අගමැති හෝ ජනාධිපති සිහිනයක් තිබුණත් පක්ෂ නායකයන්ගේ අඩු පාඩු තිබුණත් ඒවා විඳ දරාගෙන සිටි බවත් රජකම ලැබුණත් පක්ෂය දමා නොයන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහනට එක්වෙමින් කීවේය.
පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් වැඩකරන බවත් පරිසරයට ආදරය කළත් පවතින දේශපාලන වාතාවරණය යටතේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ගස් ගල්වල පවා පෝස්ටර් ඇලවීමට සිදුවන බවත් ඒ මහතා පැවසීය. එහිදී වැඩසටහන මෙහෙයවූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා කීවේ නිමල් යනුවෙන් සඳහන් කර පසුගිය කාලයේ ගැසූ පෝස්ටර්වල කොලු කුරුට්ටන් විහිළුවට මුලට ‘ඇ‘ යන්න ඇතුළත් කර තිබූ බවයි.
ජාතික ආණ්ඩුවක් හෝ හවුල් ආණ්ඩුවක් හෝ පින් අගමැතිවරයකු සිටියදී හෝ මනාප ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ තමා සිටින බවද ඒ මහතා එහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් කීවේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජනපතිවරණ සමයේ සිරිසේන නමැති අයකු සමග බාල වර්ගයේ ප්‍රචාරණය කටයුතු කළේ ඇයිද සහ ඡන්ද දිනයේ එම සිරිසේන නමැති වෙනත් පුද්ගලයකු සමග පැමිණ ඡන්දය දැමීම වැනි ක්‍රියා සිදුකිරීම අනුමත කරනවාදැයි සන්නස්ගල මහතා විමසූ විට තමා එවැනි දෙයක් දැක්කේවත් ඒ ගැන දන්නේවත් නැති බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.
වීඩියෝ අනුග්‍රහය - ස්වාධීන රූපවාහිනිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල ලංකාවේ නෙමෙයි ද ඉන්නේ. (ස)
කව්රු මොනවා කිව්වත් මොහු මහත්මා ගුණ ඇති මහත්මයෙක් බව දන්නා අය දන්නවා.(ම)
අපි දැක්ක විවිධ චෝදනා තියෙන ඇමතිවරු දැන් රජයට හේත්තු වෙනවා. මිනි මරුවෝ කියල චෝදනා තියෙන අය පවා. නමුත් මේ පරණ දේවල් වලට දඩුවම් කිරීමට යාමෙන් නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගෙන රජය ගෙන යන්න කියලයි අපි ජනතාව වශයෙන් ඉල්ලන්නේ. (ම)
අනේ මොහොමඩ්, බොරුවට නිහතමානිකම් පෙන්නුව පළියට කැනහිලෙකුට සිංහයෙක් වෙන්න බෑ. (නදී)
හැබැයි ,කේන්ති යන පරම්පරාවේ හාදයට වඩා විපක්ෂ නායක කමට කේන්ති නොයන ඔබ හොඳයි (නදී)
සූතිකාගාරය. (ස)
මහින්දට අපි පන දුන්නත් නුඹව නම් අපිට වටින්නේ නැහැ (නදී)
අපෝ මෙයා නම් වැඩක් නැහැ. නගර සභාවකට වගේ නම් ගොඩම තමා. (නදී)
ඔක්කොම එකයි රටට ආදරය අය නොවෙයි.මේ වැඩ සටහන මෙහෙයවන්නත් එසේමයි. (ත)
මනාප ක්‍රමය නැත්නම් ඔබතුමා ගෙදර . ආසනේ පරාදයි. (ත)
උප අගමැති සිහිනය (ත)
කොහොමත් ඔය නිමල් ඇනිමල් තමයි, ඇනිමල් කියුවට මඩේ ලගින අර ලොකු ඇනිමල් කෙනෙක්! (බ)
රටම විනාශ කරපු හොර පවුලට පන දෙන්න යනවා. (ස)
සිරිසේනට කලින් මෙයා පනින්න හිටියේ. මොකක්දෝ කරුමයකට මේකා පැන්නෙ නැහැ, මේ දවස් වල මෙයාල බයවෙලා ,මහින්ද මහතා වෙනුවෙන් තියන මිටින් වල සෙනඟ දැකල. (ස)
රටේ මොන විදියේ තරාතිරමක පුද්ගලයෙක් උනත් මෙවැනි විදියට ආමන්ත්‍රණය නරකයි.රටේ ජනමාධ්‍ය නරක ආදර්ශයක් ජනතාවට දෙනවා. ඇනිමල් කියන එකේ තේරුම දන්නේ නැත්තනම් සමාව දෙනවා ඔයාට. (ස)
ළමයි වඩාගෙන මිනිසුන්ට කරුණාව පෙන්වීමෙන් මහත්මයෙකුයි ඔබ සිතනවානම් ඔබ මංමුල වෙලා (ත)
විපක්ෂ නායකතුමා (දිල්)
මේකේ කමෙන්ට් දාන කට්ටියට නිමල් අරහන් උනාට බදුල්ල ගොඩනැගුවේ නිමල්. බදුල්ලේ මිනිස්සු කොළඹ නුවර යන්නේ නැතිව බදුල්ලෙන්ම බෙහෙත් ටික ගන්නවා. බදුල්ල පැරදුනේ එක්කෙනෙක් මෙයාට ගොඩක් අරියාදු කළ නිසයි. (ත)
මොහු ඉතා උගත් මහත්මයෙක්.(හේ)
රැස්වීම්වල සෙනඟ හිටියා නම් ඇයිද දන්නේ නෑ නේද පැරදුනේ? (ත)
නිහතමානිකම තමයි සිංහයාගේ ලක්ෂණේ. (ත)