රටේ ගෞරවය හා සම්ප්‍රදාය රකිමින් මහින්ද රාජපක්ෂ මහතා අභිනව ජනාධිපතිට බලය පැවරීමට ගත් තීරණයට ගරු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
නව ජනාධිපති ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ලෙසත් පුරවැසියකු ලෙසත් බලාපොරොත්තුවන බව ඔහු කීය.
1982 සිට ජනපතිවරණ 7ක් පැවැත්වීමට සම්බන්ධවූ තමා සාධාරණ හා අපක්ෂපාතී මැතිවරණයක් පැවැත්වීමේ සියලු ගෞරවය තම නිලධාරීන්ට හා පොලිසියටද යම් අඩුපාඩුවක් වෙතොත් එය තමාද බාර ගන්නා බව දේශප්‍රිය මහතා කීවේය.
ඡන්ද ගැටුමකදී කහවත්තේදී මිය ගිය ඡන්ද දායකයා වෙනුවෙන් සොව පළ කළ කොමසාරිස්වරයා ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය ශක්තිමත් කිරීමට පාලකයන්ගේ හා මහජනයාගේ සහය පතන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියට ගරු කිරීම මෙහෙම වෙන්නේ කොහොමද (දිල්)
මැතිවරණ කොමසාරිස් තුමාට ජාතියේ ප්‍රණාමය. (ර)
කොමසාරිස්තුමන් සදහන් කල පරිදි ජනතාවට දුන් පොරොන්දු ඉටුකල යුතුයි. (ර)
මහින්ද රාජපක්ෂ මහතා රටට ලබාදුන් නිදහසේ කිසිම අඩුවක් වෙලා නෑ, ඒ ගෞරවය සදාකාලිකව, ජාතිය ඔබට හිසනමා පුදකරනවා. ඔබතුමා නව ජනාධි පති හට සහාය වෙන්න, රට හා ජාතිය ඔබට නය ගැතී. (ර)
හොද මැතිවරණ රාජකරියක් ඉටුකළ ඔබ තුමාට සහ සියලු කර්ය මඩුල්ලට ස්තූතියි.(හේ)
හොද වැඩක් මැතිවරණ කොමසාරිස් තුමණි.(හේ)
ඔබ තුමාගේ රාජ්‍ය සේවය ඉතාම ප්‍රසංසනීයයි.(හේ)