සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් (ZHANG BINGNAN) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය (Port City) කේන්ද්‍ර කරගෙන මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා විය.
ජනාධිපතිවරයාගේ දූරදර්ශී වැඩපිළිවෙළ විදේශ ආයෝජන දිරිගැන්වීමෙහිලා ප්‍රධාන සාධකය බවට පත් වී තිබෙන බව සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානීහු මෙහිදී පෙන්වා දුන් අතර, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පවතින ඉහළ විශ්වාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් විශාල ආයෝජන අවස්ථා රැගෙන ඒමට කටයුතු කරන බවද සඳහන් කළහ.
මීට අමතරව, මෙරට පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ සැපයුම් සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උනන්දුවෙන් පසුවන බවත්, ශ්‍රී ලංකාව එම අංශවල වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගත හැකි බවත් මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.
ආයෝජන අවස්ථාවලදී 90%ක් දේශීය ශ්‍රමය යොදා ගන්නා බවත්, එමගින් විශාල පිරිසකට රැකියා නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවටත් චීන සමාගම් ප්‍රධානීහු මෙහිදී සහතික විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd