පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අවම මිට්ටමක පවතින බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති. පෙර මැතිවරණ හා සැසඳීමේ දී ඡන්දය දීමට පැමිණෙන අයගේ ප්‍රමාණය ඉතාම අඩු බව පොළොන්නරුව, අම්පාර, අනුරාධපුර, මඩකළපුව, රත්නපුර, ත්‍රිකුණමලය හා කෑගල්ල අප වාර්තාකරුවෝ කියති.
අද පෙරවුරු10.30 පමණ වන විටඅනුරාධපුරයේ සියයට 20 -25ත් අතර ප්‍රමාණයක් ද පොළොන්නරුවේ සියයට 8.9 පමණ ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිලධරයෝ කියති.
කිසිදු කලබලකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැත.
අපේක්ෂකයෝ 108 දෙනකු තෝරාගැනීම සඳහා අපේක්ෂකයෝ 3073 දෙනෙක් තරග කරති. නැගෙනහිර, සබරගමුව හා උතුරුමැද පළාත් හි මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ තිස් තුනකි.
විස්තර හා ඡායාරූප
(ජවුෆර් ඛාන්, අම්පාර වාර්තාකරු, ක.ග. කරුණාරත්න, අජිත්ලාල් ශාන්තඋදය, අතුල බණ්ඩාර, අමදෝරු අමරජිව රොහාන් කුමාර, රෝහණ චන්ද්‍රදාස )
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඡන්ද උනන්දුව හොඳටම බැහැලා
අමිල කටුනායක Saturday, 08 September 2012 11:25 AM
හවස් වෙද්දි 75 %
සනුල් Saturday, 08 September 2012 11:27 AM
ඡන්දය දැමිමෙන් වැළකී සිට, රටට බරක් වු පළාත් සභා ක්‍රමයට විරෝඨය දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනව.(ස)
රාජා Saturday, 08 September 2012 11:36 AM
ඉදිරියේදී ඡන්දේ දෙන එකක්ම නැහැ. (ස)
දිලාන් Saturday, 08 September 2012 11:38 AM
ප්‍රශ්නයක් නෑ.ඔක්කොම හරි.(ස)
නුවන් Saturday, 08 September 2012 11:39 AM
ප්‍රථිඑල දන්න නිසා ඡන්දය පාවිචචි නොකිරීම බුද්ධිමත් ක්‍රියාවක්..(ස)
වරුණ Saturday, 08 September 2012 11:53 AM
මේවා මිනිස්සුන්ට තිත්ත වෙලා දැන් .මොකටද ජනතා සේවයට මේ තරම් මරාගන්නේ..අනුන්‍ට රටේ සාරය උරා ගන්න අපි මොකටද ඡන්දේ දෙන්නේ (ස)
දුමින්ද Saturday, 08 September 2012 11:57 AM
හිනාවෙන්නේ හිනා නොවී බැරි කමට (දී)
ශෂිකලා Saturday, 08 September 2012 12:13 PM
මේවා මිනිස්සුන්ට තිත්ත වෙලා දැන් .මොකටද ජනතා සේවයට මේ තරම් මරාගන්නේ..අනුන්‍ට රටේ සාරය උරා ගන්න අපි මොකටද ඡන්දේ දෙන්නේ (ස)
කුමාර Saturday, 08 September 2012 12:20 PM
බලන්නකෝ තව ඉස්සරහට මොකද වෙන්නේ කියල (දී)
මොහොමඩ් රිස්වාන්, සෞදි Saturday, 08 September 2012 12:22 PM
කොහොමත් සවස් වනවිට රට ඉන්න අපගේ ඡන්ද ටිකත් වැටේවි (ස)
සම්පත් Saturday, 08 September 2012 12:19 PM
අයියෝ සල්ලී..(ස)
අතුල Saturday, 08 September 2012 12:26 PM
මේක මිනිස්සු ඉල්ලපු ඡන්දයක් නෙමෙයි .අපි ලෝකෙට පෙන්නන්න ඕන මේක තේරුමක් නැති වැඩක් බව..(ස)
වරුණ Saturday, 08 September 2012 12:20 PM
ප්‍රශ්නයක් නෑ.ඔක්කොම හරි.හවස් වෙද්දි 75 % (ස)
ආනන්ද Saturday, 08 September 2012 12:30 PM
දුර්වල විපක්ෂය ගැන කලකිරිලද ? (ස)
ආනන්ද Saturday, 08 September 2012 12:41 PM
මේකට වග කියන්න ඕනෑ විපක්ෂයයි. (නි)
නිහාල් Saturday, 08 September 2012 12:47 PM
හවස් වෙනකොට ගානට ඡන්ද පෙට්ටි ටික පිරෙයි..(ස)
සෙහාන් Saturday, 08 September 2012 12:51 PM
කියන්නත් දෙයක්යැ. මෙවෙන දේවල් එක්ක (දී)
රජීන්ද්‍ර Saturday, 08 September 2012 12:51 PM
ප්‍රශ්නයක් නැහැ. කොළඹින් ආපු ඡන්දදායකයෝ ඡන්දෙ පාවිච්චි කරන්න සංචාරක බංගලාවල සහ වෙනත් රජයේ ආයතවල රෙඳි සිටිනවා ඡන්දෙ පාවිච්චිකරලා ප්‍රජතන්‍ත්‍රවාදය රැකගන්න.
ෂිරාස් Saturday, 08 September 2012 12:57 PM
ජනපතිට සහය දක්වන්න කියලා නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලනවා. (නි)
සරත් Saturday, 08 September 2012 01:41 PM
රාත්‍රී පුවත්වලටනම් මේක 85%ටත් වැඩිවෙයි...!(නු)
Cooray Nawalage Jude Yohan Saturday, 08 September 2012 06:52 PM
මේ විදියට ගියාම අර කැළණි සභාපතිතුමා කියපුවා ඇත්ත වෙනවා..!!(නු)