හොර ඡන්ද දැමීම ඡන්ද නීති කඩකිරීම හා ඡන්ද දූෂණයේ යෙදුණු සියලු දෙනාටම විරුද්ධව ඔවුන්ගේ තරාතිරම නොබලා අවශ්‍යනම් ක්‍රියාකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ක්‍රියාකළ හැකි පැමිණිලි 850ක් ලැබී ඇති බවත් ඇතැම් නිලධාරීන්ට එස්එම්එස් සේවාව මගින් නිසි පරිදි සංඛ්‍යාත්මක දත්ත එවීමට නොහැකිවීම හේතුවෙන් එම ක්‍රමය සාර්ථක නොවූ බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
අද මැතිවරණය පැවැත්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
ඔය තරාතිරම නොබලා දඬුවම් කරනවා කියන කාරණාව රටේ දැන් ඉන්න ප්‍රභූ පැළැන්තියටත් වලංගුයි නේද? (නි)
ඇයි මැකෝ "අවශ්‍ය නම්" කතාවක් දැම්මේ..? ඒ කියන්නේ ඔබතුමාට උවමනාවක් උනොත් විතරයි නීතිය ක්‍රියාත්මක කරන්නේ..? ඔහොම කියන්නෙපා මහත්තයෝ.. නීතිය හැමෝන්ටම පොදුවේ ක්‍රියා කරන්න. (නදී)
හුසේන් මහත්මයාගේ කතාවේ කෑල්ලක් අඩුයි. අවශ්‍ය නම් කියන කෑල්ල විතරක් අඩුකරලා බැහැ. තරාතිරම නොබලා කියන කොටසත් අඩු කරන්න වෙනවා. ඡන්ද අපේක්ෂකයන් අතරේ තරාතිරම් නැහැ කියා ඔබ රුපවාහිනී වැඩ සටහනක කිවුව වගේම,නිතිය ඉදිරියේත් තරාතිරම් නැහැ. මේ වචනය නිසා ලංකාවේ නිතිය පිළිබඳව වැරදි අවබෝධයක් ලබා දෙනවා. (නදී)
හැමෝටම නීතිය හරියට ඕනේ (නදී)
ඇයි "අවශ්‍ය නම්" කතාවක් කිවුවේ? කොහොමත් සමහර සිද්ධි "අවශ්‍ය නැති " බව අපිටත් පෙනුනා (නි)