IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


චෙස් සිහිනය සැබෑ කර ගැනීමට වසර හතක් තිස්සේ බදු ගෙවනවා

චෙස් ක‍්‍රීඩාවෙන් ඉහළම අන්තර්ජාතික සම්මානය හිමිකර ගෙන සිටින එකම ශ්‍රී ලාංකිකයා සුනීතා විජේසුරිය මහත්මිය ලෙස හැඳින්වීම නිවැරදිය. ඇය 1992 වසරේ පැවැති චෙස් ඔලිම්පියාඞ් තරගාවලියේදී රන් පදක්කම දිනාගත් අතර එම අවස්ථාව ළගාවීමටවත් ශ්‍රී ලංකා චෙස් ක‍්‍රීඩකයකුට හෝ කී‍්‍රඩිකාවක මේ දක්වා සමත්වී නොමැත. සුනීතා මහත්මිය, ඔලිම්පියාඞ් චෙස් රන් පදක්කම දිනා වසර 20 ක් ගෙවී යන මෙම වසරේදී ඇයගේ සභාපතීත්වයෙන් යුත් ලංකා චෙස් පදනම සුවිශේෂී කටයුත්තකට අද (19) මුල පුරයි. එදා මෙදා තුර චෙස් ක‍්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් පෑ මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනකුට උපහාර පිරිනැමීමට සුනීතා මහත්මිය එහිදී ඉදිරිපත්ව සිටීම එම සුවිශේෂී කටයුත්තයි. චෙස් ක‍්‍රීඩාව උදෙසා මුලස්ථානයක් පවත්වාගෙන යාමට ඉඩමක් ලංකා චෙස් පදනමට රජයෙන් ප‍්‍රදානය කර තිබෙන අතර එම ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා වසර 7 ක සිට තමන් බදු ගෙවමින් සිටින බවද සුනීතා මහත්මිය ලංකාදීපයට විශේෂ පිළිසඳරකට එක්වෙමින් පැවසුවාය. ඇය මෙරට අනාගත චෙස් ක‍්‍රීඩාවේ දියුණුව උදෙසා එම ස්ථානයේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට තමන් දැන් වසර හතක කාලයක් තිස්සේ වෙහෙසෙන බවයි. ‘‘චෙස් පදනමේ අට වැනි සංවත්සරය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදී එවකට නාගරික සංවර්ධන ඇමැතිව සිටි දිනේෂ් ගුණවර්ධන මහතා, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මේ බව දන්වා කැබිනට් අනුමැතියෙන් කොළඹින් ඉඩමක් චෙස් පදනමට ලබා දුන්නා. එතැන් සිට රුපියල් 95,000 ක මුදලක් වසරක් බදු ලෙස අප ගෙවා තිබෙනවා. මේ ඉඩම ලබාදීම ගැන මම ජනාධිපතිතුමාටත්, දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාටත් ස්තූතිවන්ත වෙනවා යැයි සුනීතා මහත්මිය පැවසුවාය. දරුවන්ගේ බුද්ධිය වඩන ක‍්‍රීඩාවක් වන චෙස් ක‍්‍රීඩාවේ සංවර්ධන උදෙසා ගොඩනැගිල්ලක් ඉදි කිරීම අපේ අපේක්‍ෂාවයි. ඒ සඳහා උදවු කිරීමට හැකි නම් ග‍්‍රෑන්ඞ්මාස්ටර්ලා බිහි කිරීමේ අඩිතාලම අපට දමන්න පුළුවන් යැයිද ඇය වැඩි දුරටත් පැවසුවාය. වයස් කාණ්ඩ යටතේ දහස් ගණන් පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් චෙස් තරග සඳහා ඉදිරිපත්වන බවත්, තරග පැවැත්වීමට නියමිත ස්ථානයක් නොමැති කමින් පාසල්වල තරග පැවැත්වීම සිදු කරන බවත් සුනීතා මහත්මිය කීවාය. ‘‘පාසල් තුළ තරඟ පැවැත්වීමට හැකි වන්නේ සති අන්තයේදීයි. ඒ වෙද්දී දරුවන්ට අමතර පංති සහ දහම් පාසල් යාම නවතිනවා. චෙස් ක‍්‍රීඩාව පවත්වාගෙන යාමට සුදුසු ස්ථානයක් තිබුණානම් මේ ගැටලූ ඇති වෙන්නේ නැහැ’’ ඇය පෙන්වා දෙයි. ඔලිම්පියාඞ් චෙස් රන් පදක්කම දිනා ගැනීමත්, උපහාර උත්සවයත් පිළිබඳව ඇය මෙසේ පැවසුවාය. ‘‘චෙස් ක‍්‍රීඩාවේ ඔලිම්පික් තරගාවලිය ඔලිම්පියාඞ් තරගාවලියයි. 1992 වසරේ ලෝකයේ රටවල් 102 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 860 නෙක් සහභාගි වු ඔලිම්පියාඞ් තරගාවලියේදී රන් පදක්කම මම දිනාගත්තා. ලෝක චෙස් සම්මේලනයෙන් රන් පදක්කම් 20 ක් පිරිනැමු මෙම තරගාවලියේදී 19 ක්ම රුසියානු ජාතික චෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හිමිකර ගත් බවත්, සමස්ත ආසියාව වෙනුවෙන් එකම රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩිකාව ලෙස තමන් එදා ශ්‍රී ලංකාවට පැමිණි බවත් සුනීතා මහත්මිය පැවසුවාය. ‘‘එදා මම ඔලිම්පියාඞ් රන් පදක්කම අරන් මවුබිමට පා තබන විට මාව පිළිගන්න පැමිණියේ පවුලේ පිරිස පමණයි. කොළඹ සහ මහනුවර පාසල් කිහිපයක විතරයි හොඳින්ම ක‍්‍රීඩාව එදා වර්ධනය වී තිබුණේ. කොටිකාවත්ත රාජසිංහ මහ විදුහලේ ආදී ශිෂ්‍යාවක වන මම එහිදී ඉංග‍්‍රීසි ගුරුවරයා වු ඩබ්ලිව්.ඒ.ඞී. ද සොයිසා ගුරුතුමා ගල්කිස්ස චෙස් සමාජයෙන් චෙස් ක‍්‍රීඩා පුවරු කිහිපයක් ගෙනල්ල අපේ පාසලට චෙස් ඉගැන්නුවා. ‘‘එදා අපට පහසුකම් තිබුණේ නැහැ. අද නම් අන්තර්ජාලයෙනුත් තොරතුරු ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ අන්තර්ජාතික පුහුණුකරුවන් ඉන්නවා. පොත්පත් තිබෙනවා. එදා ගුරුතුමා ලබාදුන් පුහුණුව පමණයි අපට ලැබුණේ. අපි එදා ක‍්‍රීඩා කළේ නිවැරදිව කාලය සපුරාගෙන ප‍්‍රතිවාදියාගේ සැලසුම් තේරුම්ගෙන තරග කිරීමයි. වර්තමානයේ ඔලිම්පියාඞ් තරගවලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි වුණත් පදක්කමක් දිනා ගන්නා අපට හැකිවී නැහැ. අන්තර්ජාතික චෙස් නිල නාමයන් රැසක් මේ වෙද්දී අපට ලැබී තිබෙනවා. එම තත්ත්වයන් ලබාගන්නත් තරගකාරීත්වය වැඩි නිසාම යම්කිසි කැපවීමක් කිරීමට අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිදුවෙනවා යැයි’’ ද ඇය කියා සිටියාය. ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය ලබා සිටින ජාතික චෙස් ශූරි සචිනි රණසිංහ, මගේ රුසියානු මධ්‍යස්ථානයේ පුහුණු පාසලට පැමිණියේ ඇයට වයස 4 ක් වැනි කාලයකදී. එදා සිට අවුරුදු හතක් පමණ චෙස් මුලික අධ්‍යාපනය ලබා දුන්නේ මමයි. ප‍්‍රමෝද්‍යා සේනානායක, සුපෙසලා තිලකවර්ධන යන පිඬේ මාස්ටර් තත්ත්වය හිමිකරගත් ක‍්‍රීඩිකාවන් දෙදෙනාටම මුලික පුහුණුව තමන් යටතේ ලැබුණ බවද ඇය කීවාය. ‘‘1998 වසරේ සිට වසර 14 ක් තුළ සමස්ත ශ්‍රී ලංකාව තුළ චෙස් පුහුණු වැඩමුළු 400 ක් පමණ අප පවත්වලා තියෙනවා. හැබැයි ඒ රුසියානුවන්ගේ මුදල් වලින් නම් නෙමෙයි. මම අවුරුදු 10 ක් ජාතික චෙස් ශූරිය වුණා. මට අවශ්‍ය වුණා මම ලබාගත් ජයග‍්‍රහණයෙන්, දැනුමෙන් රට පුරා චෙස් ක‍්‍රීඩාව දියුණු කරන්න. මම රුසියානු මධ්‍යස්ථානය සහ එක්වුණේ එම ගමන්මග සකසා ගැනීමටයි. ඔවුන් මට මුදල් ආධාර දෙන්න බැහැ පුහුණු පාසල පවත්වාගෙන යන්න ස්ථානය ලබා දෙන්න ඔවුන් එකඟ වුණා. අපට ග‍්‍රෑන්ඞ්මාස්ටර්වරු ලංකාවට ගෙනැල්ල වැඩමුළු පවත්වන්න පුළුවන් වුණා යැයිද සුනීතා මහත්මිය කීවාය. තමන්ගේ එකම අපේක්‍ෂාව මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකර මෙරට චෙස් ක‍්‍රීඩාවේ අනාගත පරපුරට ශක්තියක්වීම බව ඇය පැවසුවාය. මේ සම්බන්‍ධ වැඩි විස්තර 0712726210 යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය. සුනීතා විජේසුරිය (ඡායාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

චෙස් සිහිනය සැබෑ කර ගැනීමට වසර හතක් තිස්සේ බදු ගෙවනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site