ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පවත්වා ගැනීමට බාධාකාරී වන 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්වාධීනත්වය සීමා කොට තිබිය දී පවා මැතිවරණ කොමසාරිස්, අතිරේක කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම ජනාධිපතිවරණය නිදහස්ව, සාධාරණව සහ සාමකාමීව පැවැත්වීමට ගත් උත්සාහයට පැසසුමට ලක් කරන බව නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය කියයි.