IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඡන්ද කොමසාරිස් විශ්‍රාම යයි

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ඉකුත් සිකුරාදා (05) වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අතර ඒ අනුව ඔහුට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමට සිදුවී ඇත.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යඨවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ කොමිසම පත්වන තුරු ඔහුට මැතිවරණ කොමසාරිස් ධුරයේ රාජකාරි කළ හැකි බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ජනවාරි අට වැනි දා පැවැති ජනාධිපතිවරණය අපක්ෂපාතීව හා සාධාරණව පැවැත්වීමට ගත් උත්සාහ ගැන දේශප්‍රිය මහතාට බොහෝ දෙනෙක් තුති පුද කළහ.



අදහස් (0)

ඡන්ද කොමසාරිස් විශ්‍රාම යයි

රාජ් Monday, 08 June 2015 04:06 AM

වැරදි වැඩ සිදුවන තැනක, එම වැරදි නවත්වන්න පගාව ගත්තොත් අහු වෙනවද? (බ)

:       0       0

ජයන්ත Monday, 08 June 2015 04:36 AM

සුබ උපන් දිනයක් මැකෝ! (නි)

:       0       0

ගයාන් Monday, 08 June 2015 05:04 AM

ජේ.ආර් සහ රනිල් ට පසු මම දුටු තීක්ෂණ බුද්ධිය සහිත උපායශීලීම පුද්ගලයා මහින්ද දේශප්‍රියයි. සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා! (නදී)

:       0       0

නලින් Monday, 08 June 2015 05:26 AM

ඔබ ඉතා ඵඩිතර පුද්ගලයෙක්. (ස)

:       0       0

අප්පුහාමි Monday, 08 June 2015 05:46 AM

ගයාන් මහත්තයෝ කෙලින් වැඩ කරපු කොන්ද පණ ඇති මේ මහත්තයාව එක එක ගොබිලන්ගේ සම තත්වයට දාන්න එපා (බ)

:       0       0

සේන Monday, 08 June 2015 05:47 AM

මෙතුමාගේ සේවය රටට තවත් දුරටත් අවශ්‍යයි (නදී)

:       0       0

දුමින්ද Monday, 08 June 2015 05:57 AM

ජනමතයේ කැඩපත (ම)

:       0       0

.සුරනිමල Monday, 08 June 2015 06:01 AM

අපේ කාලයේ දුටු කොන්ද පන තියෙන ශ්‍රේෂ්ට රාජ්‍ය නිලධරයෙක් .ඔබතුමාට දීර්ගායු ලැබේවා (ම)

:       0       0

ශාන් Monday, 08 June 2015 06:19 AM

සේවා දිගුවක් දීල තියා ගන්න වටිනා මහත්මයෙක්.(නදී)

:       0       0

මලික් Monday, 08 June 2015 06:40 AM

මෙතුමා නිසා තනතුර බැබළුණා.දුෂ්කර කටයුත්තක් තමයි භාර ගෙන අකුරටම ඉටු කලේ . (කේ)

:       0       0

කිත්සිරි Sunday, 07 June 2015 06:28 PM

අනේ ඔබතුමා නම් යන්න එපා (නි)

:       0       0

අනිල් Monday, 08 June 2015 07:09 AM

ඔබ තුමා ගෞරවණිය රජ්‍ය සේවාවක් ඉටු කිරිම ගැන මාගේ හෘදාංගම ස්තුතිය දිර්ගායුෂ වෙවා (ම)

:       0       0

නිමල් ජයසිංහ Monday, 08 June 2015 07:11 AM

මිනිහ සාධාරණ කෙනෙක් (ම)

:       0       0

නිහාල් Sunday, 07 June 2015 08:30 PM

ඔබට යහපතක්ම වේවා! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 07 June 2015 09:04 PM

මොහුට එහෙම කරන්න ශක්තිය ආවේ රටේ ජනතාවම චෞරයන්ට එරෙහිව නැඟීසිටි නිසයි. (නි)

:       0       0

ප්‍රේමදාස Monday, 08 June 2015 07:34 AM

යුක්තිගරුක රාජ්‍ය සේවකයෙකු ලෙස ඉතිහාස ගතවෙනු නියතය (ම)

:       0       0

සුදෙල්මි Monday, 08 June 2015 07:36 AM

ගයාන් මේ වගේ අභිමානවත් එඩිතර අපේ කාලයේ අපි දැකපු රත්රන් මනුස්සයෙක් හොර දේශපාලකයන්ගේ නම්වලට සසදන්න එපා එක මෙරටේ මුතුවන් අතලොසක් රජයේ සේවකයන්න්ට කරන අවනම්බුවක් (ම)

:       0       0

ගාමිණී Sunday, 07 June 2015 10:18 PM

ඔබට මගේ සුබපැතුම්! (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 June 2015 11:02 PM

නිර්භීත මැකෝ , සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන තවත් බොහෝ කල් ඔබ ජීවත්වේවා! (නි)

:       0       0

තිස්ස Monday, 08 June 2015 12:52 AM

සුබ උපන් දිනයක් වේවා! (නි)

:       0       0

සඳුන් Monday, 08 June 2015 01:00 AM

මෙතුමා ඡන්දයට කලින් හරිම අමුතු කතා කිය කියා හිටියා. අපි හිතුවේ ඡන්දෙටත් ඒ ටිකම තමා කියලා. නමුත් ජනතා රැල්ලත් සමඟදෝ හරි කෙළින් වැඩ කළා. ඔබට අපේ ආචාරය! (නි)

:       0       0

නිමාෂා Monday, 08 June 2015 01:03 AM

සුබ උපන් දිනයක්! ආයු බෝ වේවා! (නි)

:       0       0

ජනක Monday, 08 June 2015 01:29 AM

ඉන්න ඉන්න යන්න එපෝ! (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 08 June 2015 02:01 AM

අඩුම වශයෙන් ඊළඟ මැතිවරණය අවසන්වනතුරුවත් මෙතුමාගේ සේවය මේ රටට ලබාදීමට ඉඩදිය නොහැකිද? (නි)

:       0       0

සුදෙල්මි Monday, 08 June 2015 02:22 AM

රජයේ සේවකයකු උන මගේ පියාණන් හැමදාම වැඩකලේ රටේ මිනිසුන් වෙනුවෙන් මිස හොර පොලිටික්කන් වෙනුවෙන් නොවේ. එහෙම බලද්දී අපේ කාලේ අපිට තියෙන හොදම ජීව මාන ආදර්ශය ඔබතුමා. රටේ සාධාරණය වෙනුවෙන් හඩ නගන අපි හැමගේම අාශිර්වාද්‍ය ඔබටයි පියාණෙනි (නදී)

:       0       0

මඩිගපොළ ෆොන්සේකා Monday, 08 June 2015 02:39 AM

සුබ උපන් දිනයක් වේවා ඉන්න ඉන්න ඉන්න ඉන්න මොහුට එහෙම කරන්න ශක්තිය ආවේ රටේ ජනතාවම චෞරයන්ට එරෙහිව නැඟීසිටි නිසයි. ඔබට යහපතක්ම වේවා! (නදී)

:       0       0

සත්‍යයා Monday, 08 June 2015 02:45 AM

මැකෝ යන ආදරණීය නමින් ඔබ අමතන්න ජනතාව පෙළඹීම ඔබට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. මහා බලවතාට බිය නොවී ජනතාවගේ පරමාධිපත්‍යය වෙනුවෙන් ඔබ කල උදාර මෙහෙයට සිරි ලක් ජනතාව ඔබ ට සදා ණය ගැතියි. දීර්ඝායුෂ ලැබේවා! (නදී)

:       0       0

ජෙහාන් Monday, 08 June 2015 02:58 AM

ඇයි මෙතුමාගේ වයස විතරක් ප්‍රශ්නයක් වෙන්නේ? හැට පැනලා හොට බිම ඇනිලාත් ලොකු පුටුවල සමහරු වාඩිවෙලා හිටියේ. හැට පැන්නත් ඉලන්දාරියෙක් වගේ බය නැතුව කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කළ මෙතුමාව සේවා දිගුවක් දීලා තියාගන්න ඕනෑ නේද? (නි)

:       0       0

සරසි Monday, 08 June 2015 03:02 AM

රාජ්‍ය සේවය උඩට නග්ගවා සියල්ලන්ගේම ගරු සැලකිලි අරන් දුන්න අතලොස්සක් රාජ්‍ය නිලධාර්න්ගෙන් එක්කෙනක්. ඔබ තුමා නිදුක් නිරෝගිව චිරාත් කාලයක් උපන් රටට මෙහෙවර කලයුතු කෙනෙක්. (ම)

:       0       0

පියලාල් Monday, 08 June 2015 10:06 AM

මහින්ද ජනපති පත් කළේම අවංක නිලධාරීන්. (ම)

:       0       0

අභය Monday, 08 June 2015 03:43 AM

කිසිම විටක තරහෙන් කේන්තියෙන් ඉන්න කෙනෙක් නම් නෙවයි හරිම ප්‍රසන්න මහත්මයෙක් ඔබට දිගාසිරි (ම)

:       0       0

වාසල Monday, 08 June 2015 03:44 AM

සුභ උපන් දිනයක් වේවා. සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site