘ස්වාධීන මැතිවරණ කොමිසම ‘ ඡන්දෙන් පස්සේ කොස් කොටන්නද?‘ කියලා ඔය මහා මැතිවරණ තදියමේ දඟලන උදවිය කියන්නට ඕනෑ‘ යි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස සංගමය මගින් පැවැත්වූ ’20 වැනි සංශෝධනය යනු කුමක්ද?‘ සම්මන්ත්‍රණය අමතමින් තෙන්නකෝන් මහතා මෙසේ ද කීවේය.
‘20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරමාණු බෝම්බයක් හෙළුවා. ඒ තමයි හැමෝම එකග වුණ කේවල ආසන 160 හිතාගන්න වත් බැරි විදිහට 125 දක්වා අඩු කිරීමට යෝජනා කිරීම. ඒ විතරක් නොවෙයි, මන්ත්‍රී සංඛ්‍යාව 255 සිට 225 දක්වා අඩු කලාම මේ ක්‍රමය ක්‍රියාත්මක නොවන තත්වයකට පත් වුණා. සුලු පක්ෂ 20 ට විරෝධය පළ කළේ මේ බෝම්බයෙන් පස්සෙයි. දැන් කියනවා ‘ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරන්නේ මහ ඡන්දෙන් පස්සේලු. ඡන්දේ තියන්නේ පොලිස් කොමිසම යටතේ නොවෙයි ‘ජෝන් බාස්‘ ගේ පොලීසිය යටතේ ලූ. 20 වැනි සංශෝධනය ගැසට් කරන ගමන්ම කියනවා දැන් පාර්ලිමේන්තුව විසිරුවන්නලු. මේක තමයි දේශපාලන අවස්ථාවාදය.
වසර විස්සක් මේ රටේ ජනතාව ස්වාධීන කොමිෂන් සභා ඉල්ලා සිටියා. දැන් ඒ සදහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සිදු වෙලා ඉවරයි. නමුත් ඒවා ස්ථාපනය කරන්නට පෙර දැන් මහ ඡන්දයක් ඉල්ලවා. මනාප ක්‍රමය අවසන් කරන්න, කොට්ඨාශ ක්‍රමයක් නැවත ගේන්න රටම ඉල්ලනවා. දැන් එය කරන්නේ නැතිව පාර්ලිමේන්තුව විසිරුවන්නට කතා කරනවා. මේ පිටුපස්සේ දේශපාලනඥයින් විතරක් නොවෙයි අවස්ථාවාදීන් රැළක් ද ඉන්නවා. 19 ව්‍යවස්ථාවෙන් දිනාගත් ජයග්‍රහණ ආපසු හරවනකම් අප බලාගෙන ඉන්නවාද? නැතිනම් අද වගේම ‘පරීක්ෂා කොට අසමත්“ පාර්ලිමේන්තුවක් නැවත පත් කර ගන්නවාද කියා නැවත සිතා බලන්නට අවශ්‍යයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය: ජනගහනය මිලියන 1362- මන්ත‍්‍රී සංඛ්‍යාව 2987 ඉන්දියාව: ජනගහනය මිලියන 1283- මන්ත‍්‍රී සංඛ්‍යාව 545 ඇමරිකාව: ජනගහනය මිලියන 323- මන්ත‍්‍රී සංඛ්‍යාව 435 ඉන්දුනීසියාව: ජනගහනය මිලියන 256- මන්ත‍්‍ර‍්‍රී සංඛ්‍යාව 560 නයිජීරියාව: ජනගහනය මිලියන 184- මන්ත‍්‍රී සංඛ්‍යාව 360 ජපානය: ජනගහනය මිලියන 126- මන්ත‍්‍රී සංඛ්‍යාව 480 ඔස්ටේ‍්‍රලියාව: ජනගහනය මිලියන 23- මන්ත‍්‍රී සංඛ්‍යාව 150 ලංකාව: ජනගහනය මිලියන 22- මන්ත‍්‍රී සංඛ්‍යාව 225 225 වැඩියි දැනටමත් ;තවත් අය ඕනෙද ? මේ අය වෙනුවෙන් කොපමණ මුදලක් රටට වැය වෙනවද ?වැටුප් ,නිවාස ,කාර්ය මණ්ඩල ,වාහන ඒමදිවට විශ්‍රාම වැටුපකුත් .ඔක්කොමත් හරි ඊලඟට පළාත්සබා,ප්‍රාදේශීය සබා; නගර සබා ,ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රමසේවකල; මේතරම් අය හිටියත් රටට වැඩක් තියෙනවද ?හැමෝම බලන්නේ පරම්පරා ගානකට හම්බු කරගන්න විතරයි .මේ විදියට ගියොත් ලංකාවට අනාගතයක් තියෙයිද ?ලෝකෙට ණය වෙවී පාර්ටි දානවා .දේශපාලනය නිසා ලංකාව විනාශ වෙනවා. (ස)
හරි කිර්ති තෙන්නකෝන් මහත්තයා ඔයා කියන්නකෝ මැතිවරණ ක්‍රමය කොහොමද වෙන්න ඕනේ කියලා. දේශපාලනයන්ට බැණ බැන ඉන්නවට වඩා තමන්ගේ යුතුකම රටට උචිත ක්‍රමයක් යෝජනා කිරීම. එහෙම නොකර කරන ඕන දෙයකට බැණ වැදීම අපිනම් අනුමත කරන්නේ නැහැ. කොහොමත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ රටට වැඩියි. පුළුවන්නම් තවත් අඩු කරලා 200 විතර හිටියනම් ඇති. මනාප ක්‍රමය නැති කරන්න ඕනේ. ඊලගට පාර්ලිමේන්තු මන්ත්‍රින් ගාණ අඩු කරන ක්‍රමයක් අනාගතයේදි එන්න ඕනේ. ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඉන්න සත්තු දිහා බලනකොට ජාතික ලැයිස්තුව අවලංගු කරන්න ඕනේ. (ස)
දේශපාලකයින්ගේ අවස්ථාවාදය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත් තමුන්නාන්සේ මේ සහාය දෙන්න යන්නේ කොහොම පිරිසකටද කියලා හිතෙනකොට අපිට නම් ඇතිවෙන්නේ ලොකු පිළිකුලක්. (නි)
නියමයි කියමයි!! (නි)
ලංකාවේ මන්ත්‍රී සංඛ්‍යාව වර්ධනය වු ස්වභාවය නිසා අන් රටවල් සමඟ සැසඳීමේදී ඒවායේ ජනගහණයත් මන්ත්‍රී සංඛ්‍යා අනුපාතයත් බලා තීරණ ගැනීම යුක්ති යුක්ත නො වේ. වැඩි වන මන්ත්‍රී සංඛ්‍යාවට යන වියදම සලකා බැලිය යුත්තේ ලංකාවට වසර තිස් ගණනක් තිස්සේ සිදු වු විනාශය ද එවැන්නක් නැවත ඇතිවීම වළකා ගැනීම ද සලකා ය. එ(ම)
මේවා අපිට තේරෙන්නේ නැහැ මහත්තයෝ. ඔයාල ඡන්දෙ ඉල්ලන කොට අපි කතිර ගහල ඔයාලව පත් කරනවා රටට යමක් කරයි කියන අදහසින්.එච්චරයි අපි දන්නේ. (අ)
කැෆේ සංවිධානය මෙහිදී ස්වාධීනව කටයුතු කරන බව පෙනෙනවා. කිර්ති කියන්නේ අද ඊයෙක කතාවක් නොවෙයි. අත් දැකීම් සහිතවයි ඔහු අදහස් ප්‍රකාශ කරන්නේ. මහජනතාව තැන තැන කතා කරන දේ අපට ඇහෙනවා. සියල්ලෝම ඉල්ලන්නේ මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් විය යුතුය කියලයි. ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වටා එකතු වූ කණ්ඩායම් එකතු වී සකස් කළ මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු ඒ ලෙසින්ම හෝ උපරිමයෙන් කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව වී එය රජයකට භාර කළත් ඒ රජයේ මන්දෝත්සාහි භාවය නිසා කිසිවක් ඉටු නොවීම මේ ප්‍රශ්නවලට හේතුවයි. (ර)
රටේ ජනතාව වසර 67 ක් මෙයාලට බලය දීලත් තවම මෙදෙගොල්ලම කවුද කියල තේරුම් අරගෙන නැහැ. නිදහස වලදැමූ හොරකම අපරාද මත්ද්‍රවය මේ කියන හැම දුෂනයක්ම කලේ මෙදෙගොල්ල නොවේද එහෙම අය රටට හොදක් කරයිද? (ර)
මේක තමයි නියම ඇත්ත. බලය නැති කොට කෑ මොර දෙනවා. බලය ලැබුනම සද්ද දාපුව කරන්න මතක් කරන්න ඕනේ. මෙය නියම කතාවක් . යහ පාලකයන්ට අමතක උනු වැඩක්. (නදී)
19 කියලා සම්මත කරගත්තේ මොකද්ද?ස්වාධීන කියන වචනේ තේරුම දන්නවද? මේ කොමිෂන් වලට දේශපාලඥයින් දැමූවිට ස්වාධීන වෙන්නේ කොහොමද?ඔය කොමිෂන් නැතුවට ගියපාර මැතිවරණ කොමසාරිස්තුමා ලස්සනට වැඩේ කළා.අපි වගේ කුඩා රටකට මේ තරම් නියෝජිතයෝ අවශ්‍යද? ලංකාවේ ඉන්නේ දේශපාලනයෙන් ඔලුව නරකවුණ ජනතාවක්.කවදා හැදෙයිද දන්නේ නැහැ (නි)
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවකට නියෝජිතයින් යවන්නේ ඡන්දය දීපු ජනතාවගේ ප්‍රශ්න විසඳීමටයි. නමුත් අපේ රටේ දේශපාලනඥයෝ තමන්ගේ කාලයත් රටේ සම්පතුත් කාබාසිනියා කරමින් මුළු කාලයම වෙහෙසෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගන්නයි. ඒ වෙලාවට තමයි හිතෙන්නේ ස්වාධීන කොමිෂන් සභා මොකටද කියලා (නි)
වරද්දවා තේරුම් ගන්න එපා.කැෆේ කියන්නේ පක්ෂයක් නොවෙයිනේ. ඔහු ස්වාධීනව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මැතිවරණ කොමිසම රටට අවශ්‍ය දෙයක්. (නි)
එතුමාගේ කතා හරියටම හරි. දේශපාලන අවස්ථාවාදීන්ට මොළය පෑදේවා! (නි)
මගේ පෞද්ගලික මතය නම්, ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුව පමණක් තිබුනා නම් ඇති. පළාත් සභා ප්‍රාදේශීය සභා වලින් වෙන්නේ ජනතාවගේ මුදල් නාස්තිවීමකි. ප්‍රාදේශීය සභාවේ බලතල ප්‍රාදේශීය ලේකම්ටත් පළාත් සභාවේ බලතල ආණ්ඩුකාරයාටත් පැවරූවේ නම් මීට වඩා ඵලදායීතාවක් ලබාගත හැකි වේ. (නි)
සත්‍යා පඬිතුමාගේ මහා බුද්ධිය ගැන අනුකම්පා කරමු.(ම)